Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

අන්තර්ජාලය හරහා කොටස් ගනුදෙනු කිරීම (Online Stock trading and its benefits)

අන්තර්ජාලය හරහා කොටස් ගනුදෙනු කිරීමේ වාසි හා අවාසි
(Advantages and disadvantages of online stock trading)

දැන් දැන් හුඟක්ම ආයෝජකයින් අන්තර්ජාලය හරහා කොටස් ගනුදෙනු කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා, හේතුව තමයි දැන් විශාල වෙබ් අඩවි ප්‍රමාණයක් තිබෙනව, ඉක්මනින්ම පොහොසත් වෙන්න පුළුවන් කියල පොරොන්දු දෙන. කොහොම උනත් අන්තර්ජාලය හරහා කොටස් ගනුදෙනු කිරීමේ වාසි වගේම අවාසිත් තිබෙන බව මතක තබා ගත යුතුයි. කොටස් වෙළඳපළ කියන්නෙ හරිම සංකීර්ණ යන්ත්‍රයක් වගේ දෙයක්, හරියට, අදාල විදිහට ක්‍රියාත්මක කළේ නැතිනම් හරිම අවදානම් දෙයක්. 
ආයෝජන උපදෙස් නොදෙන තැරැව්කාර ආයතනයක් හරහා නම් ඔබ කොටස් ගනුදෙනු කරන්න හදන්නෙ, කොටස් වෙළඳපළ හා එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ඉහළ දැනුමක් ඔබට අනිවාර්යයෙන්ම තිබිය යුතු වෙනවා. නැතිනම් ඔබට ලාභයක් ගන්න නම් බැරි වේවි. තැරැව්කරුවෙක් කියන්නෙ කොටස් වෙළඳපළ හා සම්බන්ධ වී කොටස් ගනුදෙනු කළ හැකි ආයතනයක්. ඔබ තනිවම කොටස් ගනුදෙනු කළත් කරන්නෙ ඒ තැරැව්කරුවා හරහාම තමයි. (ලංකාවෙ සියළුම තැරැව්කාර ආයතනයන්ම ආයෝජන උපදෙස් ලබා දෙනවා, ඒ නිසා ඒ ගැන බයක් වෙන්න ඕනෙ නෑ.)


කොටස් මිලදී ගැනීම, විකිණීම සැලැසුම් සහගතව කළ යුත්තක්. ඒ එක්කම ඔබට පුළුවන් වෙන්න ඕනෙ, වෙලදපළ තත්වය සම්බන්ධයෙන් විශ්ලේෂනාත්මකව පරික්ෂා කරලයි කොටස් ගන්න/විකුණන එක තීරණය කරන්න ඕනෙ, අරක හොඳයි මේක හොඳයි කියල හිතෙන හිතෙන විදිහට කොටස් මිලට ගන්න නරකයි. එක එක තැරැව්කරුවන් එක එක විදිහෙ Trading Platforms (trading software) ලබා දෙනවා, ඒ එක එකක තිබෙන දේවල් වෙනස්. (සමහර ඒවයේ Market Analysis Reports පවා තිබෙනව, සමහර ඒවයෙ නෑ). ඔබට පරික්ෂා කරල බලන්න Demo account එකක් වගේ ගන්න පුළුවන් නම්, ඔබට පහසුවෙයි එක එක ඒවායෙ තිබෙන වාසි අවාසි දැනගන්න. (අවාසනාවට ලංකාවෙ නම් එහෙම ගන්න බෑ)

හොඳම ක්‍රමය තමයි, ඔබගේ උපදේශකගෙන් උපදෙස් ගන්න ගමන්ම, තමනුත් හොඳින් වෙළඳපළ අධ්‍යයනය කිරීම. එතකොට ඔබටත් පුළුවන් යම් තීරනයක් ගන්න, සහ ඔබගේ උපදේශකගේ තීරණයේ නිරවද්‍යතාවය තහවුරු කරගන්න. ඒත් එක්කම විශ්වාසයකින් යුතුව ආයෝජනයක් කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. 

ඒත් එක්කම ඔබගේ ඉලක්කය ගැනත් සිතිය යුතුයි, මම මීට පෙර ලිපියකත් ඒ ගැන කියල තියෙනවා, ඒ ඉලක්කයට අනුවයි ඔබ ක්‍රියාත්මක විය යුත්තේ. 


For the English viewers:

Nowadays, many investors prefer online stocks because there are so many websites out there that promise to be rich quickly. However, it must be remembered that there are advantages and disadvantages to trading on the Internet. The stock market is a very complicated machine that is, if not properly implemented, very risky. 
If you are looking for a stock deal through an investment advisory broker, you need to have a good knowledge of the stock market and its operations. Otherwise, you may not be able to make a profit. A broker is a company that deals with the stock market and can trade stocks. Even if you are trading your own shares through the same broker. (All broker-dealers in Sri Lanka offer investment advice, so don't worry about it.)
Purchasing and selling of shares must be planned. At the same time, you should be able to analyze the market situation and decide what to buy/sell, which is good. Each broker offers a variety of trading platforms, and things are different. (Some even have market analysis reports, some do not). If you can get a demo account to check it out, you'll find the advantages and disadvantages of each. (Unfortunately in Sri Lanka it is not possible)

The best way to do this is to study the market as soon as you consult your advisor. Then you can make a decision and verify the accuracy of your advisor's decision. At the same time, you have the ability to invest with confidence. 


At the same time, you should think about your goal, as I said in a previous article, and you should act on that goal. 




This post first appeared on Guide To CSE, please read the originial post: here

Share the post

අන්තර්ජාලය හරහා කොටස් ගනුදෙනු කිරීම (Online Stock trading and its benefits)

×

Subscribe to Guide To Cse

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×