Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

විමල් නොමග යවනවයි කියන දොස්තර වසන්ත 20ට පක්ෂයිලු…සියලු චෝදනාවලට පිළිතුරු -(Video)

20 වැනි සංශෝධනය කළ යුත්තේ ශක්තිමත් රාජ්‍ය පාලනයක් සදහා බවත් එහෙත් එහි යම් යම් රජය අපහසුතාවයට පත්වන සංශෝධන සදහා තමන්ගේ විරෝධය පළකල බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ප්‍රවීණ මාධ්‍යවේදී දිනූෂ කුඩාගොඩගේ මහතා සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත බණ්ඩාර මහතා මෙසේද පැවසීය

“20 කියන්නේ එක කරුණකට අදාල සංශෝධනයක් නෙවෙයි එහි පැතිකඩ රාශියක් තියෙනවා. එහි යම් කරුණු සම්බන්ධයෙන් අපි එකගයි. ඒ සංශෝධන කරන්න ඕන මේ රාජ්‍ය නිසිලෙස පවත්වාගෙන යන්න. අපි විරුද්ධ මේ සංශෝධන අස්සේ වෙනත් සංශෝධන රාශියක් තියෙනවා. ඒක ආණ්ඩුවේ ප්‍රතිරූපයට ඉතාමත් හානි කරයි. ආණ්ඩුව බලයට ගෙනාපු අධ්‍යාත්මයට බරපතල ලෙස බලපානවා. අගතියක් සිදුවෙනවා. ඒ නිසා තමයි අපි එය නිවැරදි කළ යුතුයි කියන්නේ. නිකන් විරෝධය පළකරලා ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ උවමනාවක් නෙවෙයි අපිට තියෙන්නේ මෙය නිවැරදි කරලා අාණ්ඩුවේ ප්‍රතිරූපය නැවත යථාවත් කිරීමේ උවමනාවක් අපිට තියෙන්නේ” යැයි පැවසීය.

මේ දිනවල සමාජ මාධ්‍ය භාවිතා කරමින්  යම් පුද්ගලයින් විසින් එල්ල කරනු ලබන චෝදනා සම්බන්ධයෙන් ද මෙම සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රශ්න කෙරෙන අතර ඒ සදහාද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පිළිතුරු ලබාදී ඇත.

අදාල වීඩියෝ පටය පහතින්- 




This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

විමල් නොමග යවනවයි කියන දොස්තර වසන්ත 20ට පක්ෂයිලු…සියලු චෝදනාවලට පිළිතුරු -(Video)

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×