Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

‘රනිල් පොහොට්ටු ජනාධිපති අපේක්‍ෂකයා විය හැකියි’ කියා පොහොට්ටු ලේකම් ඇමරිකා යයි (VIDEO)

මීළඟ ජනාධිපතිවරණය ආසන්න වීමත් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතැම් විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් පවසයි.

ජනාධිපති අපේක්ෂකයකු වේලාසන නම් කිරීමට පක්ෂය කටයුතු නොකරන බවත් ජනාධිපතිවරය කාලය වන විට රටේ ජනතාව කුමන ආකාරයේ අපේක්‍ෂකයකු බලාපොරොත්තු වන්නේ දැයි පුරෝකථනය කිරීමට නොහැකි බවත් හෙතෙම කියා සිටියි.

ඒ අනුව එම කාලය වන විට ජනතාවගේ සිතුම් පැතුම් ද සලකා බලමින් අපේක්ෂකයෙකු නම් කරන බවද පැවසූ ඔහු එම අපේක්ෂකයා අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු බවද පැවසීය.

ඒ මහතා මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

තමන් ඉදිරි පැය 48 ක කාලය තුළ ඇමරිකාව බලා යන බවත් පැවසූ කාරියවසම් මහතා නමුත් එය රට අතහැර යමක් නොව එරටින් ලද ආරාධනාවක් අනුව සිදුකරන දින කිහිපයක සංචාරයක් පමණක් බවද තව දුරටත් සදහන් කලේය.




This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

‘රනිල් පොහොට්ටු ජනාධිපති අපේක්‍ෂකයා විය හැකියි’ කියා පොහොට්ටු ලේකම් ඇමරිකා යයි (VIDEO)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×