Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

කොළඹට ලොකු අවදානමක් - වෑකන්ද නිවාස යෝජනා ක්‍රමයේ නිවැසියන් ඉවත් කරයි (PHOTOS)

කොළඹ 02 ස්ටුවර්ඞ් වීදියේ ස්ථාපිත වෑකන්ද නිවාස යෝජනා ක‍්‍රමයේ ගොඩනැගිලි විශාල අවදානම් තත්ත්වයක පවතින බැවින් එහි නිවැසියන් වහාම අදාළ ස්ථානයෙන් ඉවත්කර ඔවුන් අරක්ෂිත ස්ථාන කරා යොමු කරන්න ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සහ ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

ඒ මහතා මෙම අදහස් පළකළේ කොළඹ 02 ස්ටුවර්ඞ් වීදියේ පිහිටි වෑකන්ද නිවාය යෝජනා ක‍්‍රමයේ  පවතින අවදානම් තත්ත්වය සහ ඒ සඳහා ගතයුතු කඩිනම් ක‍්‍රියාමාර්ග පිළිබඳව අද (25) පෙරවරුවේ ආපදා කලමණාකරණ අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමින්ය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

"මෙම ගොඩනැගිල්ල 1974 වර්ෂයේ ඉදිකර තිබෙන්නේ. මෙහි පවුල් 114ක් පමණ පදිංචිව සිටිනවා. ඊට අමතරව තවත් පවුල් 36 ක් පමණ අනවසර පදිංචිකරුවන් සිටිනවා. ඒ අනුව ජනගහනය 700 ක් පමණ සිටිනවා. 2012 වසරේදී ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ඉදිරිපත් කළ වාර්තාවකට අනුවත් මෙම ගොඩනැගිල්ල අනාරක්ෂිත තත්ත්වයේ පවතින්නක්. ඒ කියන්නේ මේ වනවිට තත්ත්වය වඩාත් සංකීර්ණයි. ඒ නිසා මෙම නිවාස යෝජනා ක‍්‍රමයේ ජනතාව හැකි ඉක්මණින් මේ අවදානම පිළිබඳව දැනුවත් කර මෙම ස්ථානයෙන් ඉවත්කරන ලෙස අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මා අදාළ අංශ වෙත දන්වා සිටිනවා."

"ඔවුන්ට තාවකාලික වාසස්ථාන ලබාදීම වෙනුවෙන් අවශ්‍ය ප‍්‍රථිපාදන ආපදා කළමණාකරණ අමාත්‍යාංශය විසින් ලබාදීමට අවශ්‍ය කැබිනට් පත‍්‍රිකාව, වහාම කැබිනට් මණ්ඩලය වෙත යොමුකිරීමට මා පියවර ගන්නවා. එසේම ඔවුන්ට ස්ථිර වාසස්ථාන ලබාදීමත් අපේ වගකීමක්. ඒ පිළිබඳව අපි දෙවනුව සලකා බලන අතර හැකි පළමු තත්ත්පරයේම මෙහි නිවැසියන් මෙම ජීවිත අවදානමෙන් මුදවා ගන්න කටයුතු කළ යුතුයි."යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

කොළඹට ලොකු අවදානමක් - වෑකන්ද නිවාස යෝජනා ක්‍රමයේ නිවැසියන් ඉවත් කරයි (PHOTOS)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×