Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ලන්ඩනයේදී දෙමළ උද්ඝෝෂකයන්ගේ අවලාද වලට එරෙහිව නැගී සිටි අපේ රටේ වීරයා..! (VIDEO)



බ්‍රිතාන්‍ය රාජ කුමාරයකුද කැඳවාගෙන ජයට නිදහස් දින සමරු පැවැත්වීමට විරෝධය පෑ දෙමළ උද්ඝෝෂකයන්ට ලන්ඩනයේදී ප්‍රසිද්ධියේ මරණීය තර්ජන කළ ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරියකු රටින් පිටුවහල් කරන ලෙස සර්වපාක්ෂික මන්ත්‍රී කණ්ඩායමක් එරට විදේශ අමාත්‍යවරයාගෙන් දැඩි ලෙස ඉල්ලා තිබෙනවා.
ඒ ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ 70 වැනි නිදහස් සමරු උත්සව පැවැත්වෙන අවස්ථාවේ දෙමළ ජනතාවට එරෙහි පීඩනයට විරෝධය පාමින් විවිධ අවලාද ප්‍රකාශ කරමින් එළියේ උද්ඝෝෂණයේ යෙදී සිටි සිය ගණනක් දෙමල ජාතිකයන්ගේ නොමනා හැසිරීමට විරෝධය පල කරමින් තම ගෙල වටා යම් සංඥාවක් දැක්වූ බවට වූ චෝදනාවක් එල්ල කරමින්ය.
එහි වීඩියෝ පටයක්ද මන්ත්‍රීවරුන්‌ විසින් විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් වෙත ලබා දී ඇත.
“ආරක්ෂක පරිවාරක නිලධාරියා විරෝධතා කරුවන්ට මුහුණ ලා හිඳිමින් ගෙල හරහා කිහිප වතාවක් ඇඟිල්ල යවනු රූපගත කර තිබේ – එය අයකුගේ බෙල්ල කැපීමේ සලකුණකි – එය පැහැදිලිවම එහි සිටි දෙමළ ජනතාව බියගැන්වීමට ගත් උත්සාහයකි. “මේ රටේ අමුත්තකු ලෙස නිල සේවයක යෙදෙන අයකු විසින් මේ විදහා දක්වා ඇත්තේ අයෝග්‍ය, නොමනා සහ තර්ජනාත්මක හැසිරීමකි. මේ කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරියට වහාම කරුනු දක්වා බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු ගේ තානාපති වරපත්‍ර අහෝසි කර පිටමං කරන ලෙස උදක්ම ඉල්ලා සිටිමු..!” යනුවෙන් ජොආන් රයන් සහ ශොවාන් මැක්ඩොනා ගේ අත්සනින් පෙබරවාරි 5 දා බ්‍රිතාන්‍ය විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩල කටයුතු භාර අමාත්‍ය බොරිස් ජොන්සන්ට තද ලිපියක් ලියන දෙමළ ජනතාව සඳහා වන සර්ව පාක්ෂික මන්ත්‍රී කණ්ඩායමක් විසින් අවධාරණය කර තිබේ.

මේ සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ හමුදා නිලධාරීවරයාට පක්ෂව සහ විපක්ෂ අදහස් හුවමාරු වෙමින් පවතිනවා.

මේ  Lanka News Web වෙබ් අඩවියේ සටහන් කර ඇත්තේ මෙවන් අදහසකි.
“මෙම විරෝධතාකරුවන් දමිල ඊලාම් සංවිධානය වෙනුවෙන් පෙනී සිට සංක්‍රාන්තීය ආණ්ඩුවක් ඉල්ලා සිිටින බවත්, ලංකාවේ නිදහස් දිනයට ඔවුන් විරෝධය පළ කරමින් සිටි බවත් සැබෑවකි. නමුත් කොහේදෝ සිට ඒ අතරට පැමිණෙන මේ මොට්ටයා කරන්නේ ඊටත් වඩා දේශද්‍රෝහී කමකි. ඔහු මේ අභිනයෙන් පෙන්වන්නේ ‘අපි තොපිට කළේ මෙහෙමයි‘ යන්නද? මෙය පැහැදිලිවම මරණ තර්ජනයක් බඳු ය. යුද්ධ කාලයේදී ලංකා හමුදාව දෙමළුන්ට කළ දේ ඔහු නැවත වරක් කරලා පෙන්නුවාද..? ශ්‍රී ලංකාව රටක් වශයෙන්, අවසන් යුද්ධයේදී ඇඩ්‍රස් නැතිව කළ කී දෑ සම්බන්ධයෙන් ‘ඩැමේජ් කන්ට්‍රෝලින්‘ කරමින් සිටින වේලාවක ඔහු මේ කරන්නේ තමන්ට කඳ සහ නිල ඇඳුම මිස මොළයක් කියා නාමයක්වත් නැති බව සනාථ කරමින් සකල යුධ හමුදාවේම පමණක් නොව රටේම දැලි ගෑමයි. එය, වත්මන් යුධ හමුදාපති මහේෂ් සේනානායක වැනි අවංක නිලධාරීන් සිටින සමස්ත පද්ධතියටම කළ දැවැන්ත හානියකි..මේ තැනැත්තාගේ මොළයේ තරම කොතරම් ද කියන්නේ නම් තමන්ගේ සේවාස්ථානයෙන් පිටතට පැමිණි පසු තමන්ට රාජ්‍ය තාන්ත්‍රික විනිර්මුක්තිය කියා දෙයක් නැති බවවත් ඔහු නොදනී. නිල ඇඳුමේ හයිය පෙන්නා මෙසේ මාරු වී ගියද, මරණ තර්ජනය සිදුකිරීම සම්බන්ධයෙන් ඔහු ව අත්අඩංගුවට ගැනීමට පවා ලන්ඩන් පොලිසියට හැකියාව තිබේ.
මෙවැනි මොළේ කළඳක් නැති නිලධාරීන් බ්‍රිගේඩියර් වැනි තනතුරුවල සිටීම තරම් ලංකාවේ නිලධාරිවාදයේ තවත් ඛේදවාචකයක් නැත. ඔහු කළ ගොන් කමේ අවසන් ප්‍රතිඵලය වී තිබෙන්නේ පහත දැක්වෙන වීඩියෝව TGTE විසින් ලොව පුරා සංසරණය කරමින් සිටීමයි. එහි දැක්වෙන ඉංග්‍රීසි වදන් පෙළේ අර්ථය ‘‘ශ්‍රී ලංකා හමුදා නිලධාරියෙක් ලන්ඩනයේ දමිලයන්ට තර්ජනය කරයි” යන්නයි. ඊනියා දේශප්‍රේමීන්ට දැන් සැපද..? ”
ඒ ඉහතින් උපුටාගෙන පල කලේ lanka news web අඩවියේ සටහන් කර ඇත්තේ අදහසකි.
සිදුවීමට අදාල වීඩියෝ පටය පහතින්,
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු එලෙසින් හැසිරුනේ ඇයිද යන්න සාධාරනීකරනය කරමින් පහතින් දැක්වෙන්නේ එම ස්ථානයේ සිටි තිලාන් ජයසේකර සටහන් කල අදහසකි.
” යුනිෆෝම් දාපු ආමි ඔෆිසර් කෙනෙක් කියන්නේ රට ජාතිය වෙනුවෙන් උඹ මායි වගේ බුකියේ කොට කොට හිටපු කෙනෙක් නෙමෙයි.පහුගිය අවුරැදු තිහේ කොටන්න ඕනි නියම තැනට හරියට කොටලා උඹලට අපිට මෙහෙම කොට කොට ඉන්න අවස්ථාව අරන් දීපු කෙනෙක්.නිදහස් දවසටයි මැච් එකක් දවසටයි විතරක් අපි අතට ගන්න සිංහ කොඩිය ඒ මිනිස්සු හැමදාම පපුවේ තියන් හිටියේ. එහෙම නොවුන නම් අවුරැදු 30ක් තිස්සේ ඒ කෙලිය කරන්න බෑ. ඒ නිසා ඒ මිනිස්සු තමා හරියටම දන්නේ සිංහ කොඩියේ නියම බර.මීට අවුරැදු ගානකට කලින් වලලපු කොටි කොඩි 20ක් තිහක් අතට ගත්ත කාලකන්නි 100ක් විතර තනි ආමි ඔෆිසර් කෙනෙකුට අවමන් කරනකොට ඒ ඔෆිසර් ට පාවිච්චි කරන්න පුළුවන් හොඳම වෙපන් එක තමා ඔය..”
එමෙන්ම අපේ රට වෙබ් අඩවියට වාර්තා වන අන්දමට මෙම උද්ඝෝෂණයට සහභාගී වූ මෙම උද්ඝෝෂකයන් සියලුම දෙනා සරණාගත වීසා වලින් එංගලන්තයට පැන ගොස් සිටින අයවලුන් බව සඳහන්.
අවුරුදු 30ක යුද්ධය නිමාවට පත් කර දැනට අවුරුදු ගානක් වූවත් මොවුන් සියලුම දෙනා විවිධ ප්‍රශ්න මවා පාමින් තානාපති නිලධාරීන් ඇවිස්සීමට පටන් ගැනීමත් සමග නිහඬව සිටීමට නොහැකි වූ අවුරුදු ගණනක් සක්‍රීය සේවයේ යෙදී සිටි ආමි ඔෆිසර් තරහා ඉවසා දරා ගත නොහැකිව මෙම සංඥා කිරීම කල බවයි වාර්තා වන්නේ..




මිහිඳු ෆොන්සේකා.


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

ලන්ඩනයේදී දෙමළ උද්ඝෝෂකයන්ගේ අවලාද වලට එරෙහිව නැගී සිටි අපේ රටේ වීරයා..! (VIDEO)

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×