Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

දියවන්නාවට කතුරු ඔන්චිල්ලාවක් - ‘Colombo Eye’

කලම්බෝ අයි - ‘Colombo Eye’ නමැති යෝධ කතුරු ඔන්චිල්ලාව, දියවන්නාව පාදක කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිත දැවැන්ත මෙගාපොලිස් සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රථම අදියරයි.

ලන්ඩනයේ තේම්ස් නදියේ දකුණු ඉවුරේ පිහිටා තිබෙන සුප්‍රකට කතුරු ඔන්චිල්ලාව ‘ලන්ඩන් අයි‘ හෙවත් ‘ලන්ඩන් ඇස‘ යනුවෙන් හැඳින්වෙන අතර, එහි ආකෘතියක් ලෙස ඉදිවන ශ්‍රී ලංකා නිර්මාණයට ‘කලම්බෝ අයි‘ හෙවත් ‘කොළඹ ඇස‘ යනුවෙන් නම තබා තිබේ.

එය රුපියල් මිලියන 600 ක වියදමෙන් Melchers Project Management (Pvt) Ltd නමැති සිංගප්පූරු සමාගම විසින් ඉදිකරනු ලබන අතර, එය මෙගාපොලිස් හෙවත් මහානගර ව්‍යාපෘතිය යටතේ සිදුකෙරෙන ‘ෆැන්ටසි ලෑන්ඩ්‘ සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර බවට පත්වනු ඇත.

නව ෆෙරිස් වීලය හෙවත් කතුරු ඔන්චිල්ලාව ඉදිකිරීමට යෝජිතව තිබෙන්නේ බත්තරමුල්ලේ ය.

දියවන්නාව පාදක කරගෙන ක්‍රියාත්මක වන මෙම ෆැන්ටසි ලෑන්ඩ් ව්‍යාපෘතිය සඳහා දේශීය හවුල්කරුවන් වශයෙන් කටයුුතු කරන්නේ කොළඹ නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සහ ක්‍රීඩා අමාත්‍යාංශයයි.

ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක් වූ මහා නගර (මෙගාපොලිස්) සහ බටහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණසිංහ මහතා කියා සිටියේ වෝටර්ස් එජ් හෝටලයට යාබද විල ආශ්‍රිත පෙදෙස, ඉදිරියේදී ‘විනෝද පුරයක්‘ බවට පත්කිරීමට සැලසුම් කරන බවයි. තවද සිංගප්පූරුව හෝ ඩුබායි වැනි රටවල විනෝද උයන් නිර්මාණයේදී භාවිතා වන තාක්ෂණය ෆැන්ටසි ලෑන්ඩ් සඳහා යොදාගැනීමට නියමිත බවත්, ඒ අනුව ශ්‍රී ලාංකික මහජනතාවට අන්තර්ජාතික ප්‍රමිතියේ විනෝදාස්වාදයක් ලැබිය හැකි බවත් ඔහු තවදුරටත් පැවසීය.

අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළ කරුණුවලට අනුව ඉදිරි වසර 03 ක කාලය තුළ නාගරික සංවර්ධන අධිකාරියේ අවධානය යොමු වී තිබෙන්නේ බත්තරමුල්ල ප්‍රදේශයේ ප්‍රවාහන සහ ගමනාගමන අංශය වෙනුවෙන් දැවැන්ත ආයෝජනයක් සිදුකිරීම වෙත ය. ඒ අනුව තවත් දැවැන්ත කාර්යාල සංකීර්ණ 3 ක් සහ ප්‍රධාන පෙළේ ‘බහු ගමනාගමන කේන්ද්‍රස්ථානයක්‘ (a main multi transport centre) ඉදිරියේදී බත්තරමුල්ල ප්‍රෙද්ශයේ ස්ථාපිත කිරීමට නියමිත ය.

- අමාලි ජයවීර



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

දියවන්නාවට කතුරු ඔන්චිල්ලාවක් - ‘Colombo Eye’

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×