Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

Xpress Pearl අනතුරෙන් පගා ගැසීම පසුපස ගෝටාභයට සමීප කුප‍්‍රකට අයෙක්.. නැවේ කළු පෙට්ටියත් උස්සලා - චම්පික

සමාජ ඉනිමගේ ඉහළට යෑමට දරුවන්ට තිබෙන එකම අවස්ථාව වූ අධ්‍යාපනය අහිමි කිරීම විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ, උසස් පෙළ දරුවන්ට සිදු කරන ලද බලගතු අසාධාරණයක් බව 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මාස එකහමාරකට අධික කාලයක් තිස්සේ උසස් පෙළ විභාගයේ ඇගයුම් ක්‍රියාවලිය ඇදීගෙන යාම ඔස්සේ පාසල් සිසුන් මුහුණදෙමින් සිටින දැඩි අපහසුතාවය සම්බන්ධයෙන් 43 සේනාංකය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක දී රණවක මහතා මේ බව සඳහන් කළේය.
 
ආර්ථික අර්බුදය හමුවේ දරුණු ඛේදවාචකයකට මුහුණ දී සිටින පාසල් ගුරුවරුන් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට ආකර්ශණීය දීමනාවක් ගෙවීමෙන් තොරව ප්‍රශ්න පත්‍ර ඇගයීම් ක්‍රියාවලියට එක් කර ගත නොහැකි බව ද රණවක මහතාගේ අදහස වී තිබේ.

නවීන කළමනාකරණ ක්‍රම, පාඨමාලා, අලුත් අධ්‍යාපන ක්‍රමවේද, තාක්ෂණය මුසුකරගත්ත ක්‍රියාවලියක් රටේ අනාගතය සඳහා අත්‍යවශ්‍ය බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

“උසස් පෙළ ලියපු දරුවෝ සාමාන්‍ය පෙළ ලියන කාලේ ඉඳන්ම මේ රටේ කෝවිඩ් ව්‍යාප්තිය,  ඔන්ලයින් අධ්‍යාපනය බිඳ වැටීම. ඒ අතරට ආ ආර්ථික කඩා වැටීමත් එක්ක ගිය වසරේ ඇතිවූ සිදුවීම් ජාලය. මේ සියල්ලටම ඉතාම බරපතල ලෙස මුහුණ දුන්නා. ඒ විතරක් නෙවෙයි මෙවර ඔවුන් අධ්‍යාපනයව් ලබලා විභාගය ලියන අවස්ථාවේදී විදුලි කප්පාදුවක් කරගෙන ගියා. විදුලිබල මණ්ඩලයට, විදුලිබල අමාත් යාංශයට පැහැදිලි හැකියාවක් තියෙද්දී ජල විදුලි ඒකක තුන, හතරක් වැය කරලා, මේ විදුලි කප්පාදුව නවත්වන්න ඔවුන් ඒක අහංකාර, උද්දච්ච ආකාරයට කටයුතු කරලා, ඔවුන්ට බාධා කළා. මේ දහසකුත් එකක් බාධා මැදින් තමයි සාමාන්‍ය පෙළ, උසස් පෙළ ලියලා මේ දරුවෝ බලාගෙන ඉන්නේ. හුඟාක් අධ්‍යාපනය නැති, රටේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ කරන්න බැරුව, තාත්තලා, අම්මලාගේ හයියෙන් පිටරට ගිහිල්ලා ඉගෙන ගත්ත කට්ටියට මේකේ ගැටළුවක් නොවෙන්න පුළුවන්. නමුත් මේ රටේ අපේ දරුවන්ට, අපේ ජනතාවට, මේ සමාජ ඉනිමගේ ඉහළට යන්න තියෙන එක ම අවස්ථාව, අධ්‍යාපනය, විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගය මේ විභාගයේ දරුවන්ට මේ අයුක්තිය කිරීම කවුරුන් හෝ වේවා ඉතාම බලගතු අසාධාරණයක්. මේ විභාගයට කිව්වේ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය කියලා. එක්තරා කාලයක විශ්ව විද්‍යාල විසින්මයි මේ ප්‍රවේශ විභාගය පවත්වාගෙන ගියේ. දැන් නම් ඒකට කියන්නේ උසස් පෙළ කියලා. දැන් ඒකට පාසල් ගුරුවරුත් මැදිහත් වෙලා තියෙනවා. විශ්ව විද්‍යාලවලින් තමයි ප්‍රවේශ විභාගය තීරණය කළේ. මොන මොන විෂයන් වලට මොන මොන දැනුම ලබා දෙනවාද කියන එක. මේකත් විශ්ව විද්‍යාලවල පළමු වසර, දෙවෙනි වසර, තුන්වෙනි වසර වගේම විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් ප්‍රමුඛත්වය දීලා විසඳිය යුතු ගැටළුවක්. අපි දැක්කා ඔවුන් කරලා කියලා තියෙනවා කියලා විශ්ව විද්‍යාලවල කටයුතු කරගෙන යනවා පළවෙනි වසර, දෙවෙනි වසර විභාග කටයුතු. හැබැයි උසස් පෙළට අපි කරන්නේ නැහැ කියලා. ඇත්ත වශයෙන්ම ඒක සිද්ධාන්තිකව ගත්තාම වැරදියි. ඒක ඇත්තටම විශ්ව විද්‍යාලයේම කටයුත්තක්.”
විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ පිළිතුරු සකස් කිරීම ද, ශිෂ්‍ය ඇගයීම් සමහරක් සිදු කරන්නේ ද, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගේ ප්‍රමුඛත්වයෙනි. විභාග දෙපාර්තමේන්තුවට එවැනි පහසුකමක් හෝ හැකියාවක් දැනට ලංකාවේ නැත. එබැවින් ආචාර්ය මහාචාර්යවරුන් ප්‍රශ්න පත්‍ර සකස් කිරීම සිදු කරන බැවින් උසස් පෙළ සම්බන්ධයෙන් ඔවුනට සදාචාරාත්මක වගකීමක් ද පවතින බව රණවක මහතා මෙහිදී අවධාරණය කළේය. මේ සඳහා වෘත්තීය සමිති ක්‍රියාදාමය යා කරගත යුතු නැත. මෙය ස්වෙච්ඡා කටයුත්තකි. අනෙක් අතට පාසල් ගුරුවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන් ද පොදුවේ රට මුහුණ දෙන අර්බුදයේ දරුණු ඛේදවාචකයට මුහුණ දී තිබේ.


“පසුගිය යහපාලන කාලයේ ගුරුවරුන්ගේ වැටුප් වැඩි කළා. ගෝඨාභය රාජපක්ෂ පාලනය කාලයේත් ගුරුවරුන්ගේ වැටුප් වැඩි කළා. නමුත්  ඒ ගුරුවරුන්ට අද දෛනිකව මුහුණ දෙන්න වෙලා තියෙන ජීවන ගැටලුවේ තත්ත්වය ගැන බැලුවහම, ඒ වැටුප් ප්‍රමාණවත් නැහැයි කියන එක අපි කවුරුත් දන්නවා. සියලුම දෑ තුන් ගුණයකින් ඉහළ ගිහින් තියෙනවා. වැටුප් තුන් ගුණයකින් වැඩි වෙලා නැහැ. ඒ අනුව තාම දරුණු පීඩනයක තමයි මේ ගුරුවරු ඉන්නේ. කලකට ඉස්සෙල්ලා උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීමට යනවා කියන එක පාසල් ගුරුවරයෙකුට ගෞරවයට හේතුවක්. ඒකට ලොකු ඉල්ලුමක් තිබුණා. ඒකට තෝර ගත්තෙත් විශේෂ ගුරුවරු කණ්ඩායමක්. මොකද ඒ උත්තර පත්‍ර ඇගයීමේදී ගුරුවරුන්ගේ අත්දැකීම දරුවෝ උත්තර ලිය දීලා තියෙන හැටි සොයා බැලීම වගේ දේවල් ඉතාම වැදගත් වුණා. නමුත් අද ගුරුවරුන්ට මේ ලැබෙන දීමනාවත් එක්ක මේක බලන්න යන එක ඉතාමත්ම පාඩුදායක, අතින් කාලා, හරක් බලනවා වගේ වැඩක් වෙලා තියෙනවා. ඒ වගේම රට ගැන තියෙන කණගාටුවත්, තමන්ගේ අනාගතය ගැන තියෙන කණගාටුවත් එක්ක කිසිම උනන්දුවක් ගුරුවරු තුළින් පහළ වෙලා නැහැ. ඉතින් ඒක නිසා, රජය කරවන ඇත්තො මතක තියාගන්න ඕනේ. සියලුම දෑ තුන් ගුණයකින් ඉහළ ගියා නම්, යම් ආකර්ෂණීය දීමනාවක් මේ ගුරුවරුන්ට ලබා දීමෙන් තොරව, මේ ගුරුවරුන්ගේ නිශ්චිත ප්‍රමාණයක්වත් මේකට ඈදා ගන්න බැරි වෙනවා.


මේ තත්ත්වය තුළ ද, 15000 කට ආසන්න ගුරුවරුන් පිරිසක් උසස් පෙළ ප්‍රතිඵල ඇගයීමට ඉදිරිපත් වී සිටීම සම්බන්ධයෙන් ගෞරවය පළ කළ යුතුය. අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය උත්තර පත්‍ර ඇගයීමට දෙන දීමනාව ජීවන බරයි, ගෞරවයයි කියන මේ දෙකම සළකලා අනිවාර්යෙන්ම වැඩි කළයුතුය.

“විශ්ව විද්‍යාල ආචාර්‍යවරු 2012 කාලයේ ගෙනගියා දැවැන්ත අරගලයක් දළ දේශීය නිෂ්පාදනයෙන් 6% ක ප්‍රතිපාදන අධ්‍යාපනයට දෙන්න ඕන කියන එක. ආචාර්‍යවරුන්ට යම් නිශ්චිත වැටුපක් දෙන්න ඕන කියන. ඔවුන් සැනසීමට ලක්වෙන ආකාරයේ වැටුප් වර්ධකයක් 2013 වර්ෂයේ ඉඳන් ලැබුණා. දැන් අවුරුදු දහයක්. ඒ වගේම යහපාලන කාලෙත් වැටුප් වර්ධක ලැබුණා. ඒ අනුව විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ට සැළකිය යුතු වැටුප් වර්ධක ලැබුණා විතරක් නෙවෙයි. මේ අවුරුදු දහය කාලය ඇතුළත ඒ විශ්ව විද්‍යාල ගුරුවරුන්ගේ ජීවන රටාවේත් ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඔවුන් ඒ තමන් ලැබූ වැටුප් වලට අනුරූපීව වාහන මිලදී ගත්තා වෙන්න පුළුවන්, ගෙවල් ගත්තා වෙන්න පුළුවන්, දරුවන්ගේ අධ්‍යාපනයට යට කළා වෙන්න පුළුවන්. එහෙම වියදම් පාර්ශවයත් වැඩි කරගෙන තියෙනවා. දැන් ඔවුන්ට ඉතුරුවෙලා තියෙන්නේ, එදිනෙදා ආහාර ගන්න ඉතුරු කරගත්ත ගාන විතරයි බොහෝ ගුරුවරුන්ට. දැන් ඒකත් බදු හැටියට කැපෙනකොට ඒ අය ඉතාමත් දරුණු අසහනයකට ලක්වෙනවා.”

මෙය ස්වේච්ඡා ක්‍රියාවලියක් බැවින් ප්‍රශ්න පත්‍ර ඇගයීමෙන් ඉවත් නොවී අධ්‍යාපන අමාත්‍යාංශයට කාලයක් ලබා දී “ලබන අවුරුද්දේ ඉඳන් අපි මේ ප්‍රශ්න පත්තර හදන්නෙත් නැහැ. අපි බලන්නෙත් නැහැ. කැමති විදියට කරගන්න කියලා ඉඩ දීලා කටයුතු කිරීම” වඩාත් උචිත බව ද රණවක මහතා පෙන්වා දෙයි. “එමෙන්ම රජය  විශ්ව විද්‍යාල ගුරුවරු සම්බන්ධයෙන් පාසල් ගුරුවරු වගේම වඩා වැඩි, දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද, මෙතන ඉන්න මේ වෘත්තීයවේදී පිරිස මොනයම් ආකාරයකින් හෝ රට හැර ගියොත්, ඒ ඇතිවෙන පාඩුව ලේසියෙන් අපිට පාලනය කරන්න හැකිවෙන්නේ නැහැ. ඒ නිසා මේ ගුරුවරු මේ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ගාණට දාලා, විශ්ව විද්‍යාල ගුරුවරුන්ට පාසල් ගුරුවරුන්ට අපහාස, අවමාන හා තර්ජනය කරන එක නතර කරලා ඔවුන් එක්ක ගෞරවනීය එකඟතාවයකට රජය කටයුතු කළ යුතුයි. විභාග කටයුතු සම්බන්ධයෙන් අධ්‍යාපනයේ නවීකරණයකුත් අනිවාර්යයෙන් අවශ්‍යයි. මේ විදිහට සම්ප්‍රදායිකව උත්තර පත්‍ර ටික ගොඩ ගහගෙන මාස ගාණක් ගුරුවරු කතා කර කර මේ විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීමේ ක්‍රමවේද වෙනුවට අලුත් තාක්ෂණික ක්‍රමවේශ අනුගමනය කිරීමට රටට දැන් කාලය එළඹිලා තියෙනවා. අඩු ගානේ ඇතැම් විෂයන්ටවත්, මොකද විදේශ විශ්ව විද් යාල, ඇතැම් දේශීය විශ්ව විද්‍යාලත් ඔන්ලයින් මාර්ගයෙන් විභාග ප්‍රශ්න පත්‍ර අගයනවා. විභාග ප්‍රශ්න පත්‍ර බැලීම සඳහා කෘතීම බුද්ධිය තියෙන පරිගණක භාවිතා කරනවා. මේවා මේ රටෙත් ඒ ආකාරයට අනාගතය සඳහාවත් සකස් විය යුතුයි. ඒ වගේම විශ්ව විද්‍යාල පාඨමාලා කියන්නේ විභාගම ඉලක්ක කරගත්ත ක්‍රියාවලියක් නොවෙයි. ඇගයීම් ක්‍රියාවලිය හරහා විශ්ව විද්‍යාල සිසුන් ඒ වගේම පාසල් සිසුන් ඉදිරියට ගෙන යා යුතු වෙනවා. විශ්ව විද් යාල ගුරුවරුන්ටත්, පාසල් ගුරුවරුන්ටත් ඇගයීමේ ක්‍රියාවලියක් තිබිය යුතුයි. අධ්‍යාපනය  කියන්නේ අනාගතය. ඒක අතිශයින්ම වැදගත්. ඒ අනුව ක්‍රියා කළ යුතු වෙනවා. ඉතින් මෙවැනි නවීන කළමනාකරණ ක්‍රම, පාඨමාලා, අලුත් අධ්‍යාපන ක්‍රමවේද, තාක්ෂණය මුසුකරගත්ත ක්‍රියාවලියක් රටට, අනාගතයට අත්‍යවශ්‍යයි.”


මෙහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් රණවක මහතා;


ප්‍රශ්නය: පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබගේ අදහස මොකක්ද?

පිළිතුර:මගේ අදහස අද මම මගේ මුහුණු පොතේ සඳහන් කරලා තියෙනවා නොවිසඳුනු ප්‍රශ්න හතරක් මේ පාස්කු ප්‍රහාරය ගැන තියෙනවා. කොමිෂන් සභා කිහිපයක් පත් කළා. නඩු පැවරීම් කිහිපයක් කළා. විශේෂයෙන්ම සහරාන් හෂීම් කවුද? කියන ගැටලුව ඔහු හා ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වූ  අබුහින් කියන මවුලවිවරයා අතර වූ සම්බන්ධය කුමක්ද? අපේ බුද්ධි අංශ විශේෂයෙන්ම හමුදා බුද්ධි අංශ මේ තවුහිද් ජමාද් ව්‍යාපාරය පෝෂණය කළේ ඇයි? කියන ගැටලුව. ඒ වගේම 2010 දී පූනේ බේකරියේ ජර්මන් බේකරියේ සිදු වූ පිපිරීම ඩකා නගරයේ 2016 දී  සිදු වූ පිපිරීමට බොහෝ සෙයින් සමානයි. ෂැංග්‍රිලා ඇතුළු හෝටල් වල සිදු වූ පිපිරීම්. එතකොට ඒවා කළේ නැද්ද අපේ බුද්ධි අංශ කියන එක, අවසාන වශයෙන් මේ අවසානයටම දීපු මේ අනතුරු ඇඟවීම කොහොමද ගණන් නොගත්තේ කියන ගැටලුව. මෙවැනි කාරණා විශාල ප්‍රමාණයක් මගේ ඒ එෆ් බී පිටුවේ තියෙනවා.

ප්‍රශ්නය: චෝදනා එල්ල කරනවා පාස්කු ප්‍රහාරය බලය ලබාගැනීම වෙනුවෙන් කරපු කාරණයක් කියලා. ඔබගේ ප්‍රකාශය තුළත් ඊට සමානකම් තියෙනවා. ඔබත් විශ්වාස කරන්නෙ ඒ කාරණයම ද?

පිළිතුර:නැහැ. මම මගේ විශ්වාසය නෙමෙයි, සිදු වී සිදුවීම් වලින් ඉතා පැහැදිලියිනේ. ප්‍රහාරය එල්ල කළේ සහරාන් හෂීම්. ඔහු තව්හිද් ජමාත් ව්‍යාපාරයේ සාමාජිකයෙක්. ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන වේදිකාවේ ඇහුනේ මොකක්ද? මේ වහබ්වාදය. තවුහිද් ජමාත් ව්‍යාපාරය. මේ මගින් ජාතික ආරක්ෂාවට, සිංහල බෞද්ධයාට, සිංහල කතෝලිකයාට, දෙමළ කතෝලිකයාට බරපතල ආරක්ෂක ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා. ඒ වගේම වෛද්‍ය ෂාෆි වගේ කුමන්ත්‍රණයක් වෙනවා, ගර්භාෂ යුද්ධයක් ගැන කිව්වා. ඒ වගේ විශාල මතවාදී ක්‍රියාවලියක් මගින් බෞද්ධ සමාජය තුළ අනාරක්ෂිත හැඟීමක් ඇති කළා. කතෝලික, ක්‍රිස්තියානි සමාජය තුළ අනාරක්ෂිත හැඟීමක් ඇති කළා. ඇති කරලා තමයි ඒවායින් ගලවා ගැනීමේ ආරක්ෂකයා මංම වේදැයි කියලා ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුණේ? හැබැයි ඒ ඡන්දෙදි මේ සහරාන් හසීම් කාලෙකට පෙර සාමාජිකයෙක් ඉල්ලා හිටපු තව්හිද් ජමාත් ව්‍යාපාරයත් කිව්වා. ඒක තමයි විශාලම විහිළුව. ගෝඨාභය රාජපක්ෂට ඡන්දේ දෙන්න කියලා. ඉතින් මම හිතන්නේ මේවා මේවා විමර්ශනය කළ යුතුයි. මේවා විමර්ශනය කළ යුතුයි. බොහෝ දෙනෙක් රැවටීමට ලක් වුණා. බෞද්ධයෝ රැවටීමට ලක්වුණා. කතෝලිකයෝ රැවටීමට ලක්වුණා. බෞද්ධ ආගමික නායකයෝ රැවටීමට ලක් වුණා. කතෝලික ආගමික නායකයෝ රැවටීමට ලක් කළා. ඉතින් මේක එක්තරා කූට නාටකයක්. කූට නාටකයක් හදලා ඒ අර්බුදයෙන් ගැලවීමේ නායකයන් අපිව ආරක්ෂකයන් අපිය කියලා කරපු කූට නාටකයයි. ඉතින් මේක ගැන තවත් කතා කරලා නම් වැඩක් නැහැ. මේ රටේ මේ යුක්තිය ඉටු වෙන්නේ නැහැ. ඒක ඉතාම පැහැදිලියි. මේකට අනාගතයේ දවසක හෝ යුක්තිය ඉටුවිය යුතුයි. මම ආරාධනා කරනවා සියලු දෙනාටම බලන්න කියලා. මගේ එෆ් බී පිටුවේ ප්‍රශ්න හතරක් මම නගලා තියෙනවා. ඒකට මම එළඹුණේ මේ සමීක්ෂණ වාර්තා සහ අනෙකුත් කාරණා එක්ක. ඒ වගේම ඔය සහරාන් හෂීම්ට විරුද්ධව ලොකුවට යුද්ධ කරන්නෙයි කිව්වට සහරාන් හෂීම් එකම සිංහලයටයි යෝජනා කළේ ඝාතනය කරන්න ඕනේ කියලා. ඒ මම. මාව ඝාතනය කරන්න කියලා එක දුන්නු එක ම මිනිහා සහරාන් හෂීම්. මම තමයි. අනික් කාටවත් කළේ නැහැ ඒක. ඔය ලොකුවට වීරයෝ වගේ අද වහබ්වාදයට විරුද්ධව ගර්භාෂය යුද්ධයට විරුද්ධව කතා කරනවා. ඒක නිසා අපි වගකීමෙන් කියනවා මේ මේකේ යුක්තිය ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක පැහැදිලියි. යුක්තිය ඉටුකර ගැනීම සඳහා අනාගතයේ හෝ වෑයමක් දැරිය යුතුයි. හැබැයි තව වතාවක් නම් බෞද්ධ සමාජයවත් කතෝලික ක්‍රිස්තියානි සමාජයවත්, මුස්ලිම් සමාජයවත් රවට්ටන්න නම් අපි ඉඩ දෙන්නේ නෑ. ඉදිරියේදීත් තව තව කරුණු එළිවෙයි.


ප්‍රශ්නය : අරගලයට පහරදුන්න අය සම්බන්ධයෙන් හොයන්න කියල කණ්ඩායම් පත් කරලා තියෙනවා. මොකක් හරි සාධාරණයක් එයි ද මේ සම්බන්ධව?


පිළිතුර:ඇත්තටම මැයි 9 වෙනිදා සිදුවූ සිදුවීමට මූල කාරණය වුණේ මහින්ද රාජපක්ෂ මහත්මයාව ඊට දින කිහිපයකට කලින් හමුවුණා. යම් යම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් හම්බවෙලා එතුමාට බල කරා. ඔබතුමා ඉල්ලා අස්වෙන්න එපා කියලා. එතකොට එතුමාත් කිව්වා (වීඩියෝ දර්ශන තියෙනවා) මම අස්වෙන්නේ නැහැ කියලා. ඒ අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමා අස්වීම වැළැක්වීම හා ඔහු රැක ගැනීමෙහි චේතනාවෙන් තමයි එදා ඒ රැස්වීම අරලියගහ මන්දිරයට කැඳෙව්වේ. ඒ අරලියගහ මන්දිරයට කැඳවපු ආධාරකරුවන්ව මේ මයිනගෝගමට හා ගෝඨාගෝගමට ගහන්න පොළඹවපු බව ඒ රැස්වීමේ කතා අහන් හිටපු හැමෝම දන්නවා. ඒ අනුව පමා වී හෝ කිසියම් පිරිසකට නඩු පැවරීමට කටයුතු කරන්නෙයි කියලා නීතිපතිතුමා කරපු යෝජනාව ගැන අපේ ප්‍රසාදය හිමිවෙනවා. හැබැයි ඇයි නීතිපතිතුමාට මහින්ද රාජපක්ෂ මහත්තයාවයි, නාමල් රාජපක්ෂ මහත්තයාවයි අමතක වුනේ කියන නම් අපට පිළිගන්න බැහැ. මොකද ඒ දෙපොළ තමයි මෙතන ප්‍රධානම චරිතය නිරූපණය කළේ. ඒ වගේම මාස තුනකට පස්සේ පොලිස්පති වෙනවා යැයි කියලා පාරම්බාගෙන ඉන්න දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් පොලිස්පති ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක ගැන රටම බලාගෙන ඉන්නවා. දේශබන්දු තෙන්නකෝන් මහත්මයාගේ ක්‍රියාකාරීත්වය මේ පසුගිය අවුරුදු කිහිපය ඇතුලේ පොලිස්කාරයෙකුට වඩා දේශපාලන මැරවරයෙක් හැටියට තමයි ඔහු ක්‍රියා කළේ. පාතාල මැරවරයෙක් හැටියට තමයි ඔහු ක්‍රියා කළේ. නීතිය, යුක්තිය ඔහුට ඕන විදිහටයි ඔහු නවා ගෙන කටයුතු කරේ. ඔය කාලේ සිදුවෙච්ච හැම බැරෑරුම් ප්‍රශ්නයක් පිටිපස්සෙම ඔහු හිටියා. ඒ නිසා ඔහු පිළිබඳව ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? තව මාස දෙකකින් ඔහු රටේ පොලිස්පති වෙනවද? නැත්නම් ඔහු අත්අඩංගුවට ගෙන ඔහුගේ ප්‍රකාශයක් අරගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්න තරම් මේ පොලිස්පති නිර්භීතද? නීතියට එකඟද කියන එක ගැන රට බලාගෙන ඉන්නවා.

ප්‍රශ්නය : දැන් මේ මොහොතේ ජාතික ආණ්ඩුවක් ගැන කතා වෙනවා. කොහොමද ඔබතුමන්ලාගේ දායකත්වය? ජාතික ආණ්ඩුවකට සහභාගී වෙනවාද? විශේෂයෙන් ගොඩක් දුරට ඩිලාන් පෙරේරා මහත්තයා චෝදනා කරනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කරළියට ගෙනල්ලා තියෙන්නේ. එතුමාගේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තියෙන යම් යම් කාරණා වළක්වා ගැනීම සඳහා රජයට හේත්තු වෙන්න බලාපොරොත්තුවෙන් කියලා ද? මේ මොහොතේ කොහොමද ඒ කාරණා ටික?

පිළිතුර:අපි එකක් පිළිගන්නවා. මේ බංකොලොත් රට ඔය කයිවාරු ගැහීම් වලින් ආණ්ඩුවට නිකන් බරපතල චෝදනා ඉදිරිපත් කිරීමෙන් ගල


This post first appeared on Vigasa Puwath 24x7, please read the originial post: here

Share the post

Xpress Pearl අනතුරෙන් පගා ගැසීම පසුපස ගෝටාභයට සමීප කුප‍්‍රකට අයෙක්.. නැවේ කළු පෙට්ටියත් උස්සලා - චම්පික

×

Subscribe to Vigasa Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×