Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරය 158 පන්නයි

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල මේවන විට වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 158.69ක් ලෙස දැක්වේ.

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 158 ඉක්මවූ පළමු අවස්ථාව මෙය ලෙසද වාර්තා වේ.

අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 154.91 ක් ලෙස දැක්වේ.

දේශපාලන අර්බුදය, විදේශ විනිමය ලංකාවට ගලා ගෙනඒම, විදේශ ආයෝජන නොමැති වීම, ආනයන වර්ධනය වීම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී තිබේ.

පසුගිය මාස කිහිපය තුළදීම ඩොලරයක විකුණුම් මිල රුපියල් 155,156,157 යන අගයන් අතර පැවැතිණි.



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරය 158 පන්නයි

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×