Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

පාසල් නොයා 1000ට වැලි ගොඩදාන නිදන්වල ළමයි

 
අරලගංවිල, නිදන්වල ගම්මානයේ වෙසෙන   9,10,11,12,13 ශ්‍රේණිවල අධ්‍යාපනය ලැබිය යුතු වයසේ පසුවන පිරිමි දරුවන් පිරිසක්  මෙසේ දිනපතා පාසල් නොගොස් වැලි ගොඩ දැමීමට යාම නිසා අධ්‍යාපන කටයුතු අඩාල කර ගන්නා බව එම ප්‍රදේශවල විදුහල්පතිවරු පෙන්වා දෙත. ඔවුන්ගෙන් වැඩි දෙනා වයස අවුරුදු 13,14,15 වයස්වල පසුවන්නන් බව ද ඔවුහු පවසති. 
 
මාදුරු ඔය ජලාශයේ වාන් ඇළ ආශ්‍රිතව වැලි තො‍ටුපල පිහිටා ඇති අතර අත් ට්‍රැක්ටර් හා මහ ට්‍රැක්ටර් යොදාගෙන වැලි ගොඩ දමන බවද එක් අත් ටැක්ටර් වැලි ලෝඩ් එකක් සඳහා රුපියල් 1000ක් ලබා දෙන බවත් ඔවුහු පෙන්වා දෙති. මෙසේ ඇතැම් ළමුන් දිනකට රුපියල් 4000ත් 5000ත් අතර මුදලක් උපයන බවත් මුදල් ඉපයීම නිසා දෙමවුපියන් ද එම දරුවන් අධ්‍යාපනයට යොමු කිරීමට උනන්දු නොවන බවත් ඔවුහු පවසති.

මත්ද්‍රව්‍ය භාවිතයටත් ඇබ්බැහි වෙලා

මෙම වැලි තො‍ටුපලෙන් ළමයින් කණ්ඩායම් ගැසී වැලි ගොඩ දැමීමට අමතරව  කසිප්පු, ගංජා , බීඩි වැනි මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹී ඇතැයි ද ඔවුහු පවසති. කණ්ඩායම් වශයෙන් ගොඩ දමන ලද වැලි අත් ට්‍රැක්ටර් යොදාගෙන මගට ගෙනවිත් ගොඩ  බා එම ස්ථානවලින් වැලි ‍රැගෙන යාමට පැමිණි ලොරි රථවලට අලෙවි කරන බවත්  සදහා මවුපියන්ගේ සහයද ලැබෙන බවත් ඔවුහු කියති. මේ පිළිබදව වගකිව යුතු අංශ වෙත දැනුම් දී තිබෙන බවත් විදුහල්පතිවරු වැඩි දුරටත් පෙන්වා දෙති.
 
මේ පිළිබදව පසුගිය වසරේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමු‍ටු ‍රැස්වීම් හා ළමාරක්ෂක කමිටු ‍රැස්වීම්වලදී ද අවධානය යොමුකර තිබිණි. කෙසේ වෙතත් මේ පිළිබදව පොලොන්නරුව ජේශ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි විජේසේන මහතාගෙන් අපි විමසීමක් කළෙමු.
 
" පසුගිය කාලේ මේ පිළිබදව  ලොකු කතා බහක් සිද්ධ වුනා. අපි නිලධාරින් කණ්ඩායමක් යවලා පරික්ෂා කළා අවස්ථා කිහිපයකදීම. මේ වැලි ගොඩ දැමීමට යන එක නවත්තන්න දෙමව්පිය සහයෝගය අවශ්‍යයි. හොර රහසේ කරගෙන යන්නේ. පසුගිය කාලේ ඔබතුමාලත් මේ ගැන මාධ්‍ය මගින් කතා කළා. ඊට පස්සේ අඩු වුණා. ආයෙ එවැනි තත්තවයක් උද්ගත වෙලා ද කියලා මම නිලධාරින් කණ්ඩායමක් යවා පරික්ෂා කර බලන්නම්. අපරාදේ මේ ළමයින්ගේ අනාගතය අදුරු වෙනවා අධ්‍යාපනය ලබන්න ඕන කාලේ නිකරුනේ වෙනදේවල්වලට  යෙදවීමෙන්."
 
ප්‍රියන්ත බණ්ඩාර - පොලොන්නරුව 


This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

පාසල් නොයා 1000ට වැලි ගොඩදාන නිදන්වල ළමයි

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×