Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

මැතිවරණ ක්‍රමය සංශෝධනයට පත්කළ කොමිසමේ කාලය ජනපති දීර්ඝ කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිල කාලය ජුනි 15 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

ඒ අනුව, කොමිසමේ අවසන් වාර්තාව ජූනි 15 වැනිදාට පෙර ජනාධිපතිවරයාට භාරදීමට සැලසුම් කර ඇති බව එම කොමිසමේ ලේකම් මාධව ‍දේවසුරේන්ද්‍ර සඳහන් කරයි.

පසුගිය වසරේ ඔක්තොම්බර් මස 15 වැනිදා පත්කළ එහි නිල කාලය මේ මස 15 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබිණි.

මේ අතර, මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා එක් එක් අංශ යටතේ නිර්දේශ ඉදිරිපත් කිරීමට අනු කමිටු තුනක වාර්තා ලබාගෙන කොමිසමේ අවසන් වාර්තාව සකස් කිරීම මේ වනවිට සිදුකෙරෙන බව මාධව ‍දේවසුරේන්ද්‍ර සඳහන් කරයි.

එක් අනු කමිටුවක් මගින් මැතිවරණ ක්‍රමය හා සම්බන්ධ ව්‍යවස්ථාපිත නීති රාමුව පිළිබඳ යෝජනා සළකා බලා නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

තවත් අනු කමිටුවකින් ජනමාධ්‍ය උපමාන, කාන්තා නියෝජනය ආදී කරුණු අධ්‍යයනය කොට නිර්දේශ ඉදිරිපත් කරනු ඇත.

අනෙක් අනු කමිටුවෙන් මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අපේක්ෂකයන්ගේ හා දේශපාලන පක්ෂවල කාර්යභාරය,චර්යාධර්ම පද්ධතියක් පිළියෙල කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කරන බව ලේකම්වරයා ප්‍රකාශ කරයි.

මැතිවරණ ක්‍රමය සංශෝධනයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත්කළේ, හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ සභාපතිත්වයෙනි.




This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

මැතිවරණ ක්‍රමය සංශෝධනයට පත්කළ කොමිසමේ කාලය ජනපති දීර්ඝ කරයි

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×