Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

1950 සිට 2014 තෙක් බිලියන 7300යි.. මෛත‍්‍රී-රනිල් අවුරුදු දෙකට බිලියන 2000ක් අරන් දැන් ණය 9300යි.. මහ බැංකුවේ අලුත්ම වාර්තාව මෙන්න..

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්ෂික වාර්තාව 2016 පසුගිය දා නිකුත් කල අතර එහි අවසාන කොටස වන විශේෂ සංඛ්‍යා ලේඛන පරිශිෂ්ටය යටතේ රාජ්‍ය මූල්‍ය අංශය- 7වෙනි සංඛ්‍යා සටහන පිටුවේ රාජ්‍ය ණය ලෙස දේශීයව හා විදේශීයව ගත් ණය ප්‍රමාණයත් එය රටේ සමස්ථ දල දේශිය නිෂ්පාදනයෙන් කොපමණ ප්‍රතිශතයක් ද යන්නත් ඇතුළු වැදගත් කරුණු රාශියක් සඳහන් කොට ඇත. මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව මෙතනින්

එම වගුවේ ශ්‍රීලංකාවේ ආණ්ඩු 1950 සිට දේශීය හා විදේශීයව ලබා ගත් ණය ප්‍රමාණය රුපියල් මිලියන වලින් සටහන් කොට ඇති අතර එම ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දල දේශිය නිෂ්පාදනයෙන් කොපමණ ද යන්න අවසාන තීරුවේ සඳහන් කොට ඇත. 1950 දි ඩි එස් සේනානායක රජය ණය ගැනීම ආරම්භ කොට ඇති අතර එම වසරේ දි රුපියල් මිලියන 654 ක් ලබා ගත් අතර එය ශ්‍රීලංකාවේ. දල දේශිය නිෂ්පාදනයෙන් සීයයට 16.9% ක් විය.

1956 දි එනම් එස් ඩබ්ලිව් ආර් ඩි බණ්ඩාරනායක යුගය ආරම්භ වුයේ එම ප්‍රමාණය මිලියන 1208 කින් ය, එය එය ශ්‍රීලංකාවේ දල දේශිය නිෂ්පාදනයෙන් සීයයට 23.7% ක් විය. 1970 දි ඩඩ්ලි සේනානායක රජය සිරිමා බණ්ඩාරනායක මැතිනියට ආණ්ඩුව භාරදෙන විට රාජ්‍ය ණය දේශිය හා විදේශීය මිලියන 8689 ක් වු අතර එය ශ්‍රීලංකාවේ දල දේශිය නිෂ්පාදනයෙන් සීයයට 63.6% ක් විය.

සිරිමා බණ්ඩාරනායක මැතිනිය 1977 දි ජේ ආර් ජයවර්ධන රජය වෙත රට භාර දෙන විට සමස්ථ රාජ්‍ය ණය ප්‍රමාණය මිලියන 24985 ක් වු අතර එය ශ්‍රීලංකාවේ දල දේශිය නිෂ්පාදනයෙන් සීයයට 68.6% ක් විය. රනිල් ප්‍රමුඛව එක්සත් ජාතික පක්ෂය රජය 1994 දි චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය වෙත ආණ්ඩුව භාර දෙන විට රාජ්‍ය ණය දේශිය හා විදේශීය මිලියන 550921 ක් වු අතර එය ශ්‍රීලංකාවේ දල දේශිය නිෂ්පාදනයෙන් සීයයට 95.1% ක් විය.

2004 චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගෙන් ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත භාරදෙන විට විට ශ්‍රීලංකාවේ රාජ්‍ය ණය දේශිය හා විදේශීය රුපියල් මිලියන 2,139,527 ක් වු අතර එය ශ්‍රීලංකාවේ දල දේශිය නිෂ්පාදනයෙන් සීයයට 102.3% ක් විය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2014 දි ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත භාරදෙනවිට රාජ්‍ය ණය දේශිය හා විදේශීය රුපියල් මිලියන 7,390,899 කි. එය ශ්‍රීලංකාවේ දල දේශිය නිෂ්පාදනයෙන් සීයයට 71.3% ක් විය.

රනිල්- මෛත්‍රී හවුල් ආණ්ඩුව පසුගිය වසර දෙක අවසානයෙදි එනම් 2016 දෙසැම්බර් 31 දිනට රාජ්‍ය ණය දේශිය හා විදේශීය මිලියන 9.387,303 ක් දක්වා සීයයට 27% කින් එනම් 1950 සිට 2014 දෙසැම්බර් 31 වෙනිදා තෙක් තිබු සමස්ථ ණය ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 2000කින් ඉහළ දමා ඇත, එය ශ්‍රීලංකාවේ දල දේශිය නිෂ්පාදනයෙන් සීයයට 79.3% ක් දක්වා ඉහළ ගොස් ඇත.





This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

1950 සිට 2014 තෙක් බිලියන 7300යි.. මෛත‍්‍රී-රනිල් අවුරුදු දෙකට බිලියන 2000ක් අරන් දැන් ණය 9300යි.. මහ බැංකුවේ අලුත්ම වාර්තාව මෙන්න..

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×