Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

රිය අනතුරකින් පසුව වූ ගැටුමක් දුරදිග යයි...! ගිංතොට ගිනි ගනී...! - මහ රාත්‍රියේ රටම කැළඹූ ගැටුමේ සියලු තතු මෙන්න (PHOTOS)


ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ඊයේ රාත්‍රීකාලයේ විශාල ගැටුමක් හටගෙන තිබේ. සිදුවී ඇති ජීවිත හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් නිවැරදි තොරතුරු වාර්තා වී නැති අතර සමාජජාල තුල ගැටුමට සම්බන්ධ යැයි පැවසෙන පුද්ගල හා දේපල හානි පිළිබඳ ජායාරූප කිහිපයක් වේගයෙන් සංසරණය වෙමින් තිබේ.

සිංහල  මුස්ලිම් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම හේතුවෙන්  මේ වන විට ප්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය පණවා තිබේ. කුරුඳුවත්ත, මහ හපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත සහ පියදිගම ග්‍රාමසේවා වසම් වලට මෙම ඇඳිරිනීතිය බලපැවැත්වේ. දැනට දින 2 කට පමණ පෙර මෝටර් සයිකලයක ගමන් ගත් සිංහල තරුණයින් දෙදෙනෙකු අතින් ගිංතොට මුස්ලිම් ගම්මානයකදී මුස්ලිම් කාන්තාවක් අනතුරට පත්වීම නොසන්සුන්කාරී තත්වය හට ගැනීමට මූලික වී තිබේ.

මුස්ලිම් කාන්තාව අනතුරට පත්වීමෙන් පසු මුස්ලිම් පිරිසක් මෙම තරුණයින් දෙදෙනාට හිරිහැර කර ඇත. එසේ සිද්ධිය නිමා වුනත් පෙරදා මුස්ලිම් තරුණයින් දෙදෙනෙකු පාපන්දු තරඟාවලියකට සහභාගි වීමට ගොස් සිටියදී සිංහල තරුණයින් කිහිප දෙනෙකු එම තරුණයින්ට පහර දී තිබේ. මෙම සිදුවීම දුරදිග ගොස් ඊයේ එම ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්වයක් හට ගෙන ඇත.

මෙම ගැටුම  බෝපේ පෝද්දල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී හුසේන් නියාස්ගේ කුමන්ත්‍රණයක් ලෙසටද රාවයක් ඇත. එම සිදුවීමේ ජායාරූප යැයි සටහන් කරමින් සමාජජාල තුල සංසරණය වන ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ. මෙම ජායාරූප නිල වශයෙන් අදාළ සිදුවීම් වලට සම්බන්ධ යැයි තහවුරු වී නොමැත.






………………………….harigossip.com ඇසුරෙනි……………………


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

රිය අනතුරකින් පසුව වූ ගැටුමක් දුරදිග යයි...! ගිංතොට ගිනි ගනී...! - මහ රාත්‍රියේ රටම කැළඹූ ගැටුමේ සියලු තතු මෙන්න (PHOTOS)

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×