Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ජනක හා සමීප වූ බිම්බා සහ 7කට පෞද්ගලික තොරතුරු නෙට් එකට නොදමන්නැයි නියෝගයක්!

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පෞද්ගලික තොරතුරු අන්තර්ජාලය ඔස්සේ මුදා හැරීම වළක්වමින් කොන්දේසි සහිත ආඥාවක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් නිකුත් කර තිබේ.

පී.අයි.ඒ. ගයත්‍රි බිම්බා, ජනක රාජපක්ෂ, ඕෂල හේරත්, යසලාල් පෙරේරා, කවිශ්වර ගුණරත්න, ජාමුණි කමන්ත තුෂාර ඇතුළු වගඋත්තරකරුවන් 8 දෙනකුට මෙම නියෝගය නිකුත් කර ඇත.

පළමු වගඋත්තරකරුගේ සිට හයවැනි වගඋත්තරකරු දක්වා ලබා දුන් නියෝග විද්‍යුත් තැපෑල ඔස්සේ යොමු කර තිබීම ද විශේෂිතය.

හත සහ අට සැකකරුවන්ට අදාළ නියෝග තැපැල් මාර්ගයෙන් යවන ලෙසට අධිකරණයෙන් නියෝග කර තිබේ.

පළමුවන සැකකාරිය වන ගයත්‍රි බිම්බා නැමැත්තිය වසර ගණනාවක් තමන්ගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ බවත්, එමගින් ඇතිවූ දැඩි විශ්වාසය නිසා ඇය හා තමා අතර සමීප සම්බන්ධතාවයක් පැවැති බවත් සිය පැමිණිල්ලෙන් රත්නායක මහතා අධිකරණයට දන්වා තිබේ.

තමා යටතේ සිටි එම ලේකම්වරියක් ඇතුළු වගඋත්තරකරුවන් කිහිප දෙනකු තමාගේ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය කර ඇති බව හෝ සංසරණය කිරීමට උත්සාහ ගන්නා බව පෙනී යන්නේ යැයිද රත්නායක මහතා මෙහිදී පෙන්වා දී තිබේ.

එබැවින් එය වළක්වාලන කොන්දේසි සහිත ආඥාවක් ඔවුන්ට නිකුත් කරන ලෙසට සිදු කළ ඉල්ලීමක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

2024 අංක 9 දරන මාර්ගගත ආරක්ෂණ පනතේ 24 වන වගන්තිය යටතේ එවැනි ක්‍රියා සිදුකිරීම වරදක් වේ.

ඒ හේතුවෙන් තමාගේ පෞද්ගලික තොරතුරු සංසරණය වීම වැළැක්වීම සඳහා ඔවුන්ට කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු සිය පෙත්සම මඟින් වැඩිදුරටත් ඉල්ලා ඇත.

මූලාශ්‍රය – දිවයින




This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

ජනක හා සමීප වූ බිම්බා සහ 7කට පෞද්ගලික තොරතුරු නෙට් එකට නොදමන්නැයි නියෝගයක්!

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×