Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

මධුෂ් තවම IRC ලැයිස්තුවේ නෑලු

විවිධ අපරාධ සිය ගණනක් සම්බන්ධයෙන් මාකඳුරේ මධුෂ් නමැන්නාගේ නම සදහන්ව ඇතත් ඔහුගේ නම තවමන් දිවයිනේ නමගිය අපරාධකරුවන්ගේ (අයි.ආර්.සී.) ලැයිස්තුවට ඇතුළත්ව නැනැයි පොලිසිය පවසයි.
දිවයිනේ නමගිය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට
(අයි.ආර්.සී.)
මේ වන විට අපරාධකරුවෝ හතළිස්තුන් දහසක් ඇතුළත්ව සිටිති. මෙම  දිවයිනේ නමගිය අපරාධකරුවන්ගේ ලැයිස්තුව් ඇතුළත් වන්නේ අපරාධ වැළැක්වීමේ ආඥා පනතට ගැනෙන වැරදි
සම්බන්ධයෙන් එක් වරදකට වැඩි වාර ගණනක් සිරගත වූ පුද්ගලයන් බව කියන පොලිසිය මාකඳුරේ මධුෂ් එවැනි අපරාධ වරදකට සිරදඬුවම් විඳ ඇත්තේ එක් අවස්ථාවක් පමණක් හෙයින් ඔහු තවමත් සිටින්නේ අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ (ආර්.සී. ) පමණක් යැයිද සඳහන් කරයි. අපරාධ නඩු දෙකකට අදාළව මධුෂ්ට පසුගිය කාලයේදී නියමව ඇත්තේද අත්හිටුවූ සිර දඩුවම් යැයි ද පැවසේ.
IRC ලැයිස්තුවේ අපරාධකරුවන් හතළිස් දහසක් දෙනා අතරේ ළමයි 608 ද කාන්තාවෝ 1200ක්ද සිටිති.

(සුජිත් හේවාජුලිගේ)



This post first appeared on Vigasa Puwath 24x7, please read the originial post: here

Share the post

මධුෂ් තවම IRC ලැයිස්තුවේ නෑලු

×

Subscribe to Vigasa Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×