Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

නිපන්දුවකින් යළි කඩුල්ලක් දවා ගැනීමට ගිය ජඩේජාගේ කුරුමානම වරදියි..චන්දිමාල් බේරෙයි.ධනංජය සිංහ පිළ ඉහළට ඔසවා තබයි..(VIDEO)

ඉන්දියාවට එරෙහි දිල්ලි ෆෙරේෂ් ෂා කොට්ලා ක‍්‍රීඩාංගනයේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ පස්වැනි දිනයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ජයග‍්‍රහණය සදහා ලකුණු 410ක ඉලක්කයක් හඹා යන ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 119ක් ලබා සිටියේය. ඇන්ජලෝ මැතිව්ස් ගේ අනපේක්ෂිත දැවී යාමෙන් පසු ධනංජයද සිල්වා දිනේෂ් චන්දිමාල් සමග එක්ව පස්වැනි කඩුල්ල සදහා නොබිදුණු විශිෂ්ට ලකුණු 84ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් විය. 

එහිදී විශිෂ්ට ඉනිමක් ක‍්‍රිඩා කරන ධනංජයද සිල්වා එක් හයේ පහරක් හා හතරේ පහර 9ක් සමගින් සිය තෙවැනි ටෙස්ට් අර්ධ ශතකය රැස් කරමින් නොදැවී ලකුණු 72ක් ලබා සිටින අතර ප‍්‍රථම ඉනිමේ ශතකයක් රැස් කළ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 27ක් ලබා සිටියි. චන්දිමාල් ලකුනු 24ක් ලබා සිටියදී රවීන්ද‍්‍ර ජඩේජා එවු පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී දැවී ගියත් යළි පුනරූපණ නැරඹු තෙවැනි විනිසුරු එය නිපන්දුවක් ලෙස නම් කළ අතර ශ‍්‍රී ලංකා පිලේ නායකයාට තවදුරටත් පිටියේ රැදී සිටීමට වාසනාව හිමිවිය.

චන්දිමාල් දැවී ගිය වීඩියෝව මෙතැනින්

සිවැවැනි දිනය සදහා ඊයේ දිනයට තරගය නතර කරන විට ලකුණු 31ක් ලබා සිටි ශ‍්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 4ක් එක් වෙද්දී එක් ලකුණක් ලබාසිටි ඇන්ජලෝ මැතිව්ස් ජඩෙජා එවු පන්දුවකට ස්ලීප්හි පන්දුරකිමින් සිටි අජින්ක්‍යා රහානේ අතට උඩපන්දුයක් ලබා දෙමින් දැවී ගියහ. කෙසේ වෙතත් එම දැවීයාමේ දර්ශන යළි නැරඹීමේදී ජඩෙජා යැවු පන්දුව නිපන්දුවක් ලෙස දිස්වු අතර ඒ වන විට පන්දු යවන්නාගේ අන්තයේ විනිසුරු වශයෙන් කටයුතු කළේ ජෝයි විල්සන්ය.

කෙසේනමුත් විනිසුරු කල මේ වරද සාධාරණය කරමින් නිපන්දුව අනිත් අන්තයේ සිටි ධනංජය සිල්වා නොදැක්කේ මක් නිසාද යන මෝඩ තර්කයක් තරඟය විචාරය කල ඉන්දීය විචාරකයන් සහ තරඟය සජීවීව විකාශය කරන වෙබ් අඩවි මතු කරන ආකාරයද දැකගත හැකි විය.

මැතිව්ස් දැවී ගිය විඩියෝව මෙතැනින්..

ඊයේ දිනයේදී මොහොමඞ් ශාමී එවන ලද බවුන්සර් පන්දුවක් නිදැල්ලේ යැවීමට උත්සහ කිරීමේදී සධීර සමරවික්‍රමගේ අත් ආවරණයේ වැදුණු පන්දුව පළමු ස්ලිප්හී පන්දු රකිමින් සිටි අජින්ක්‍යා රහනේ විසින් රැකගැනීමත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 14 ක් වන විට දැවී ගියේය. ප්‍රධාන විනිසුරු විසින් දැවී ගිය බවට තීරණය කළද ඉන් සැහීමකට පත්නොවූ සධීර සමරවික්‍රම විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය.

තෙවැනි විනිසුරු විසින් පුනරූපණ නැරඹීමේදී අත් ආවරණයේ යම්තමින් වැදුණු පන්දුව සධීර සමරවික්‍රමගේ උරහිසේ වේගයෙන් වදිමින් ස්ලිප්හී පන්දු රකිමින් සිටි අජින්ක්‍යා රහනේ වෙත ඇදී ගියේය. ඊයේ දිනය නිමාවීමට පෙර රවින්ද්‍ර ජදේජා විසින් යවන ලද අවසන් ඕවරයේ පළමු පන්දුවෙන් දිමුත් කරුණාත්න දැවී ගිය අතර රාත්‍රි මුර පිතිකරු ලෙස පැමිණි සුරංග ලක්මාල්ද එම ඕවරයේ සිවුවැනි පන්දුවෙන් දැවී ගියේය.

ඉන්දියාව දෙවැනි ඉනිම සදහා කඩුලු 5 ක් දැවී ලකුණු 246 ක් රැස්කරමින් ඉනිම අත්හිටුවන විට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 409 ක් ඉදිරියෙන් සිටියේය.



This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

නිපන්දුවකින් යළි කඩුල්ලක් දවා ගැනීමට ගිය ජඩේජාගේ කුරුමානම වරදියි..චන්දිමාල් බේරෙයි.ධනංජය සිංහ පිළ ඉහළට ඔසවා තබයි..(VIDEO)

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×