Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

රටේ මොන ප‍්‍රශ්න තිබුණත් ජනාධිපති මහ රැජිනයේ අවමගුලට යාම රටට ඉතාම වැදගත් - වජිර අබේවර්ධන (VIDEO)

රටේ මොන ප්‍රශ්න තිබුණද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබත් මහරැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම රටට ඉතා වැදගත් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි. 
මහ රැජිනට ඔටුනු පැලදවීමේ රාජ්‍ය උත්සවයට ද වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ මව සහ පියා ද සහභාගි වූ බවත් ඒ අනුව ඇයගේ අවමංගල්‍යයට ජනාධිපතිවරයා සහභාගි වීම ශ්‍රී ලංකාවට වැදගත් බවත් හෙතෙම කියා සිටියේය.

“ශ්‍රී ලංකාවට රජවරුන්ගේ ඉතිහාසයක් තිබිලා තියෙනවා. ඒ රජ පරම්පරාව එතැනින් අවසන් වෙලා තියෙනවා. සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ලෝකයේ දියුණු වූ රටවල් දිහා බැලුවා ම ඒ රටවල තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ශ්‍රී ලංකාවත් කෙසේ ද ක්‍රියා කරන්නේ කියලා සිතා බැලිය යුතුව තිබෙනවා.”




This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

රටේ මොන ප‍්‍රශ්න තිබුණත් ජනාධිපති මහ රැජිනයේ අවමගුලට යාම රටට ඉතාම වැදගත් - වජිර අබේවර්ධන (VIDEO)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×