Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

මම අනිල් ජාසිංහ නෙවෙයි අසේල ගුණවර්ධන - ඔහුගෙන් සිදු වූ දේ මගෙන් බලාපොරොත්තු වෙන්න එපා (VIDEO)

තමාට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් ධූරය ලැබුනේ ඉතාමත් අභියෝගාත්මක කාල සීමාවක් තුල වුවත් තමාට කොවිඩ් 19 අභියෝගය ජය ගැනීමට නායකත්වය දිය හැකි බව නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

නිරෝධායන පනතේ බලය පාවිච්චි කිරීමේ බලතල තමාට හිමිව තිබුණත් කිසිදු තීරණයක් තමා තනි පුද්ගලයෙකු ලෙස නොගන්නා බවද ඔහු පෙන්වා දෙයි.

තමා අනිල් ජාසිංහ නොව අසේල ගුණවර්ධන බව සඳහන් කරන ඔහු තමාගෙන් අනිල් ජාසිංහගෙන් සිදු වූ දේ බලාපොරොත්තු නොවන ලෙස දන්වා සිටියි.

තමා මාධ්‍ය සමඟ ගැටෙන පුද්ගලයෙකු නොවන බවද එහෙත් තමා මාධ්‍යට කතා කරන්නේ තම වපසරිය තුල සිටිමින් බවද ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

තමා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් ධූරයට පස්සේ දොරෙන් නොපැමිණි බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර කතා කිරීමට කැමැත්තක් නොමැති බවද ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඔහු මේ අදහස් පල කළේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිණි.

  • අනිල් ජාසිංහ
  • වෛද්‍ය අසේල ගුණවර්ධන


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

මම අනිල් ජාසිංහ නෙවෙයි අසේල ගුණවර්ධන - ඔහුගෙන් සිදු වූ දේ මගෙන් බලාපොරොත්තු වෙන්න එපා (VIDEO)

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×