Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

"සරල විමල්" - පවුලේ මාසික ජීවන වියදම රුපියල් 26,000යි.

විමල් වීරවංශ මහතා පවුලේ ජීවන වියදම වෙනුවෙන් මාසයකට රුපියල් විසිහයදහසක් පමණ යොදවා ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්, නීතීඥ කපිල ගමගේ මහතා පවසයි.mහෙතෙම මේ බව පැවසූවේ පිටකෝට්ටේ පිහිටි පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේදී පසුගිය දා පැවති මාධ්‍ය හමුවේදී ය.

මාසිකව රුපියල් 65,000ක දීමනාවක් හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් මාසිකව රුපියල් 26,000ක් උපයා ගත්තේ කෙසේද යන්න ප්‍රශ්න කර ඇති බවත් මෙවැනි විහිළු චෝදනා සහිත නඩු ගොනු වෙන්නේ විමල් වීරවංශ මහතා රට වෙනුවෙන් මේ ආණ්ඩුවට එරෙහිව ගෙන යන සටන නිසා බවත් කපිල ගමගේ මහතා සඳහන් කළේය.

තවම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් විමර්ශන පවා අවසන් කර නැති කරුණු රැසකට අදාළව විමල් වීරවංශ මහතාට මහාධිකරණයේ අධි චෝදනා පත්‍රයක් ගොනුකර ඇති බවත් එලෙස සිදු කර ආණ්ඩුව අවශ්‍ය වී ඇත්තේ පළාත් පාලන ඡන්ද කාලසීමාවේ දී ‘ඔන්න විමල්ට කෝටි 07ක් ගැන නඩුවක් තියෙනවා’ යැයි පැවසීම බවත් එම මාතෘකාව හදා ගැනීමට ඡන්දය කටේ තියා ගෙන මෙවැනි නඩු පැවරීමක් සිදු කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කලේය.

“මේ කෝටි හතෙන් කෝටි 1.22කට අදාළ සිදු වීම මේ තත්වය තේරුම් ගැනීම සඳහා මම ඔබට පැහැදිලි කර දෙන්නම්. ‘එක්කෝටි විසිදෙලක්‍ෂ හත්සිය ගණනක්’ උපයා ගත්තේ කොහොමද, කියා අහලා තිබෙනවා. මේ උපයා ගත්තු එක්කෝටි විසිදෙලක්‍ෂය ‘2010 අප්‍රේල් 26 සිට 2014 දෙසැම්බර් 31 දක්වා වන අවුරුදු 05කට ආසන්න කාලය තුළ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ රාජකාරි කටයුතුවලට යොදා ගන්නා ලද නිල වාහන සඳහා වැය කරන ලද ඉන්ධනවල වටිනාකම’ ලෙසයි අල්ලස් කොමිසම දන්වා ඇත්තේ. 

හත් දෙයියනේ, මේ අහන්නේ රජයෙන් නිල රාජකාරි සඳහා ඇමතිවරයකුට දෙන ඉන්ධන දීමනාව උපයා ගත්තේ කොහොමද, කියලයි. මේ මුදල අමාත්‍යවරයාගේ නිල රථය සහ වාහන සංවිතයෙන් ඔහුට අවශ්‍ය වූ විට ලබා දුන් වාහනවලට අමාත්‍යංශයෙන් ගිණුම් ලිපිකරුගේ දැනුම්දීම අනුව වසර 05 පුරා නිකුත් කළ ඉන්ධනවලට වැය වූ මුදල දළ වශයෙන් ගණන් හදා බැලුවොත් මේ මුදල මාස 56කට ලබා දී ඇත්තේ.

විමල්ගේ පවුලේ මාසික වියදම රු, 26,000යි

“එහෙමනම් මාසයකට වැය වූ මුදල දෙලක්‍ෂ දහනවදාහක් පමණ වෙනවා. දිනකට ගත්තොත් රුපියල් 7.000ක් පමණ. ඇමතිවරයා එක සතියකදී යාපනයට ගියානම්, මේ ඉන්ධන වියදම මේ ආකාරයෙන් පවත්වා ගෙන යාමට නම් අනෙක් දින 06 පාර්ලිමේන්තු, කැබිනට් මණ්ඩලයට පවා නොගිහින් ඉන්න ඕනෙ. එවැනි ඉතා විහිළුකාරී චෝදනා සහිත හදිස්සියේ ගොනු කළ නඩුවක් තමයි දැන් අප ඉදිරියේ තිබෙන්නේ. අධිකරණය කෙරෙහි මාගේ වන ගෞරවය ඒ විදිහටම තබා ගෙන තමයි මේ කරුණු පැහැදිලි කිරීම කරන්නේ.“ යැයිද කපිල ගමගේ මහතා ප්‍රකාශ කළේය.

“දැන් මේ අය අහලා තියෙන තවත් එක් ප්‍රශ්නයක් තමයි 2012 අගෝස්තුවේ සිට 2014 දෙසැම්බර් 31 වන තෙක් පවුලේ ජීවන වියදම වෙනුවෙන් වැය කළ රුපියල් හත්ලක්‍ෂ පනස්දහස උපයා ගත්තේ කොහොමද කියලා. අපි ගණන් හදලා බැලුවා ‘විමල් වීරවංශ මහතා පවුලේ ජීවන වියදම වෙනුවෙන් මාසයකට රුපියල් කීයක් යොදවලා තිබෙනවාද? කියා. ගණන රුපියල් විසිහයදහසයි. මාසිකව රුපියල් 65,000ක දීමනාවක් හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් මෙතැනදී අහනවා, මාසිකව රුපියල් 26.000ක් උපයා ගත්තේ කොහොමද, කියා. 

මෙවැනි විහිළු චෝදනා සහිත නඩු ගොනු වෙන්නේ විමල් වීරවංශ මහතා රට වෙනුවෙන් මේ ආණ්ඩුවට එරෙහිව ගෙන යන සටන නිසා බව අමුතුවෙන් කිව යුතු නැහැ.” යැයිද ඔහු වැඩිදුරටත් පැවසී ය.


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

"සරල විමල්" - පවුලේ මාසික ජීවන වියදම රුපියල් 26,000යි.

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×