Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ඉස්ලාම් අන්තවාදී පළමු කණ්ඩායම බිහි වුණේ 2008 දී - පාස්කු කොමිසමේදී හෙළිවෙයි

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමග ගැටීමට බව පෙන්වමින් මුස්ලිම් අන්තවාදීන් 2008-2009 කාලයේ පටන් අවි ආයුධ සන්නද්ධ වෙමින් අන්තවාදය ප්‍රචලිත කළ බව  නැගෙනහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අධිනීතිඥ හොඳමුණි දේවගේ එඩිසන් ගුණතිලක මහතා පාස්කු ප්‍රහාරය සොයා බැලීමට පත් කෙරුණු ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (12) අනාවරණය කළේය.

එම කාලයේ බිහිව තිබූ ආයුධ සන්නද්ධ අන්තවාදී කණ්ඩායම් 18න් එකක සහරාන් යන අයෙක් සිටි බවත් ගුණතිලක මහතා පැවසුවේය.

රිෂාඩ් බදියුදීන් එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා,අතාවුල්ලා ඇතුළු අමාත්‍ය ධූර දැරූ පිරිසක් එම අන්තවාදීන්ට ආරක්ෂාව ලබා දී ඇති අතර ඔවුන් අල්කයිඩා ජිහාද් සමඟ සම්බන්ධ වී සිටි බව කියා සිටි ගුණතිලක මහතා සඳහන් කළේ හිස්බුල්ලා යන අයට අන්තවාදී සංවිධානයක් තිබූ බව තමන් එකළ සිදු කළ විමර්ශනවලින අනාවරණ කරගත් බවයි.

එකල ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙම පිරිස් නැතිකර දැමීමේ දැඩි උනන්දුවක් තිබූ බව ද හෙතෙම කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේය.

එමෙන්ම  තමන් මෙම සිදුවීම් සම්බන්ධයෙන් එකළ මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා දැනුවත් කළ බවද ගුණතිලක මහතා කියා සිටියේය.

හිස්බුල්ලා මහතා නැගෙනහිර ප්‍රදේශ වල පාර මැද තිබූ කොටස් ඉවත් කරමින් රට ඉඳි ගස් වැවීම ආරම්භ කළ බව කොමිසම හමුවේ කියා සිටී ඒ මහතා එකල රට ඉඳි ගසක් මිල රුපියල් 35000ක් 40000ක් පමණ වූ බවත් ප්‍රකාශ කරන ලදී.

''මෙම කාලයේදී කායිඉල්වාන් පල්ලියක් හදන්න ගත්තා. කාන්තාවන් කළු ලෝගුව අදින්න ගත්තා. මුස්ලිම් නිකාය භේදය ගැටුම් එකට ආරම්භ වුණා'' යනුවෙන් ගුණතිලක මහතා කොමිසම හමුවේ කියා සිටියේය.

අන්තවාදී මුස්ලිම් තරුණ පිරිස්වල  එම කාලය තුළ හැසිරීම සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ගුණතිලක මහතා පැවසුවේ ''2008 තමයි පළමු අන්තවාදී කණ්ඩායම් ආරම්භ වෙන්නේ . ඉස්ලාමික් සෙන්ටර් කියන නමින් ආරම්භ වෙන්නේ. ඔවුන් ඉඩම්වලින් කප්පම් ගත්තා. මිනී මැරුවා. මංකොල්ල කෑවා. ඔවුන්ට හිතෙන අයට දඩුවම් දුන්නා. හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතා මේ කණ්ඩායම් බිහිවීම වළක්වන්න උපදෙස් ලබා දුන්නා. මේ අය සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාවට තර්ජනයක් වන බවත් භයානක කොටසක් බවත් පැවැසුවා. ඒ වගේම ඉන්දියාවේ ලෝකයේ රටවල් බොහෝමයක තවුහිද් ජමාත් සංවිධාන බිහිවී ඇති බව එතුමා කිව්වා. මෙය රට අල්ලන ක්‍රමයක් බවත් මොවුන්ට ඉඩ නොදෙන ලෙසත් මවුලානා මහතා දුරකථනයෙන් දැනුම් දෙමින් මේ ගැන සොයා බලන්න මවුලවිවරුන් පිරිසක් එව්වා. මේ ඉස්ලාමික් සෙන්ටර් සංවිධානයේ ලේකම් අබ්දුල් හමීඩ් අබ්දුල් සමාඩ් අන්තවාදී අයෙක් බවත් එතුමා පැවැසුවා.'' යනුවෙනි.

අබ්දුල් හමීඩ් අබ්දුල් සමාඩ් හඳුනාගත්තේ කවුරුන් ලෙසද යන්න කොමිසම ගුනතිලොඅක මහතාගෙන් ප්‍රශ්න කළේය.

එහිදී ඔහු පැවසුවේ කාසිම් මවුලවි පූජකවරයා ගේ පුතා ලෙස හඳුනා ගත් බවයි.

සහරාන් ගැන දැන සිටියාද යන්න කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් ගුණතිලක මහතා පැවසුවේ ''නැහැ. ඒත් එක් කණ්ඩායමකට අයත් සාමාජිකයෙක් ලෙස සහරාන්ගේ නම මම සටහන් යොදා තිබෙනවා.මේ සන්නද්ධ කණ්ඩායම්වල නායකයෙක් ලෙස හිස්බුල්ලා මහතා කටයුතු කළ බවට මම සටහන් යොදා තිබෙනවා''  යනුවෙනි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කර තිබෙන මෙම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් සාක්ෂිකරුව කැඳවා තිබුණි.


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

ඉස්ලාම් අන්තවාදී පළමු කණ්ඩායම බිහි වුණේ 2008 දී - පාස්කු කොමිසමේදී හෙළිවෙයි

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×