Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

නායකත්වයේ වෙනසක් සමගින් ඉන්දු – ශ‍්‍රී ලංකා T20 සංචිතය නම් කරයි ..18 හැවිදිරි සුපිරි ක‍්‍රීඩකයා කණ්ඩායමට කැදවයි..

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ටෙස්ට් තරඟාවලිය අවසානයේ ආරම්භ වන එක්දින සහ T20 තරඟාවලිය සඳහා සහභාගී වන ඉන්දීය සංචිත මේ වනවිට නම් කර ඇත. එක්දින තරඟාවලිය සඳහා නම් කල ඉන්දීය සංචිතය සඳහාද නායකයා ලෙස රෝහිත් ශර්මා නම් කළා මෙන්ම T20 තරඟාවලිය සඳහාද විරාත් කෝලි විවේක ගන්වා ඇති අතර නායකයා ලෙස ශර්මා නම් කර ඇත.

අද නම් කල ඉන්දීය සංචිතය සඳහා පළමුවරට දහඅට හැවිරිදි දඟ පන්දු යවන්නෙකු වන වොෂිංටන් සුන්දර් කැඳවා ඇති අතර IPL තරඟාවලියේ ඉහල දක්ෂතා පෙන්වූ බැසිල් තම්පි සහ වේගයෙන් පන්දුවට පහරදෙන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන දීපාක් හුඩාද අද නම් කල සංචිතය සඳහා නම් කර ඇත.

ඉන්දීය T20 සංචිතය..

Rohit Sharma (c), KL Rahul, Shreyas Iyer, Manish Pandey, Dinesh Karthik, MS Dhoni, Hardik Pandya, Washington Sundar, Yuzvendra Chahal, Kuldeep Yadav, Deepak Hooda, Jasprit Bumrah, Mohammad Siraj, Basil Thampi, Jaydev Unadkat.

ඉන්දියාව එරෙහි එක්දින තරගාවලියට ශ‍්‍රී ලංකා සංචිතය නම් කරයි

මේ අතර ලබන 10 වැනිදා ධර්මසාලා හිදී ආරම්භ වන ඉන්දු – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම ඊයේ(04) නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කරනු ලැබුවා

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුතු සංචිතය සඳහා නායකත්වය සපයන්නේ තිසර පෙරේරා විසිනි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසර තුල දැනට සහභාගි වී ඇති එක්දින තරග අතුරෙන් තරග 4ක් පමණක් ජයග්‍රහණය කර ඇත්තේ තරග 21ක් පරාජය වෙමිනි. ඊට අමතරව එහි ඇති භයානකම සිදුවීම වන්නේ ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගි වූ එක්දින තරග 12ම පරාජයට පත්වී තිබීමයි.

ඇන්ජලෝ මැතිව්ස්, සිම්බාබ්වේ කණ්ඩායම සමඟින් පැවති එක්දින තරගාවලිය 3-2ක් ලෙස පරාජයට පත්වීමෙන් පසුව සිය නායකත්වයෙන් ඉල්ලා අස්වූ අතර අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්වූයේ වමතින් පිත්ත හසුරුවන උපුල් තරංගයි.

ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම, දකුණු අප්‍රිකාව, ඉන්දියාව හා පාකිස්තානයට එරෙහිව එක්දින තරගාවලි තුනක් පිළිවෙළින් 5-0ක් ලෙස පරාජය විය. නමුත් තරංග ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස නිල නායකයා ලෙස නායකත්වය ඉටු කළේ නිමා වූ ඉන්දීය සංචාරයේ සිටයි.

දකුණු අප්‍රිකානු තරගාවලියේ දී තරංග නායකත්වයට පත් වූයේ මැතිව්ස් ආබාධයකට ලක්ව සිටි නිසාවෙනි. ඒ නිසාවෙන් පසුගිය සතියේ දී ඉන්දීය සංචාරයට පමණක් සීමිත පන්දුවාර තරග සඳහා කණ්ඩායම් නායකයෙක් ලෙස තිසර පෙරේරා පත්කිරීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කළේය.

ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ පැවති පළමු ටෙස්ට් තරගය අතරතුර දී අතේ ආබාධයකට ලක්වූ අසේල, මේ වන විට ඉන් සම්පූර්ණයෙන් සුවය ලබා සිටියත් ඔහු ඉහළ ශාරීරික යෝග්‍යතාවයකින් පසු නොවීම නිසා ඔහුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරය සඳහා නම් කළ ටෙස්ට් සංචිතය සඳහා ඇතුළත් කරනු නොලැබීය. නමුත් ඊයේ(4) නිකුත් වූ එක්දින සංචිතයට කැඳවා ඇති තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න අවසන් වරට එක්දින තරගයක් සඳහා සිය දායකත්වය දක්වා ඇත්තේ 2017 ජුලි මස 10 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වූ තරගයක දීය.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් නිමා වූ පාකිස්තානු එක්දින තරගාවලියේ සහභාගි වූ එක්දින තරග 5 දී ම ලබාගෙන ඇත්තේ ලකුණු 41ක් පමණි. තවද එහි දී වැඩි දස්කම් අතරට ඒමට නොහැකි වූ මිලින්ද සිරිවර්ධන, සීකුගේ ප්‍රසන්න හා චාමර කපුගෙදර ද සංචිතයෙන් ඉවත් කර ඇත.

මැදපෙළ පිතිකරුවෙකුව සිටි කුසල් මෙන්ඩිස් තේරීම් කමිටුව විසින් මෙවරත් සැලකිල්ලට ගෙන නොමැති අතර, දක්ෂ වමත් පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරා බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය තුල අතෙහි යම් ආබාධයකට ලක්වීම නිසා මෙම සංචිතයට තෝරාගෙන නොමැති බව දැනගන්නට ලැබේ.

තරග තහනමකට ලක්වීම නිසා පකිස්තානු එක්දින තරගාවලිය අහිමි වූ ප්‍රහාරත්මක වමත් පිතිකරු දනුෂ්ක ගුණතිලක නැවතත් පූර්ණ එක්දින තරගාවලියක් හා එක්වීමට අවස්ථාව උදාකරගෙන ඇති අතර, ඔහු එක්දින ක්‍රිකට් පිටිය තුල 32.81ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් පවත්වා ගැනීමට සමත් වී ඇත.

පා දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ හා පිට දඟපන්දු යවන අකිල දනංජය ඉන්දීය එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා ඇත්තේ පන්දු යවන්නන්ගේ බලඇණිය සවිමත් කරනු පිණිසයි. තවද තුන් ඉරියව් ක්‍රීඩක චතුරංග ද සිල්වා හා සචිත් පතිරණ ද කණ්ඩායමට ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලංකා එක්දින සංචිතය – තිසර පෙරේරා (නායක), උපුල් තරංග, දනුෂ්ක ගුණතිලක, නිරෝශන් දික්වැල්ල, සධීර සමරවික්‍රම, ලහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න , චතුරංග ද සිල්වා, සචිත් පතිරණ , අකිල දනංජය, ජෙෆ්රි වැන්ඩසේ, දුශ්මන්ත චමීර, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්.



This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

නායකත්වයේ වෙනසක් සමගින් ඉන්දු – ශ‍්‍රී ලංකා T20 සංචිතය නම් කරයි ..18 හැවිදිරි සුපිරි ක‍්‍රීඩකයා කණ්ඩායමට කැදවයි..

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×