Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

CIDය රට වටේ හොයද්දී සතියක් තිස්සේ දමිතායි සැමියායි අතුරුදන්!

රුපි­යල් ලක්ෂ 30ක මුද­ලක් වංචා කිරීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේ­රත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යුවළ අත්අ­ඩං­ගු­වට ගැනී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට මෙතෙක් නොහැකි වී ඇතැයි දැන­ග­න්නට ඇත.

මීට දින 06කට ඉහත දී ඉකුත් (27) රාත්‍රී බොර­ලැ­ස්ග­මුව පැපි­ලි­යාන දමිතා අබේ­රත්නගේ නිව­සට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් ගියද ඔවුන් දෙදෙනා ඒ වන විටත් නිව­සින් පිටව ගොස් තිබිණි.

කොරි­යා­වට යවන බව පවසා රුපි­යල් ලක්ෂ තිහක මුද­ලක් වංචා කර ඇති බවට ඔවුන්ට එරෙ­හිව චෝදනා ගොනුකර තිබිණි.

ඉකුත් (27) වැනි­දින ඔවුන් ඉදි­රි­පත් කළ අපේ­ක්ෂිත ඇප අය­දුම් පත මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ ප්‍රති­ක්ෂේප කිරී­මත් සම­ඟම දමිතා අබේ­රත්න යුවළ අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ විම­ර්ශන අංශයේ විශේෂ පොලි­ස්‌ ­ක­ණ්ඩා­ය­මක් බොර­ලැ­ස්ග­මුව පැපි­ලි­යාන නිව­සට ගොස් තිබිණි.

එහෙත් ඔවුන් දෙදෙනා නිවසේ සිට නොමැත. දමිතා අබේ­රත්නගේ මව පම­ණක් නිවසේ සිට ඇත. එන­මුත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් ඇයගේ නිවස ආස­න්නයේ (27) වෙනි­දින රාත්‍රී සිට පසු­දින දහ­වල් තෙක් රැඳී සිට අන­තු­රුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව වෙත පැමිණ ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩි­දු­ර­ටත් සඳ­හන් කරයි.




This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

CIDය රට වටේ හොයද්දී සතියක් තිස්සේ දමිතායි සැමියායි අතුරුදන්!

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×