Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

මහත්වරුන්ගේ ක්‍රීඩාවට කළු පැල්ලමක් එක්කල කිරන් පොලාර්ඩ්ගේ පන්දු යැවීම VIDEO

කොදෙව් ක්‍රීඩක කිරන් පොලාඩ් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ බාර්බෙඩෝස් ට්‍රිනිඩන්ට්ස් කණ්ඩායම හා නෙවිස් පේට්‍රියට්ස් කණ්ඩායම අතර පැවැති තරඟයකදී කළ ක්‍රියාවක් සම්බන්ධයෙන් කාගේත් විවේඡනයට ලක්ව තිබෙනවා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කිරන් පොලාර්ඩ් නායකත්වය දරණ බාර්බෙඩෝස් ට්‍රිනිඩන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 128ක් ලබාගත්තා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නෙවිස් පේට්‍රියට්ස් කණ්ඩායම පන්දුවාර 7ක් තුළ කිසිදු කඩුල්ලක් නොදැවී තම ඉලක්කය ජයගනු ලැබුවා.

මෙහිදී කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ නෙවිස් ප්‍රේට්‍රියට්ස් ක්‍රීඩක ලුවිස් පන්දු 32කදී ලකුණු 97ක් ලබාගත්තේ ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 11ක් සහ හතරේ පහර 6ක් සමගයි.

තරඟයේ අටවන පන්දුවාර ක්‍රියාත්මක කිරීමට පැමිණියේ බාර්බෙඩෝස් ට්‍රිනිඩන්ට්ස් කණ්ඩයමේ නායක කිරාන් පොලාඩ් වන අතර, තරඟයේ ජයග්‍රහණය සඳහා නෙවිස් පේට්‍රියට්ස් කණ්ඩායමට ලබාගැනීමට තිබුනේ එක් ලකුණක් පමණි.

ඒ මොහොතේ පන්දුවට පහර දෙමින් සිටියේ එවින් ලුවිස්ය. ඔහු පන්දු 32 තුළ ලකුණු 97ක් ලබා ලොව විස්සයි 20 තරඟ ඉතිහාසයේ දෙවන වේගවත්ම ශතකය රැස්කිරීමේ බලාපොරොත්තුවෙන් පන්දුවට පහර දෙන්නට දෑස් දල්වාගෙන සිටියේ කිරාන් පොලාඩ්ගේ පන්දුවට මුහුණදීම සදහායි.

එහි විශේෂය වන්නේ ඔහුගේ අනිත් අන්තයේ පන්දුවට පහරදෙමින් සිටියේ ඉහතකී වාර්තාවේ හිමිකරු වන ක්‍රිස් ගේල්ය.

2013 වසරේදී IPL තරඟයකදී පන්දු 30ක් තුළ ශතකයක් රැස් කරමින් ක්‍රිස් ගේල් මීට ඉහතදී එම වාර්තාව තබා තිබෙනවා.

කෙසේ වෙතත් ලුවිස්ගේ සියලු බලාපොරොත්තු සුනු විසුණු කරමින් සිතා මතාම නිපන්දුවක් යැවීමට පොලාඩ් කටයුතු කළේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක් යැයි කියන ක්‍රිකට් ක්‍රීඩාවට කළු පැල්ලමක් එකතු කරමින්ය.

මෙම සිදුවීම් මහත් අපකිරීත්තියක් ගෙන දෙන්නක් බව බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ මෙන්ම විචාරකන්ගේ මතයද විය.

එහෙත් තම හිස දෙපසට වනවමින් පොලාඩ් වෙත සිය අප්‍රසාදය පළකළ ලුවිස් පසුව ඔහුට අතට අත දී ආචාර කළේ ඔහුගේ මහත්මා ගුණය මානව පිලිඹිබු කරමින්ය.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්.


cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

The post මහත්වරුන්ගේ ක්‍රීඩාවට කළු පැල්ලමක් එක්කල කිරන් පොලාර්ඩ්ගේ පන්දු යැවීම VIDEO appeared first on CNEWS.LK News.



This post first appeared on C News, please read the originial post: here

Share the post

මහත්වරුන්ගේ ක්‍රීඩාවට කළු පැල්ලමක් එක්කල කිරන් පොලාර්ඩ්ගේ පන්දු යැවීම VIDEO

×

Subscribe to C News

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×