Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

නව කොවිඩ් 19 රැල්ලේ වෛරස සාන්ද්‍රනය ඉතා ඉහල නිසා රෝගය පැතිරීමේ වේගයත් ඉතා වැඩියි (VIDEO)

අලුතෙන් හදුනා ගන්නා කොවිඩ් 19 රෝගීන්ගේ PCR සාම්පල වල අධික වෛරස සාන්ද්‍රණයක් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි .

කොවිඩ් 19 සමාජය තුළ පැතිරීම ඉතා වේගයෙන් සිදුවීම ඉන් අදහස් කරන බව ද අලුත්ගේ මහතා පෙන්වා දෙයි .

එහෙත් මේ තත්ත්වය තුළ මරණ සංඛ්‍යාව ඉහළ යාමක් සිදුවේ දැයි තවමත් නිශ්චිතව ප්‍රකාශ කිරීමට නොහැකි බවද අලුත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කරයි .

රට පුරා අසාමාන්‍ය ලෙස සිදුවන මරණ කොවිඩ් 19 නිසා සිදුවන බව වගකිව යුතු සංගමයක් ලෙස තමන්ට ප්‍රකාශ කළ නොහැකි බව සඳහන් කරන අලුත්ගේ මහතා මෙම මරණ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සෞඛ්‍ය අංශ විසින් ජනතාවට හෙළි කළ යුතු බවද පෙන්වා දෙයි.

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙම අදහස් පළ කළේ යුටියුබ් නාලිකාවක් සමඟ වැඩසටහනට එක් වෙමිනි .

  • වෛද්‍ය හරිත අලුත්ගේ


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

නව කොවිඩ් 19 රැල්ලේ වෛරස සාන්ද්‍රනය ඉතා ඉහල නිසා රෝගය පැතිරීමේ වේගයත් ඉතා වැඩියි (VIDEO)

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×