Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

අලුත් දණහිසක් බද්ධ කරන්න සනත් ජයසූරිය රට යයි.(PHOTOS)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට වෙනම රිද්මයක් හඳුන්වා දීමට පුරෝගාමී පුද්ගලයා කවුරුන්ද යන්න ප්‍රශ්නයට නැගුවහොත් ලැබෙන පිළිතුරු වලින් බොහොමයක සනත් ජයසුරිය යන නම තිබෙන්නට හැක.මන්ද ක්‍රිකට් ක්‍රීඩාව පන්දු යවන්නන් විනාශ කරන ක්‍රීඩාවක් බවට පත් කිරීමේ සැලසුම ක්‍රියාත්මක කිරීමට සනත් මහත් දායකත්වයක් ලබාදුන් අතර ඔහු එම රටාව එක්දින පිටියට පමණක් සීමා නොකර ටෙස්ට් තරඟවලටද රැගෙන ආ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ලැබූ ජයග්‍රහණ රැසක් පසුපස එම රිද්මය තිබුන බව සැමදෙනාම දන්නා කරුණකි.



සනත් ජයසුරිය ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලබාදුන් තරම් ජයග්‍රහණ ප්‍රමාණයක් ජාත්‍යන්තර තරඟ වල අනෙකුත් කිසිම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ලබාදීමට හැකියාව නොලැබෙන්නේ සනත්ගේ සාර්ථකත්වය.සනත්ගේ දවස යනු ප්‍රතිවාදීන්ගේ විනාශය නිසාය.සනත් ගැන මේ තරම් ලියන්නට හිතුනේ මේ වීරයා ගැන විදෙස් මාද්‍ය ඊයේ පලකල තිබු ජායාරුපයක් සමඟය.

සනත් මේ දිනවල දරුණු දණහිසේ ආභාදයකින් පීඩා විඳින අතර ඔහුට තනිව ඇවිදගන්න බැරි තැනට පත්වී ඇති බවද එම තත්වයට අදාළ ප්‍රතිකාර ගැනීම සඳහා සනත් ඔස්ට්‍රේලියාවට අද දිනයේ පිටත් වන බවද විදෙස් මාද්‍ය වාර්තා පළකර තිබිණි.ඔහු මසක පමණ කාලයක් එහි අදාළ සැත්කම වෙනුවෙන් ගතකරන බවද ඒ සදහා ලක්ෂ 50ක 60ක මුදලක් වැය වන බව එම ආරංචි මාර්ග  වැඩි දුරටත් පවසනු ලබයි.

මීට වසර 10 කට පෙර මෙවැනි අභාදයක් සනත්ට වුනානම් තත්වය කෙලෙස වෙනස් වෙනු ඇත්ද,සියලු මාද්‍ය අභාදය කුමක්ද කවදා සුවවේද යන්න පුවත් නිරන්තරයෙන් පලකරනු ඇති අතර ක්‍රීඩා ලෝලීන්ද දැඩි උනන්දුවෙන් ඒවා කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

අදමේ තැනට පත්වී ඇති සනත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු කීයකට කොපමණ දුරක් දුවන්නට ඇත්ද,ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ලබාගන්නට පන්දු යවන්නට කොපමණ දුරක් දුවන්නට ඇත්තද,ශ්‍රී ලංකාව වෙනුවෙන් උඩපන්දු ලබාගන්නට දුවද්දී දැවී යාම් ලබාගන්නට මෙන්ම ප්‍රතිවාදී ලකුණු නවත්වන්නට පන්දු පිටිපස කොතරම් දුරක් දුවන්නට ඇත්ද,පන්දු යවන්නාට උපදෙස් දෙමින් ඔහුගේ පිටුපස නායකයා ලෙස,කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රීඩකයෙකු ලෙස කොතරම් දුරක් ඇවිද ඇත්ද ,මේ සියළු කැපකිරීම් වලින් ශ්‍රී ලංකාවට ලැබුන ජයග්‍රහණ සහ කීර්තිය අපමන වන අතර එවන් ක්‍රීඩකයෙකු ට මෙලෙස ඇවිද ගන්නට නොහැකිව සිටින ආකාරය දකින විට සනත්ගේ ජවයදැක ඇති ඕනෑම ක්‍රීඩා ලෝලියකුට දැඩි දුකක් ඇතිවීම ස්වභාවිකය.

ඔහු ලකුණු දසදහසට සහ කඩුලු 300ට වඩා ලබාගත් එකම ක්‍රිකට් ක්‍රීඩකයා වෙයි. ඔහු කලෙක වේගවත්ම ශතකයට හිමිකම් කියූ පුද්ගලයාය. ඔහු කලෙක සිය රට වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු රැස් කළ පුද්ගලයාය. රටක් ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ක්‍රීඩා ආකෘතීන් තුළ ලබා ගත් වැඩිම ලකුණු හිමිකම් සටහනෙහි කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පුද්ගලයාය. ඒ තරග තුනෙහිම තරගයේ වීරයාද වෙයි. 1996 වසරේදී ලෝක ශූරයන් වූ කණ්ඩායම නියෝජනය කළ ඔහු තරගාවලියේ වීරයාය.

ලෝකයේ ශ්‍රී ලංකාවට ක්‍රිකට් සලකුණක් සකස් කරදුන් සනත්ට අප ඉක්මන් සුවය පතමු.






This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

අලුත් දණහිසක් බද්ධ කරන්න සනත් ජයසූරිය රට යයි.(PHOTOS)

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×