Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ගැසට්ටුවේ නඩු විභාගයට සම්පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි (VIDEO)

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවමින් නිකුත් කළ ගැසට්ටුවට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් නඩු විනිසුරුවරුන් නව දෙනකු හෝ 11 දෙනකුගෙන් සමන්විත සම්පූර්ණ විනිශ්චය මණ්ඩලයක් හරහා විභාග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
 
හෙට පාර්ලිමේන්තුවේ දී කතානායරකවා විසින් අලුත් අගමැතිවරයකු පත් කරනු ඇතැයි ඇතැමුන් බලාගෙන සිටිය ද අගමැති හා ඇමැතිවරුන් පත් කිරීමේ පූර්ණ බලය ඇත්තේ ජනපතිට පමණක් බවත් ඇමැතිවරයා කීවේය.
 
නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ මල් පාරේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
 
මැති අමැතිවරු රැසක් ඊට එක්ව සිටියහ.
 
ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ අදහස් දැක්විය.
 
‘‘පාර්ලිමේන්තුව දේශපාලන ආණ්ඩු පෙරලියකට පසුගිය 26 වැනි දා භාජනය වූ බව අපි කළින්ම ප්‍රකාශ කළා. එවකට තිබුණු එක්සත් ජාතික පක්ෂයේ හා සන්ධානයේ ගිවිසුම අවසන් වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව  වසන් වුණා. එවැනි ගිවිසුමක අවසානයේ දී ආණ්ඩුව විසිරී යනවා. අග්‍රාමාත්‍යවරයා ඉවත් වෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමත්‍යවරයා ලෙස පත් කර අමාත්‍ය මණ්ඩලය පත් කළා. මේ අතර ජනාධිපතිත් අගමැතිත් අමාත්‍යමණ්ඩලයත් සාකච්ඡා කිරීමෙන් පසු මෙරට ඡන්ද දායකයන්ට උත්තරීතර පාර්ලිමේන්තුවක් අලුතින් පත් කිරීම සඳහා මහා මැතිවරණයක් ප්‍රකාශයට පත් කළා. ජනවාරි 05 මහ මැතිවරණ පවත්වන්න නිවේදනය නිනුත් කළා. පාර්ලිමේතුවක් විසිරවිය හැක්කේ ජනාධිපතිවරයාට පමණි. ඒ අනුව ඒ බලතල පාවිච්චිකරමින් රටේ ජතාවට අලුත් පාර්ලිමේන්තුවක් පත් කර රටේ ජනතාවට වඩා ශුබවාදී කිරීමට පාලිමේන්තු මැතිවරණයකට සූදානම් වීම ආරම්භ කළා. මේ අතරතුර  පිරිසක් පාර්ලිමේන්තු මැතිවරණය කැඳවීමේ නිවේදනය පැවැත්වීමේ ජනාධිපතිතුමාගේ ගැසට් නිවේදනය අභියෝගයකට ලක් කරමින් ශ්‍රෙෂ්ඨාධිකරණයට ගිහින් එය අවලංගු කරන ලෙස ඉල්ලා සිටියා. අද ශ්‍රේෂ්ඨාධිකරණය  එය තාවකාලික අත්හිටුවීමක් පමණක් කරලා තියෙනවා."

එම වීඩියෝව පහතින්,



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

ගැසට්ටුවේ නඩු විභාගයට සම්පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි (VIDEO)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×