Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

මොඩියුල් ෆෝන් විප්ලවය ..."Google ARA"

අද ජීවිය කියන්න යන්නෙ අමුතුම ෆෝන් එකක් ගැන.ගොඩක් කට්ටිය මේ කියන්න යන ෆෝන් එක ගැන දන්නවත් ඇති.ඒක අයිතිකරුවටම තමන්ගෙ ෆෝන් එක වෙනස්  කරගන්න පුලුවන්  විදිහෙ ෆෝන් එකක්..
ඒකෙ නම තමයි  Google ARA. මේක මොඩියුල් ෆෝන් එකක්.ඒ කියන්නෙ මේකෙ කෑලි ගලවල ඒ වෙනුවට තමන් කැමති කෑලලක් රීපේලේස් කරන්න පුලුවන්.මේ කෑලි කියන්නෙ වෙන මොනවත් නෙමෙයි ෆෝන් එකේ බැටරිය,කැමරාව,ස්පීකර් එක වගේ දේවල්.ෆොටෝ එකේ පේන විදිහට මේ මම කියපු දේවල් තියෙන්නෙ වෙන් උන කොටස් විදිහට.

මේ ෆෝන් එකේ විශේෂත්වය තමා ඒක..මෙහෙම හිතන්න ඔයා දැන් මේ  Google ara ෆෝන් එකක් මිලදී ගන්නව.ඔයා ගත්තු ෆෝන් එකේ තියෙන කැම් එක 20 mp,බැටරිය 2300 mph...සවුඩ් නෝමල් කියල හිතමුකො..ටික කාලයක් මේක පාවිච් කරද්දි ඔයාට මේකෙ තියෙන කැම් එක,බැටරිය,සවුඩ් එහෙම මදි කියල හිතෙනව..එතකොට ඔයාට මෙචරකල් කරා වගේ අලුතෙන් ෆෝන් එකක් ගන්න යන්න ඕනෙ නෑ.තියෙන්නෙ කඩේට ගිහින් දැන් තියෙන කැම් එකට වඩා හොද කැම් එකක් මිලදී ගන්න එක විතරයි..
ඔව් වෙළදපොලේ මේ  Google ARA ෆෝන් එකේ කොටස් තියෙනව.ඒ කියන්නෙ එක එක කොලිටි එකේ කැම්,බැටරි,ස්පීකර්ස් මාකට් එකේ තියෙනව..හැබැයි ඒව ගැලපෙන්නෙ Google ARA ෆෝන් වලට විතරයි.. Google එකෙන් විස්තර ඉදිරිපත් කරල තියෙන විදිහට මේ ෆෝන් එකට ඕනමනම් ප්‍රොසෙසර් එකත් මොඩියුල් විදිහට අප්ග්‍රේඩ් කරන්න පුලුවන්ලු...
  


මේ ප්‍රොජෙක්ට් එක මීට කාලෙකට ඉහතදි  Google ආයතනයෙන්ම ගත්තු තීරනයක් නිසා නැවතිලා තිබුනෙ.ඒත් මේ ලගකදි Google එකෙන්  නිකුත් කරපු නිවේදනයක තිබුනෙ Google ARA ප්‍රොජෙක්ට් එක ආයෙත් ඉක්මනින්ම පටන් ගන්න තීරනය කරපු බව.ඒකියනෙ මේ වගෙ මොඩියුල් ෆෝන් එකක් පාවිච් කරන්න අපිට වැඩ් කාලයක් බලන් ඉන්න ඕනෙ නැති වෙයි කියල.





This post first appeared on Jeewiya, please read the originial post: here

Share the post

මොඩියුල් ෆෝන් විප්ලවය ..."Google ARA"

×

Subscribe to Jeewiya

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×