Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

මහේන්ද‍්‍ර සිං දෝනි අයි.සී.සී නීති කඩකරයි?(PHOTO)

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කන්ඩායම අතර ඊයේ මොහාලිහීදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 141ක විශිෂ්ට ජයක් හිමිකරගනිමින් තරගාවලිය 1-1ක් ලෙස සමකරගැනීමට ඉන්දියානු කන්ඩායම සමත්විය. එහිදී  නායකත්වයේ ඔටුන්න සමග ජයග්‍රහණය අත්‍යඅවශ්‍යම මොහොතේදී ක්‍රියාත්මක වූ රෝහිත් ෂර්මා තෙවැනි වරටත් එක්‌දින තරගයකදී ද්විත්ව ශතකයක්‌ වාර්තා කරමින් එවැනි හපන්කමක්‌ කළ ලොව පළමුවැන්නා බවට පත්වූ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් පමණක්  ඉනිමට ඔක්‌සිජන් සැපයුවද අනෙක්‌ පිතිකරුවෝ යළිත් නීරස පිතිහරඹයක නිරත වුහ.

කෙසේ වෙතත් එම තරගයේ ශ‍්‍රී ලංකා ඉනිමේ 11 වැනි පන්දුවාරයේදී ඉන්දියානු කඩුලු රකින ක‍්‍රීඩක හිටපු නායක මහේන්ද‍්‍ර සිං දෝනි ව්‍යාජ ලෙස පන්දු රැුකීමෙහි නිරත වෙමින් අයි.සී.සීයේ ක‍්‍රිකට් නීති කඩ කල බවට මේ වන විට කතාබහට ලක්වෙයි. එම අවස්ථාවේ ඇන්ජලෝ මැතිව්ස් හා ළහිරු තිරිමාන්න පිතිරණයේදී යෙදී සිටි අතර මැතිව්ස්  පහරක් එල්ල කරමින් දෙවන ලකුණු සම්පුර්ණ කිරීම සදහා තම සීමාව වෙත දිවගියහ. එහිදී හතරේ සීමාව ආසන්නයේ සිට පිරිනැමූ පන්දුව කඩුලු රකින් ක‍්‍රීඩක මහේන්ද‍්‍ර සිං දෝනි  කඩුල්ල ආසන්නයේ සිට රැකගැනීමට සූදානම් වුවත් පසුව පන්දුව අත්හැරීමට තීරණය කළ අතර එය කෙලින්ම කඩුල්ලේ දැවටුනි.

ඉන් අනතුරුව විනිසුරු එය දැවීයාමක්ද යන්න සනාථ කර ගැනීමට සදහා එය තෙවැනි විනිසුරුට යොමු කළ අතර ප‍්‍රතිඵලය වුයේ මැතිව්ස් නොදැවුණු ක‍්‍රීඩකයකු ලෙස නම් කිරීමයි. කෙසේ වෙතත් එම ව්‍යාජ පන්දුරැකීම සම්බන්ධයෙන් විනිසුරුන්ගේ අවධානය යොමු නොවු අතර අයි.සී.සී ක‍්‍රිකට් ආයතනය 2017 ඔක්තෝම්බර් මස පළමුවැනිදා හදුන්වා දුන් නව නීති වලට අනුව ව්‍යාජ ලෙස පන්දුරැකීමෙහි නිරත වීමේ වරදට ප‍්‍රතිවාදීන් හට ලකුණු 05ක් පිරිනමනු ලබයි.







This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

මහේන්ද‍්‍ර සිං දෝනි අයි.සී.සී නීති කඩකරයි?(PHOTO)

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×