Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

දකුණු අහසේ විශාල ශබ්දයක් සමඟ එළියක් - හේතුව හෙළි වේ (VIDEO)

විශාල එළියක් විහිදුවාගෙන අහසේ වේගයෙන් යම් වස්තුවක් ඇදී ගිය බවත් මහ ශබ්දයක් සමග වහළ මතට සහ ගස් මතට දුහුවිලි වැටෙන්නාක් මෙන් දැනුන බවත් පිටබැද්දර ප්‍රදේශවාසීහු පවසති. මෙම ආලෝකය නෙළුව, තවලම, හක්මන, දෙනියාය වැනි ප්‍රදේශවල ජනතාව විසින් දැක ඇති අතර බොහෝ දෙනකුගේ මතය වන්නේ උල්කාපාතයක් කඩා වැටෙන්නට ඇති බවයි.

ගාල්ල, හබරාදුව, පිටබැද්දර, අකුරැස්ස ප්‍රදේශවලටද මෙම ශබ්දය ඇසුණු බව වාර්තාවෙතත් සිද්ධියක් දුටු කෙනෙක් හෝ සිදුවීමක් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැතැයි ප්‍රදේශවාසීහු කියති. දැනට ලැබෙන වාර්තාවලට අනුව මෙම තත්වය ලොකු උල්කාශ්මියක් විය හැකි යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ ඒකකයේ අධ්‍යක්‍ෂ ආචාර්ය චන්දන ජයරත්න මහතා තහවුරු කළහ. කොළඹ ප්‍රදේශයේ බොහෝ දෙනෙක් ඉතා වේගයෙන් ගමන් ගන්නා ආලෝකයක් පමණක් දැක ඇති අතර ආලෝකය සහ ශබ්දය දකුණු පළාතේ බොහෝ ප්‍රදේශවලට අසන්නට සහ දක්නට ලැබුණු බව තමන්ට වාර්තා වූ බවද ජයරත්න මහතා පැවසීය.

මෙවැනි උල්කාශ්මියක් තත්පරයකට කිලෝමීටර 65 ක් පමණ වේගයකින් පොළොවට ගමන් කරන බවත් එහිදී වායුගෝලයේ ඇතිවන ඝර්ෂණය නිසා ඇතිවන රත්වීමෙන් ඔක්සිජන් සමග ගැටී ගිනි ගන්නා බවත් එම එළිය අපට දක්නට ලැබෙන බවත් ජයරත්න මහතා පැවසුහ. එම පොළව දෙසට වේගයෙන් එනු ලබන උල්කාශ්මියේ වේගය අනුව ඉදිරි කොටසේ පීඩනය වැඩිවන අතර පිටුපස කොටසේ පීඩනය අඩුවන බවත් එම හේතුවෙන් උල්කාශ්මිය පුපුරා යන බවත් එම ශබ්දය විශාල ශබ්දයක් ලෙසින් පොලවට ඇසෙන බවද ජයරත්න මහතා පැවසුහ.

මේ අතර හැලී ගේ දුමකේතුවේ කක්ෂය හරහා පෘතුවිය ගමන් කිරීම සිදුවන නිසා එමගින් උල්කාපාත වර්ෂාවක් ඇතිවීමටද නියමිත බවත් සමහර විට  එම සිද්දිය නිසා ඇතිවූ තත්වයක් දැයි සැක කළ හැකි බවද ජයරත්න මහතා වැඩිදුරටත්  පැවසුහ. තත්පරයකට කිලෝමීටර් 65 පමණ වේගයකින් පොළොවට පැමිණි එම උල්කාශ්මිය කලාතුරකින් දක්නට හැකි දෙයක් වුවත් එම උල්කාශ්මිය සියසින් දැකගැනීමට හැකිවූ ගාල්ල වංචාවල පනාගමුවේ පදිංචි ගාල්ල මහින්ද විදුහලේ ගුරුවරයකුවූ සිරිවර්ධන ගමගේ මහතා මෙසේ සිද්ධිය පැහැදිලි කළේය.



This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

දකුණු අහසේ විශාල ශබ්දයක් සමඟ එළියක් - හේතුව හෙළි වේ (VIDEO)

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×