Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

පොහොර නොලැබෙන බවට ගොවීන්ගෙන් චෝදනා (VIDEO)

නියමිත කාලයට පොහොර නොලැබීම හේතුවෙන් තම වගාවන් නිසි පරිදි කරගෙන යෑමට නොහැකි වී ඇති බවට ගොවීන් චෝදනා කරයි.

ගොවීන් පවසන්නේ කුඹුරුවලට අවශ්‍ය පරිදි කන්න වශයෙන් පොහොර ලබා දීම නිසා අනෙකුත් කාලවලදී පොහොර අවශ්‍ය වන ගොඩ ගොවිතැන් රැසක් විනාශ වී ඇති බවයි.

නිසි කලට පොහොර නොලැබීමෙන් තිස්සමහාරාම ප්‍රදේශයේ ගොඩ ගොවීන් රැසක් පීඩාවට පත්ව සිටින්නේ නියමිත කාලයට අස්වැන්න නෙළා ගැනීමට නොහැකි වීම හේතුවෙනි.

වී ගොවිතැන් සඳහා කන්න වශයෙන් සහනාධාර මිලට පොහොර ලබා දුන්නේ අතිරේක කාලවලදී පොහොර අවශ්‍ය පොල් කෙසෙල්, එළවලු ආදී බෝග රැසකට පොහොර නොලැබෙන බවට ගොවින් චෝදනා කරයි.



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

පොහොර නොලැබෙන බවට ගොවීන්ගෙන් චෝදනා (VIDEO)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×