Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ඡන්ද ‌නොතියන එක මහා අපරාධයක්! ඒක රටක නොවිය යුතු දෙයක්! අගෝස්තු මාසයේවත් ඡන්දය තියාවි! හිටපු මැකෝ පුංචි ඡන්දය ගැන කතා කරයි! (VIDEO)

නියමිත කාලයට මැතිවරණය නොපැවැත්වීම අපරාධයක් බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

එය රටක නොවිය යුතු දෙයක් බව පෙන්වා දෙන මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා පවසන්නේ, ලබන අගෝස්තු මස හෝ මැතිවරණය පවත්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවය.

“මොන තත්ත්වයක් උඩ හරි නියමිත කාලය ඡන්ද විමසීම පවත්වන්නේ නැති එක අපරාධයක්. ඒ වගේම කනගාටුදායක තත්ත්වයක්. රටක නොවිය යුතු දෙයක්. මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන් කොහොමද කියන එක තමා අද තියෙන ගැටලුව. ඒ හැකියාව තියෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවටයි, මුදල් අමාත්‍යාංශයටයි, මහ භාණ්ඩාගාරටයි එකතුවෙලා මිසක් මාධ්‍යවලටවත්, අපටවත්, රටේ සාමාන්‍ය ජනතාවටවත් නෙමෙයි. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය නැතිවීමක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන එකට ප්‍රජාතන්ත්‍රවාදය විතරක් නෙමෙයි ආර්ථික නිදහස, සංස්කෘතික නිදහස, ආගමික නිදහස, මුලික අයිතිවාසිකම්වල තියෙන සියලු කරුණු ඇතුළත් වෙනවා. ඇත්තටම මැතිවරණ නැහැ කියන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය නැහැ කියන එක. මම බලාපොරොත්තු වෙනවා අඩුම ගානේ, අගෝස්තු මාසයේ ලෝක තරුණ දිනයට කලින්වත් එහෙම නැත්නම් සැප්තැම්බර් 15 ලෝක ප්‍රජාතන්ත්‍රවාදි දිනය වෙද්දිවත් මේ ඡන්ද විමසීම තියයි කියලා.”

ප්‍රශ්නය – ඔබතුමා තමයි මේ රටේ සාර්ථකවම මැතිවරණ ගණනාවක් පැවැත්වූ සාර්ථකම පුද්ගලයා. ඇයි මේකට සහායක් දීලා කරන්නේ නැත්තේ ?

“එහෙම එකක් නෑ. මම තමා ජගතා, මට විතරයි කරන්න පුළුවන් කියන මතයේ මම නෑ. මම පොර නෙමෙයි. මට වඩා පොරවල් ඉන්නවා…”




This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

ඡන්ද ‌නොතියන එක මහා අපරාධයක්! ඒක රටක නොවිය යුතු දෙයක්! අගෝස්තු මාසයේවත් ඡන්දය තියාවි! හිටපු මැකෝ පුංචි ඡන්දය ගැන කතා කරයි! (VIDEO)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×