කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 283 දෙනෙක් අද (08) දිනයේ මේ වනවිට හඳුනාගෙන තිබේ.
එම ආසාදිතයින් සියලුදෙනා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන්ගේ සමීප ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඒ අනුව අද සවස වාර්තා වූ නව ආසාදිතයින් 283 දෙනා සමග මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව අද 10,000 ඉක්මවා ගියේය.
එම පොකුරෙන් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 10,220ක් වේ.
අද වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,702ක් වන අතර ඉන් සුවය ලබා ඇති සංඛ්‍යාව 8285කි. මේ වන විට ප්‍රතිකාර ගනිමින් සිටින ආසාදිතයින් සංඛ්‍යාව 5383 ක් වේ.
Related Articles
- කොරෝනා