Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ලක්ෂ පහලොවක් යාලුවන්ට දුන් පුංචි කොල්ලා (VIDEO)


පසුගිය  සමය පුරා ශ්‍රී ලංකාවේ විවිධ රූපවාහිනි නාලිකා විසින්  හුදු විනෝදාස්වාදය පිණිස බොහෝ රියලිටි ටීවි වැඩසටහන්  විකාශය කලා. ලාංකීය සමාජයද එම වැඩසටහන් ඉතා ඉක්මනින් වැළඳගනු ලැබුවා. ගායනය, රංගනය, නර්ථනය වැනි ප්‍රාසාංගික කලා මිස බුද්ධිය ආමන්ත්‍රණය කරන  රියලිටි ටීවි වැඩසටහන් ඉතා අල්ප වන අතර එය ලාංකීය සමාජයේ බහුතරයක් දෙනා වැළදගන්නේද නැත. 

උත්කෘෂ්ඨ සහජ බුද්ධියට පිදෙන හිරු උත්තමාචාරය ‘‘හිරු නැණ කිරුළ“ වැඩසටහනේ අවසන් මහා තරගය පසුගිය 31 වනදා පැවැත්වුණා. 
‘‘හිරු නැණ කිරුළ“ වැඩසටහනේ තරඟ වට කිහිපයක් අතරින් අවසන් මහා තරඟයෙන් ජය ලැබුවේ බානුක කුමාර දරුවායි. තරඟයෙන් ජයගෙන ප්‍රථමයා වූ බානුක කුමාරට හිමි රුපියල් ලක්ෂ 15 ක් වටිනා අධ්‍යාපන ශිෂ්‍යත්වය හා හිරු නැණ කිරුළ කුසලානය ආසියානු මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂක ,ප්‍රධාන විධායක නිලධාරී වින්සන් සිල්වා මහතාගේ සුරතින් පිරිනැමුණා.

නමුත් බානුකගේ මවත් බානුකත් අවසන් මහා තරඟයට කලින්ම තීරණය කර තිබුනේ බානුක මෙම තරඟයෙන් දිනුවොත් ලැබෙන ශිෂ්‍යත්වය ‘‘හිරු නැණ කිරුළ“ වැඩසටහනේ තරඟකරුවන් දෙදෙනෙකුට තිළින කිරීමටයි. 
එසේ දැනුමින් සටන් වැද බානුක කුමාර දිනාගත් රුපියල් ලක්ෂ 15 ක ශිෂ්‍යත්වය සිය කැමැත්තෙන්ම එම තරඟයේම ශිෂත්වයක අවශ්‍යතාවය පවත්නා දරුවන් දෙදෙනකු වෙත පිරිනැමීමද විශේෂත්වයක් වුණා.

රුපියල් ලක්ෂ 15 යනු ඉතා විශාල මුදලක්. එවැනි වටිනාකමකින් යුතු අධ්‍යාපන ශිෂ්‍යත්වයක් එය සැබැවින්ම අවැසි ආර්ථික අපහසුතා සහිත දරුවන් දෙදෙනෙකුට පිරිණැමීමට තරම් බානුක කුමාර යහගුණ දම්  පිරි දරුවකු වීම ශ්‍රී ලංකාවේ අනාගත පරපුර ගැන අපට යහපත් බලාපොරොත්තුවක් ඇති කිරීමට සමත් වනවා. 
‘‘හිරු නැණ කිරුළ“ අවසන් මහා තරගයට අති දක්ෂයින් 4 දෙනෙකු තේරී පත්වුණා.

ඒ අනුව එම දක්ෂයින් හතර දෙනා අතරින් භානුක කුමාර ප්‍රථම ස්ථානයත්  මහිමා කෞමදී දෙවන ස්ථානයත් දුල්වන් ලක්මුතු තුන්වන ස්ථානයත්  ලබා ගත්තා. 
මෙවන්  වැදගත් බුද්ධිමය වැඩසටහන් සදහා සිය ගුවන් කාලය වෙන්කරන හිරු මාධ්‍ය ජාලයට අප විශේෂ ස්තූතියක් පළකරනු ලබනවා. 





This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

ලක්ෂ පහලොවක් යාලුවන්ට දුන් පුංචි කොල්ලා (VIDEO)

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×