Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

සල්ලාලයන් අතින් අතට යැවූ දැරියක් මහ මඟදී දරුවෙකු බිහි කරයි – සංවේදී දසුන් සහිතයි VIDEO

ඉන්දියාවේ පර්කන්ට් ප්‍රාන්තයේ සහරාවිලා ප්‍රදේශයෙන් අතිශය සංවේදී පුවතක් වාර්තා වනවා.

ඒ, මව්පියන්ව අහිමිව අසරණව මහ පාරේ දරුවෙකු වැදූ 17 හැවිරිදි දැරියක් පිළිබඳවයි.

පියා නොමැතිව, අවිවාහක මවකට දාව උපන් ඇය ඉතා කුඩා කාලයේ සිටම මහමඟ ජීවත්ව තිබෙනවා.

මේ දැරිය දස වැනි වියේදී පුද්ගලයෙකු අතින් දිගින්ට දිගටම දුෂණයට ලක්වී ඇති අතර දුෂකයාගේ මිතුරෙකු වූ තරුණයෙකු දුෂකයාගෙන් ඇයව මුදවාගෙන තම නිවසට කැඳවාගෙන ගොස් තිබෙනවා.

මේ තරුණයා විසින් කවදාහෝ විවාහ කරගන්නා බව කියමින් එවකට එකොලොස් හැවිරිදි වූ දැරිය සමඟ ප්‍රේම සම්බදතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර වසර හයක කාලයක් තිස්සේ ඇය සමඟ එකම නිවසක වාසය කර තිබෙනවා.

ඔහුගේ ඥාතියෙකුට අයත් මේ නිවසින් පසුගිය වසර හයටම ඇයට නිවසින් බැහැරව යාමට ඔහු ඉඩ දී නැහැ.

දැරිය ගැබ්ගෙන ඇති අතර එය දැනගත් පෙම්වතා ඇයව අතහැර ගොස් ඇති බවයි ඉන්දීය වාර්තා පවසන්නේ.

විවාහ පොරොන්දු දී තමන් හා අඹු සැමියන් ලෙස හැසිරුණ පෙම්වතා, දරුවෙකු කුසට දී මෙසේ පලා යාම ගැන දැඩි වේදනාවෙන් සිය නිවසේ කාලය ගත කරන විට නිවැසියන් ද ඇය ගර්භනී බව දැනගෙන තිබෙනවා.

එහිදී නිවැසියන් කර ඇත්තේ ඇයව නිවසින් එලවා දැමීමයි.

අනතුරුව මාස 4ක් ඇය මහ පාරේ සිගන්නියක් සේ ගත කර තිබෙනවා.

එසේ තිබියදී ඇයට පසුගිය 29 වැනිදා දරුවා ලැබීමට ආසන්න වී තිබුණා.

ඇය අදාළ වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගියද එහි බලධාරීන් ඇයව ප්‍රතික්ෂේප කර එලවා දමා ඇති බව සඳහන්.

අනතුරුව ඇය මහ පාර අයිනේම ප්‍රසුත වේදනාවෙන් පෙළෙමින් දරුවා බිහි කිරීමට උත්සාහ කළත් එය දුටු කිසිවෙක් ඇයගේ උදව්වට පැමිණ නැහැ.

අවසානයේ ඇය දැඩි වේදනා මැද මහපාරේ ම දරුවා බිහි කර තිබෙනවා.

බොහෝ වෙලාවකට පසුව පුද්ගලයෙකු පැමිණ කිහිපදෙනෙකුගේ ද සහය ඇතිව ත්‍රිරෝද රථයක දමාගෙන ඇයව මීටර් සියයක් පමණ දුරින් වූ වෛද්‍ය මධ්‍යස්ථානයට ගෙන යනවා.

පෙකණිවැල පවා සිරුරට සම්භන්දව තිබියදී මේ දැරිය, තම අලුත උපන් දරුවාත් සමඟ ඉතා අසීරුවෙන් ඇවිද යනවා.

වෛද්‍යවරු පවසන්නේ වයස අවුරුදු 17 ලාබාල මව ඉතා දුර්වල තත්වයක සිටින බවයි.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

The post සල්ලාලයන් අතින් අතට යැවූ දැරියක් මහ මඟදී දරුවෙකු බිහි කරයි – සංවේදී දසුන් සහිතයි VIDEO appeared first on CNEWS.LK News.



This post first appeared on C News, please read the originial post: here

Share the post

සල්ලාලයන් අතින් අතට යැවූ දැරියක් මහ මඟදී දරුවෙකු බිහි කරයි – සංවේදී දසුන් සහිතයි VIDEO

×

Subscribe to C News

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×