Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

මොනවද මේ IP Addresses කියන්නේ

ඔන්න මම කීව වගේම අද මම ඔයාලට වැදගත් දෙයක් අරගෙන ආවා.. ඊට කලින් මම මේක කියන්ඩ ඕනේ ...

මම ඔයාලට දෙන මේ ලිපි මම ඉගන ගෙන ඔයාලට දෙන්නේ .. මම මේවා අලුතෙන් ඉගන ගන්නේ .. මම දෙයක් දැනගත්ත ගමන් ඒකෙ හරි වැරදි බලලා ඔයාලට දානවා... ඒ නිසා අඩුපාඩු ගොඩාක් තියෙන්ඩ පුළුවන්... ඔයාලා අඩුපාඩුවක් දැක්කොත් කිසි ප්‍රශ්නයක් නැ මට පෙන්නලා දෙන්ඩ මොකද මමත් දන්නා දේ දෙනවා මිසක් මේ ක්ෂේස්ත්‍රයේ දක්ෂයෙක්නම් නෙමෙයි... ඉස්සරහට මට වැදගත් වෙන නිසා මම ඉගන ගන්නවා... ඉතින් මම කරන්නේ ඉගන ගන්න දේ ඔයාලට දෙන එක විතරයි.. හරි වැඩි කතා ඕනේ නැ.. අපි වැඩේට බහිමු...

මුලින්ම බලමු networking වල තියන එක එක කොටස් සවිස්තරව...

මම අද ip addresses ගැන කතා කරන්ඩ හිතුවා..

මොනවද මේ IP කියන්නේ...

Network එකෙහි ඇති එක් එක් උපාංග (computers, Network Devices .......... වැනි දෑ) එකින් එක හදුනා ගැනීමටත් එම එක් එක් උපකරණ එකින්එක සම්බන්ද කිරීමටත් මෙම IP Address බොහෝ සෙයින් වැදගත් වෙනව....

තවත් විදිහකට කීවොත් අපේ ගෙදරට ලිපිනයක් තියනවනේ .. අන්න ඒ වගේ network එක ප්‍රදේශයක් විදිහට ගත්තොත් computers, network devices තමා එම ප්‍රදේශයේ කාර්යාල , නිවාස, ගොඩනැගිලි වෙන්නේ... ඔන්න අපි එක ගෙදරක ඉදන් අනිත් ගෙදරට ලියුමක් යවනවා... එතකොට ලියුම යන්ද ඕනේ කොයි ගෙදරටද කියලා අදුර ගන්නේ ඒ ගෙදර ලිපිනයෙන්නේ.. අන්න ඒ වගේම තමා network එකෙදී එක් පරිගනකයක ඉදලා අනික් පරිගණකයට දත්තයක් යැවීමේදී එය ලැබිය යුතු නිවැරදි පරිගණකය හොයා ගන්නේ ip ලිපිනය මගිනුයි.. 

ඔයාලට තේරෙනවා ඇතිනේ අපිට ඕනි ඕනි විදිහට ගෙවල් වලට ලිපින ගන්ඩ බැනේ... අන්න ඒ වගේම network එකක් සැලසුම් කරද්දී අපිට ඕනි ඕනි විදිහට ip assign කරන්ඩ බෑ.. ඒකට පිළිගත්තු ක්‍රමවේදයක් තියනවා... අපි නිවැරදිව network එකක් සැකසීමේදී එකේ තියන devices ප්‍රමාණය network ගණන පිලිබදව සැලකිලිමත් වෙන්ඩ ඕනේ ...

ඔන්න ඔය විදිහට ip එක ගැන අදහසක් ගන්ඩකෝ...  ඉස්සරහට අපි IP ගැන තවදුරටත් කතා කරමුකෝ...

ඔන්න මම අදට නවතිනවා ... තවත් දවසක වටිනා ලිපියකින් හමුවෙමු.. ඔන්න comment නම් ඕනි හොදද ???....

සුබ දවසක් වේවා හැමෝටම ...


This post first appeared on Pariganaka Guruthuma, please read the originial post: here

Share the post

මොනවද මේ IP Addresses කියන්නේ

×

Subscribe to Pariganaka Guruthuma

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×