Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

Shangri-La Colombo මහින්ද රාජපක්ෂ නිළ වශයෙන් විවෘත කරයි

පසුගිය බ්‍රහස්පතින්දා (16) වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සංකේතීය වශයෙන් පීත්ත පටි කපා විවෘත කළ Shangri-La Colombo තරු පංතියේ සුපිරි හෝටලය ඊයේ (18) රාත්‍රී  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ පවුලේ අය මෙන්ම අනෙක් රාජපක්ෂවරුන්ද ඇතුළුව නිළ වශයෙන් විවෘත කර තිබේ. 
මෙම නිළ විවෘත කිරීම බ්‍රහස්පතින්දා රාත්‍රියේම සංවිධානය කර තිබුනද මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය නොවැම්බර් 18 වැනිදාට යෙදෙන බැවින් එදින රාත්‍රී එම උත්සවය සංවිධානය කරන ලෙස Shangri-La Colombo හෝටලයේ අධ්‍යක්ෂක, කෝටිපති ව්‍යාපාරික සජාඩ් මව්සූන් (Sajad Mawzoon) මහතා  පාලනාධිකාරියට නියෝග කර ඇත. 

ඒ අනුව ඊයේ රාත්‍රියේ හිටපු ජනාධිපතිවරයා ඇතුළු පවුලේ සැමට දුර්ලබ ගණයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට Shangri-La Colombo හෝටලයේ පාලනාධිකාරිය කටයුතු කර තිබේ. සුපිරි ගණයේ චීන සාම්ප්‍රදායික රස මසවුළුවලින් විචිත්‍රවත් වූ මෙම රාත්‍රී භෝජන සංග්‍රහය චීන සාම්ප්‍රදායික අංගයන්ගෙන් සමන්විත විය. 16 වන බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් හෝටලය සංකේතීය ආකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව 32 වන මහළ වෙත කැඳවාගෙන ගොස් ඇති අතර එහිදී අමුත්තන්ට කෙටි කෑම වර්ග හා තේ කෝප්පයකින් පමණක් සංග්‍රහ කළද ඊයේ රාත්‍රී භෝජන සංග්‍රහය විස්කි, බ්‍රැන්ඩි, ෂැම්පේන් උතුරා ගිය එකක් විය.

උත්සව ශාලාව වෙත මහින්ද රාජපක්ෂ මහතා සහ එම මහත්මිය පැමිණෙන විට ඔවුන් දෙපළ පිළිගනිමින් අධ්‍යක්ෂක සජාඩ් මව්සූන් පවසා ඇත්තේ 'මේ ඉන්නේ අපේ ජනාධිපති' යැයි පවසමිනි. එහි රැස්ව සිටි පිරිස් ඊට අත්පොලසන් නගා ප්‍රතිචාර දක්වත්ම එක් අයෙකු පවසා ඇත්තේ '72 වැනි උපන් දිනය කියන්නෙ ඉතා සුබ එකක්. ජේ.ආර්. ජයවර්ධන ලංකාවෙ පළවෙනි විධායක ජනාධිපති උනේ අවුරුදු 72 දි. ඔබතුමා ආයෙත් ජනාධිපති වෙන එක සක්කරයටවත් වලක්වන්න බෑ.' කියාය.















This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

Shangri-La Colombo මහින්ද රාජපක්ෂ නිළ වශයෙන් විවෘත කරයි

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×