Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

මූල්‍ය වංචා සිදු කළ Nissan සමාගම් සභාපති කාර්ලොස් අත්අඩංගුවට

ලොව පතළ නිසාන් කාර් සමාගමේ සභාපති ධූරයත් මිට්සුබිෂි සමාගමේ සභාපති ධූරයත් රෙනෝල්ට් කාර් සමාගමේ ප්‍රධාන විධායක ධූරයත් දරන Carlos Ghosn පසුගියදා ජපානයේ නිසාන් සමාගම් පරිශ්‍රයේදී අත්අඩංගුවට පත් වුණා. මෙයට හේතුවූයේ
ඔහු සිදු කළ මූල්‍ය අවභාවිතාවක් සම්බන්ධයෙනි. ඔහු නිසාන් ආයතනයේ මුදල් පුද්ගලික පරිහරණයේ ය‍ෙදවීම හා වියදම් සම්බන්ධ දත්ත වැරදි ලෙස සටහන් තැබීම ගැන කියැවෙන වංචාවක් සිදු කර තිබූ අතර ඔහු ජපානයේ කාර්යාල රැස්වීමක් නිමවා එළියට එන අවස්ථාවේම පොලිසිය පැමිණ ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සිදු කළ වංචාව සම්බන්ධයෙන් නිසාන් සමාගම මාධ්‍ය වෙත වැඩිදුර තොරතුරු හෙළි නොකරන බවද දන්වා ඇත.
කෙසේ වෙතත් බීබීසී වාර්තා මගින් අනාවරණය කර ඇති පරිදි ඔහු වසර 8 කට ආසන්න කාලයක් නිසාන් ආයතනයේ බිලියන ගණනක් මුදල් තමන් අතට ලබාගන්නා ආකාරයට ව්‍යාජ ලෙස සටහන් තබන ක්‍රමවේදයක් අනුගමනය කර තිබේ.
මෙම අයථා ගනුදෙනු  සඳහා

සභාපතිවරයාට සහාය වූ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විධායකයෙකු වන Greg Kellyද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් විය.

පොලිසිය පවසන්නේ ඔහු මිට්සුබිෂි හා රෙනෝල්ට් සමාගම්වලද මේ ආකාර දූෂණ සිදුකර තිබෙන බවට සැක බවයි.
ලෝකයේ 6 වන විශාලතම මෝටර් රථ සමාගම හැටියට සැලකෙන නිසාන් සමාගමේ මුල් පුටුව හොබවන්නෙකු මේ ආකාරයට බරපතල වංචාවකට හසුවීම ව්‍යාපාර ලෝකයේ විමතියට හේතුවි තිබේ.
මෝටර් රථ ක්ෂෙත්‍රයේ දැවැන්තයෙකු වන Carlos Ghosn බ්‍රසීලයේ උපන්නෙකි. ඔහු ප්‍රංශයේ හා ලෙබනන් පුරවැසිකමද හිමි අයෙකි.

සංස්කෘතීන් අතර වෙනස හඳුනාගෙන ව්‍යාපාර දියුණු කිරීමේ සමතෙකි. 64 හැවිරිදි ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවෙකි. බ්‍රසීලයේ හා ලෙබනනයේ කුඩා කාලය ගතකර පසුව ප්‍රංශයේ වැඩිදුර අධ්‍යාපනය ලැබුවකි. සිය වෘත්තීය ජීවිතය ඇරඹුවේ රබර් කර්මාන්තය ආශ්‍රයෙනි. පසුව ලොව පතල මිචලින් ටයර් සමාගමට බැඳී එහි ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම නිසා දකුණු ඇමරිකාවේ මෝටර් රථ ක්ෂෙත්‍රයේ ප්‍රබලයෙකු ලෙස මතු විය. පසුව ඔහු ප්‍රංශ - ජපාන ව්‍යාපෘතියක් ලෙස වෙනස්වූ මිට්සුබිෂි-රෙනොල්ට්-නිසාන් සමාගම් සමූහයේ ප්‍රධාන තනතුරු ලබාගත්තේය. ඔහු 2008- 2009 කාලයේ සිට ප්‍රධාන විධායක හා සභාපති තනතුරු වලට පිවිසියේය.

ජපානයේ ජනප්‍රිය

චරිතයක් වන කාර්ලොස් නමින් කාටූන් චරිතයක්ද ප්‍රකටව තිබේ. වරක් ජපානයෙන් පිට කෙනෙකු එරට අගමැති ලෙස තෝරාගතහොත් තෝරාගන්නේ කවුද යනුවෙන් පැවති සමීක්ෂණයකදී ඔහු 7 වැනියා වූ අතර බරක් ඔබාමා සිටියේ 9 වන තැන බව කියැවේ.

මෝටර් රථ ලෝකයේ 7-11 යන අන්වර්ථනාමයෙන් හැඳින්වූ කාර්ලොස් උදේ 7 සිට රෑ 11 දක්වාම වැඩේ යෙදෙන්නෙකු ලෙසත් කැපවී වෙහෙසී ව්‍යාපාර දියුණු කරන්නෙකු ලෙසත් හැඳින්වේ.
මූල්‍ය වංචාව සැලවීමෙන් පසු ඔහුව සමාගම් තනතුරු වලින් ඉවත් කර තිබෙන අතර බිලියන ගණනක්වූ ඔහුගේ වංචාවන් ගැන තවම පරීක්ෂණ අවසන් නැත.


'


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

මූල්‍ය වංචා සිදු කළ Nissan සමාගම් සභාපති කාර්ලොස් අත්අඩංගුවට

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×