Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

NMRA දත්ත මැකූ "එපික්" ගෑස් කාන්දු සොයන්න ඇප් එකක් හදලා!

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාවේ දත්ත විශාල තොගයක් මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනය ගෑස් සිලින්ඩර්වල ගෑස් කාන්දුවීමක් සිදුවනවානම් සිය ජංගම දුරකථනය හරහා දැන ගැනීමට හැකිවන පරිදි උපකරණයක් හා ඒ හා සම්බන්ධවන ඇප් එකක් නිෂ්පාදනය කර වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.

ගෑස් ඩිටෙක්ටර් නමින් හඳුන්වාදී ඇති මෙම උපකරණයට දුමක් ගෑස් කාන්දුවක් වාතයේ සංයුතිය වෙනස්වීම් වැනි අවස්ථා හඳුනාගෙන එවැනි වෙනස්වීමක් සිදුවන්නේ නම් සිය ජංගම දුරකථනයට හෝ තවත් අයෙකුගේ (ඩිවයිස් එකට සම්බන්ධවී ඇති) ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ලබාදීම සහ එලාම් එකක් නාදවීම සිදුවන බව එපික් ලංකා ආයතනයේ නව නිපැයුම් අංශ ප්‍රරධානී ඉංජිනේරු චානක තෙන්නකෝන් මහතා දිවයින පුවත් පතට පවසා තිබේ.

මෙම උපකරණය සිංගර්, අබාන්ස් ඇතුළු අලෙවි වෙළෙඳසල්වල අලෙවියට තබා ඇති බවත් මෙහි යම්කිසි දෝෂයක් ඇතිවුවහොත් සියයට සියයක්ම මෙරට නිෂ්පාදනයක් නිසා අළුත්වැඩියා කරගැනීමට පහසු බවත් ඔහු කියා සිටී.

මෙම උපකරණය මුළුතැන්ගෙයි සිලින්ඩරය අවට කුමන හෝ ස්ථානයක විදුලි පේනුවකට (ෆ්ලග්) සම්බ්න්ධ කර තැබිය හැකි අතර විදුලිය නොමැති අවස්ථාවක පැය කිහිපයක් විදුලි කෝෂයකින් බලය ලබාගෙන සිය කාර්යයන් ඉටුකර දෙන බවද ඔහු පවසයි.

එපික් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය නයන දෙහිගම මහතා, දෙරණ නාලිකාවට පවසා ඇත්තේ මෙය ලංකාව තුළ සිදු කළ නිපැයුමක් බවට කිසිවකු විශ්වාස නොකරන බවයි.


-.srilankamirror


This post first appeared on Vigasa Puwath 24x7, please read the originial post: here

Share the post

NMRA දත්ත මැකූ "එපික්" ගෑස් කාන්දු සොයන්න ඇප් එකක් හදලා!

×

Subscribe to Vigasa Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×