Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

90 වැනි ඔස්කාර් සම්මාන නාමයෝජනා - Call Me By Your Name සමරිසි චිත්‍රපටය ඉදිරියෙන්. ජේම්ස් ෆ්‍රැන්කෝ කැපෙයි.

එහිදී හොඳම චිත්‍රපටයට හිමි නාමයෝජනාව ඇතුළු වැඩිම නාමයෝජනා ගණනක්, එනම් නාමයෝජනා 11 ක් දිනාගෙන ඉදිරියෙන් සිටීමට සමත් වී සිටින්නේ මෙක්සිකානු චිත්‍රපට අධ්‍යක්ෂ ගුලියාමේ ඩෙල් තෝරෝ විසින් අධ්‍යක්ෂණය කළ ‘රොමාන්තික ෆැන්ටසියක්‘ (ෆැන්ටසි රොමෑන්ස්) වන ‘ද ෂේප් ඔෆ් වෝටර්‘ (The Shape of Water) චිත්‍රපටයයි.

දෙවන ලෝක යුධ සමය පාදක කරගෙන නිපදවුණු ‘ඩර්න්කර්ක්‘ (Dunkirk) චිත්‍රපටය නාමයෝජනා 8 ක් දිනාගෙන දෙවැනි තැනට පත්ව සිටියි. මේ අතර ත්‍රී බිලිබෝඩ්ස් අවුට්සයිඩ් එබින්, මිසූරි (Three Billboards Outside Ebbing, Missour යන චිත්‍රපට නාමයෝජනා 7 බැගින් දිනාගැනීමට සමත් විය.

බ්‍රිතාන්‍ය නළුවන් සිව් දෙනෙක් හොඳම නළුවා තරගයේ

බ්‍රිතාන්‍ය නළුවන් සිව්දෙනෙක්ම මෙවර හොඳම නළුවා කාණ්ඩය යටතේ තරග වැද සිටිති. ඔවුන් නම්, ගැරී ඕල්ඩ්මන් (Gary Oldman), සැලී හෝකින්ස් (Sally Hawkins) සහ විශිෂ්ට ඩැනියෙල් නළු යුගළ වන ඩැනියෙල් ඩේ ලුවිස් (Daniel Day-Lewis) සහ ඩැනියෙල් කලූයා (Daniel Kaluuya) ය.

මෙවර හොඳම චිත්‍රපටය බවට 90 වැනි ඔස්කාර් හෙවත් ඇකඩමි සම්මාන උළෙලේදී තරග වදින චිත්‍රපට 9 වන්නේ, 

  • Call Me By Your Name
  • Darkest Hour
  • Dunkirk
  • Get Out
  • Lady Bird
  • Phantom Thread
  • The Post
  • The Shape of Water

මේ අතරින් ‘කෝල් මී බයි යුවර් නේම්‘ (Call Me By Your Name) සමකාමී ආදරයක් පිළිබඳ වෘත්තාන්තයක් වන අතර, ‘ඩාකස්ට් අවර්‘ (Darkest Hour) වින්ඩ්සර් චර්චිල්ගේ වෘත්තාන්තයයි. ‘ද පෝස්ට්‘ (The Post) ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්ෂණයකි.

මාධ්‍ය නිදහස සඳහා ස්ත්‍රී දායකත්වය ඇගයුමට

එය ‘නිව්ස් පේපර් ඩ්‍රාමා‘ හෙවත් පුවත්පත් නිදහස පිළිබඳ ස්ත්‍රී අරගලය නිරූපණය කරන්නක් වන අතර,  එහි ප්‍රධාන නිළිය වන්නේ ප්‍රතිභාපූර්ණ නිළි මෙරිල් ස්ට්‍රීප් ය. ඇය විය යුතු ලෙසටම හොඳම නිළිය වශයෙන් ද නාමයෝජනා දිනා සිටින අතර, එය ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නිළිය නාමයෝජනා ලැයිස්තුවට එක්වූ 17 වැනි වතාවයි. ඒ අතරින් අවස්ථා 3 කදී ඇය හොඳම නිළිය වශයෙන් ඇකඩමි සම්මාන දිනා ඇත. මෙරිල් ස්ට්‍රීප් බීබීසී පුවත්සේවය සමග පැවසුවේ, පුවත්පත් නිදහස හෝ මාධ්‍ය නිදහස වෙනුවෙන් කාන්තා දායකත්වය නිරූපණය කරන මෙම චිත්‍රපටයේදී ඔස්කාර් සම්මානය සඳහා නාමයෝජනා ලැබීම ‘මිනිය නොහැකි ගෞරවයක් වන බවයි.

හොඳම අධ්‍යක්ෂණය සඳහා ඉතිහාසයේ පස්වැනි කාන්තාව

මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී ඉස්මතු කෙරුණු ප්‍රධානතම කාරණයක් වූයේ හොලිවුඩයේ කාන්තා අධ්‍යක්ෂණය ඉතා දුර්ලභ වීමයි. එයට පිළිතුරක් ද සපයමින් මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණය සඳහා තරග වදින ලැයිස්තුවට කාන්තාවකගේ ද නමක් ඇතුළත් ව තිබේ. ඇය ලේඩි බර්ඩ් (Lady Bird) චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ග්‍රේටා ගර්විග් (Greta Gerwig) ය. ඇකඩමි සම්මාන ඉතිහාසය තුළ එනම් 1927 වසරේ පටන් පුරුෂයන් 444 දෙනෙක් හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් නාමයෝජනා දිනා ඇත. නමුත් 2018 නාමයෝජනාව ද සමග මේ ඉතිහාසය තුළ සිටින්නේ කාන්තාවන් 05 දෙනෙකු පමණි.

ඒ මෙසේ ය.

  • 1977 - ‘සෙවන් බියුටීස්‘ - ලීනා වර්ට්මුලර්
  • 1994 - ‘පියානෝ‘ - ජේන් කැම්පියන්
  • 2004- ‘ලොස්ට් ඉන් ට්‍රාන්ස්ලේෂන්‘ - සොෆියා කොපොලා
  • 2014- ‘ද හර්ට් ලොකර්‘ - කැතරින් බිගලෝ
  • 2018 - ‘ලේඩි බර්ඩ්‘ - ග්‍රේටා ගර්විග්

මෙවර හොඳම නිළිය වශයෙන් සටන් වදින නාමයෝජනා අතර කිසිදු කළු ජාතික නිළියක නොමැති වීම ද කැපී පෙනේ. නමුත් කළු ජාතික නළුවන් දෙදෙනෙක් හොඳම නළුවා සඳහා නාමයෝජනා දිනා සිටිති. එනම්, ඇමරිකාවේ ඩෙන්සිල් වොෂින්ටන් (Denzel Washington )සහ බ්‍රිතාන්‍යෙය් ඩැනියෙල් කලූයා ය. කෙසේ වෙතත් හොඳම සහාය නිළිය සඳහා නාමයෝජනා ලැයිස්තුවේ කළු ජාතික කාන්තාවන් දෙදෙනෙක් දැකගත හැකිය.

ඔස්කාර් ඉතිහාසයේ පස්වැනි වතාවට කළු ජාතික අධ්‍යක්ෂවරයෙක් මෙවර හොඳම අධ්‍යක්ෂණය සඳහා නාමයෝජනාවක් දිනා සිටියි. ඔහු, Get Out චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ  ජෝර්ඩන් පීල් (Jordan Peele) ය.

හොඳම සිනමාකරණයට කාන්තා නාමයෝජනාවක්

වර්ගවාදය තේමා කර ගත් නෙට්ෆ්ලික්ස් නිෂ්පාදනයක් වූ ‘මඩ්බවුන්ඩ්‘ (Mudbound) වෙනුවෙන් රේෂල් මොරිසන් (Rachel Morrison) මෙවර ඉතිහාසගත වන්නේ හොඳම සිනමාකරණ සම්මානය සඳහා ඔස්කාර් නාමයෝජනා දිනූ ඉතිහාසයේ ප්‍රථම කාන්තාව වශයෙනි.

නාමයෝජනා දිනූ වයස්ගතම පුද්ගලයා මෙවර

මෙවර සම්මාන නාමයෝජනාවලදී කැපී පෙනෙන තවත් චිත්‍රපටයක් වන්නේ ශ්‍රීමත් රිඩ්ලි ස්කොට් අධ්‍යක්ෂණයක් වන ජේ.පෝල් ගෙටී නමැති ඇමරිකානු මිලියනපතියාගේ චරිතය වටා ගෙතුණු ‘ඕල් ද මනි ඉන් ද වර්ල්ඩ්‘ (All the Money in the World) චිත්‍රපටයයි. මෙහි පෝල් ගෙටීගේ චරිතයට පණ පොවන ක්‍රිස්ටෝපර් ප්ලමර් (Christopher Plummer) සැබෑ ජීවිතයේදී 88 හැවිරිදි ය. මේ අනුව ඔස්කාර් ඉතිහාසයේ හොඳම සහාය නළුවාට හිමි සම්මානයට නාමයෝජනා දිනූ වයස්ගතම පුද්ගලයා වශයෙන් ක්‍රිස්ටෝපර් ප්ලමර් ඉතිහාසයට එක් වෙයි.

මේ අතර ඔස්කාර් සම්මාන ඉතිහාසයේ නාමයෝජනාවක් දිනාගත් වයස්ගතම පුද්ගලයා ද මේ වසරේ වාර්තා පොත්වලට එක් වෙයි. ඒ, 89 හැවිරිදි බෙල්ජියම් ජාතික ඇග්නස් වර්දා ( Agnes Varda) ය. මෙවර හොඳම වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂණය සඳහා Faces Places වෙනුවෙන් ඔස්කාර් නාමයෝජනාවක් ඔහු දිනා තිබේ. මේ අතර,  Call Me By Your Name සමරිසි චිත්‍රපටයේ පිටපත් රචකයා වන ජේම්ස් අයිවරි (James Ivory) වර්දා ට වඩා සතියකින් බාල වීම නිසා පමණක් ඉහත කී ඓතිහාසික වාර්තාව වර්දාට හිමි වන බව ද කිව යුතුය.

ජේම්ස් ෆ්‍රැන්කෝ කැපෙයි

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ නාමයෝජනාවල දැකිය හැකි තවත් සුවිශේෂීම ලක්ෂණයක් වන්නේ හොලිවුඩය කළඹාලූ ලිංගික හිංසන චෝදනාවලට ලක්වූවන් ඇතැමෙක් නාමයෝජනාවලින් කපා හැර තිබීමයි. ‍‘ද ඩිසාස්ටර් ආටිස්ට්‘(The Disaster Artist) චිත්‍රපටය සඳහා හොඳම නළුවාට හිමි ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය දිනාගත් ජේම්ස් ෆ්‍රැන්කෝ (James Franco) මෙවර නාමයෝජනා අතර නොසිටීම එහි ප්‍රතිඵලයක් විය හැකිය. එය එසේ වූවා නම් තරුණ ෆ්‍රැන්කෝගේ රංගන ජීවිතයේ හයවැනි ඔස්කාර් නාමයෝජනාව මෙය විය යුතුව තිබිණි. විචාරකයන් විසින් ‘ද ඩිසාස්ටර් ආටිස්ට්‘ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඔහුට ඔස්කාර් සම්මානයක් පවා හිමිවිය යුතු යැයි යෝජනා කර තිබියදීත් මෙවර නාමයෝජනා ලැයිස්තුවේ ඔහුගේ නම සඳහන් නොවේ. ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය දිනාගැනීමෙන් අනතුරුව ඔහුට විරුද්ධව කාන්තාවන් පස් දෙනෙක් ලිංගික අතවර චෝදනා නගා තිබිණි. ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පතට ඔවුන් හෙළිකළ කතාන්දරවලට අනුව මෙයින් සිව්දෙනෙක්ම ෆ්‍රැන්කෝගේ නාට්‍ය පාසලේ සිසුවියන් ය. එක් අයෙක් සිනමා නිළියකි. ඔස්කාර් නාමයෝජනා කෙටි ලැයිස්තුගත කිරීම් සඳහා අදාළ මණ්ඩලයට දින අටක කාලක් ලැබී තිබූ අතර, ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පත මේ ලිපිය පළ කළේ හත්වැනි දිනයේදී ය. ඩිසාස්ටර් ආටිස්ට් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සඳහා ද ජේම්ස් ෆ්‍රැන්කෝ දායක වී තිබේ.

2011 වසරේදී ඇනා හැතවේ සමග ඔස්කාර් සම්මාන උළෙලේ නිවේදන කටයුතු සිදුකළේ ද ජේම්ස් ෆ්‍රැන්කෝ විසිනි.

මේ ප්‍රවණතාවය ඇතැම් විචාරකයෙක් විසින් හඳුන්වා දෙන්නේ හාවි වෙයින්ස්ටයින්ගෙන් ආරම්භ වූ හොලිවුඩයේ ලිංගික හිංසන මාලාවෙන් පසු මුලපිරුණු #MeToo ස්ත්‍රී විමුක්ති ව්‍යාපාරයේ බලපෑමක් වශයෙනි.

නමුත් මෙයට සමගාමීව, පෙර කී 88 හැවිරිදි ක්‍රිස්ටෝපර් ප්ලමර්ට ද ලිංගික හිංසන චෝදනා නැගී තිබුණ ද ඔහු හොඳම සහාය නළුවා වශයෙන් ඔස්කාර් නාමයෝජනා ලැයිස්තුවට එක්ව සිටියි. මෙවර ඔහු සිය ජීවිතයේ තෙවන ඔස්කාර් නාමයෝජනාව මෙසේ දිනාගන්නේ 2012 වසරේදී ලබාගත් ඔස්කාර් සම්මානයට අමතරව ය.

මාර්තු 4 වැනිදා හොලිවුඩයේ කොඩැක් චිත්‍රාගාරයේදී 90 වැනි ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වීමට නියමිත ය.

2018 (90 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ )සම්පූර්ණ ඔස්කාර් නාමයෝජනා ලැයිස්තුව පහත දැක්වේ. සාමාන්‍යෙයන් ඔස්කාර් සංවිධායකයන් ප්‍රධාන කාණ්ඩවල නාමයෝජනා දිනූ පුද්ගලයන් නම් කරන්නේ උත්සවකාරී ලෙස ය. නමුත් මෙවර ඔවුන් අත්වැරදීමකින්, , නිල ඔස්කාර් වෙබ් අඩවියේ සම්පූර්ණ නාමයෝජනා ලැයිස්තුව කලින්ම ගැබ් කර තිබිණි.

හොඳම චිත්‍රපටය - Best picture
Call Me By Your Name
Darkest Hour
Dunkirk
Get Out
Lady Bird
Phantom Thread
The Post
The Shape of Water
Three Billboards Outside Ebbing, Missouri

හොඳම නිළිය - Best actress
Sally Hawkins - The Shape of Water
Frances McDormand - Three Billboards Outside Ebbing, Missouri
Margot Robbie - I, Tonya
Saoirse Ronan - Lady Bird
Meryl Streep - The Post

හොඳම නළුවා - Best actor
Timothee Chalamet - Call Me By Your Name
Daniel Day-Lewis - Phantom Thread
Daniel Kaluuya - Get Out
Gary Oldman - Darkest Hour
Denzel Washington - Roman J Israel, Esq

හොඳම සහාය නිළිය - Best supporting actress
Mary J Blige - Mudbound
Allison Janney - I, Tonya
Lesley Manville - Phantom Thread
Laurie Metcalf - Lady Bird
Octavia Spencer - The Shape of Water

හොඳම සහාය නිළිය - Best supporting actor
Willem Dafoe - The Florida Project
Woody Harrelson - Three Billboards Outside Ebbing, Missouri
Richard Jenkins - The Shape of Water
Christopher Plummer - All the Money in the World
Sam Rockwell - Three Billboards Outside Ebbing, Missouri

හොඳම අධ්‍යක්ෂණය - Best director
Dunkirk - Christopher Nolan
Get Out - Jordan Peele
Lady Bird - Greta Gerwig
Phantom Thread - Paul Thomas Anderson
The Shape of Water - Guillermo Del Toro

හොඳම අනුවර්තිත තිර රචනය - Best adapted screenplay
Call Me By Your Name - screenplay by James Ivory
The Disaster Artist - screenplay by Scott Neustadter & Michael H Weber
Logan - screenplay by Scott Frank & James Mangold and Michael Green; story by James Mangold
Molly's Game - written for the screen by Aaron Sorkin
Mudbound - screenplay by Virgil Williams and Dee Rees

හොඳම මුල් පිටපත - Best original screenplay
The Big Sick - written by Emily V Gordon & Kumail Nanjiani
Get Out - written by Jordan Peele
Lady Bird - written by Greta Gerwig
The Shape of Water - screenplay by Guillermo del Toro & Vanessa Taylor; story by Guillermo del Toro
Three Billboards Outside Ebbing, Missouri - written by Martin McDonagh

හොඳම විදෙස් භාෂා චිත්‍රපටය - Best foreign language film
A Fantastic Woman (Chile)
The Insult (Lebanon)
Loveless (Russia)
On Body and Soul (Hungary)
The Square (Sweden)

හොඳම මූලාකෘති ගීතය - Best original song
Mighty River - Mudbound (Mary J Blige, Raphael Saadiq & Taura Stinson)
The Mystery of Love - Call Me By Your Name (Sufjan Stevens)
Remember Me - Coco (Kristen Anderson-Lopez and Robert Lopez)
Stand Up for Something - Marshall (Common & Diane Warren)
This Is Me - The Greatest Showman (Benji Pasek & Justin Paul)

හොඳම මූලාකෘති සංගීතය - Best original score
Dunkirk - Hans Zimmer
Phantom Thread - Jonny Greenwood
The Shape of Water - Alexandre Desplat
Star Wars: The Last Jedi - John Williams
Three Billboards Outside Ebbing, Missouri - Carter Burwell

හොඳම ඇනිමේෂන් (සජීවීකරණ)චිත්‍රපටය - Best animated feature
The Boss Baby
The Breadwinner
Coco
Ferdinand
Loving Vincent
Best documentary feature
Abacus
Faces Places
Icarus
Last Men in Aleppo
Strong Island

හොඳම සිනමාකරණය - Best cinematography
Blade Runner 2049 - Roger Deakins
Darkest Hour - Bruno Delbonnel
Dunkirk - Hoyte van Hoytema
Mudbound - Rachel Morrison
The Shape of Water - Dan Laustsen

හොඳම ඇඳුම් නිර්මාණය - Best costume design
Beauty and the Beast - Jacqueline Durran
Darkest Hour - Jacqueline Durran
Phantom Thread - Mark Bridges
The Shape of Water - Luis Sequeira
Victoria and Abdul - Consolata Boyle

හොඳම වේශ නිරූපණය සහ කොණ්ඩා සැකසුම් - Best make-up and hairstyling
Darkest Hour - Kazuhiro Tsuji, David Malinowski & Lucy Sibbick
Victoria and Abdul - Daniel Phillips & Lou Sheppard
Wonder - Arjen Tuiten

හොඳම නිෂ්පාදන සැලසුම - Best production design
Beauty and the Beast - production design by Sarah Greenwood; set decoration by Katie Spencer
Blade Runner 2049 - production design by Dennis Gassner; set decoration by Alessandra Querzola
Darkest Hour - production design by Sarah Greenwood; set decoration by Katie Spencer
Dunkirk - production design by Nathan Crowley; set decoration by Gary Fettis
The Shape of Water - production design by Paul Denham Austerberry; set decoration by Shane Vieau and Jeff Melvin

හොඳම දෘෂ්‍ය ප්‍රයෝග - Best visual effects
Blade Runner 2049 - John Nelson, Gerd Nefzer, Paul Lambert & Richard R Hoover
Guardian of the Galaxy Vol 2 - Christopher Townsend, Guy Williams, Jonathan Fawkner & Dan Sudick
Kong: Skull Island - Stephen Rosenbaum, Jeff White, Scott Benza & Mike Meinardus
Star Wars: The Last Jedi - Ben Morris, Mike Mulholland, Neal Scanlan & Chris Corbould
War for the Planet of the Apes - Joe Letteri, Daniel Barrett, Dan Lemmon & Joel Whist

හොඳම චිත්‍රපට සංස්කරණය - Best film editing
Baby Driver - Paul Machliss & Jonathan Amos
Dunkirk - Lee Smith
I, Tonya - Tatiana S Riegel
The Shape of Water - Sidney Wolinsky
Three Billboards Outside Ebbing, Missouri - Jon Gregory

හොඳම ශබ්ද සංස්කරණය - Best sound editing
Baby Driver - Julian Slater
Blade Runner 2049 - Mark Mangini and Theo Green
Dunkirk - Richard King and Alex Gibson
The Shape of Water - Nathan Robitaille and Nelson Ferreira
Star Wars: The Last Jedi - Matthew Wood and Ren Klyce

හොඳම හඬ මුසුව - Best sound mixing
Baby Driver - Julian Slater, Tim Cavagin and Mary H Ellis
Blade Runner 2049 - Ron Bartlett, Doug Hemphill and Mac Ruth
Dunkirk - Mark Weingarten, Gregg Landaker and Gary A Rizzo
The Shape of Water - Christian Cooke, Brad Zoern and Glen Gauthier
Star Wars: The Last Jedi - David Parker, Michael Semanick, Ren Klyce and Stuart Wilson

හොඳම සජීවීකරණ කෙටි චිත්‍රපටය - Best animated short
Dear Basketball
Garden Party
Lou
Negative Space
Revolting Rhymes

Best live action short
DeKalb Elementary
The Eleven O'Clock
My Nephew Emmet
The Silent Child
Watu Wote/All of Us

හොඳම කෙටි වාර්තා චිත්‍රපටය - Best documentary short
Edith + Eddie
Heaven Is a Traffic Jam on the 405
Heroin(e)
Knife Skills
Traffic Stop

 - අමාලි ජයවීර

අවුට් බවුන්ඩ් ටුඩේ | outboundtoday.com



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

90 වැනි ඔස්කාර් සම්මාන නාමයෝජනා - Call Me By Your Name සමරිසි චිත්‍රපටය ඉදිරියෙන්. ජේම්ස් ෆ්‍රැන්කෝ කැපෙයි.

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×