Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

Everest තරණයට ගිය Java Institute කණ්ඩායමට සෘණ උෂ්ණත්වයෙන් බාධා.


Java Institute PCJT Software Engineering Everest Team කණ්ඩායම දරුණු කාලගුණ තත්වයක් යටතේ Everest ගවේෂණය සිදුකර ඇති අතර මේ දක්වා කිසිදු විශ්ව විද්‍යාලයක් දෙසැම්බර් මාසය තුල මෙම කඩයිම පසුකර නොමැති බව ද වාර්තා වේ.

ඒ සඳහා ඔවුන්ට සැලසුම් කල දිනට වඩා දින 10ක් මේ සදහා වැයවී ඇති අතර ඔවුන්ට ඇති දරුණුතම අභියෝගය වී ඇත්තේ "Altitude Sickness" ය. එය උන්නතංශ වෙනස නිසා ද අඩු OXYGEN මට්ටම නිසාද ඇතිවේ.

මේ වන විට ඔවුන් සිටින ප්‍රදේශය තුල සාමාන්‍ය උෂ්ණත්වය සෙල්ෂියස් අංශක සෘණ( -16) ත් සෘණ(- 20) ත් අතර අගයක් ගන්නා අතර ඔක්සිජන් මට්ටම මුහුදු මට්ටමේ ඔක්සිජන් ප්‍රමාණයෙන් 35% - 40% ප්‍රමාණය දක්වා අඩුවී ඇතැයි වාර්තා වේ.

Isalnd Peak තරණයේදී රාත්‍රී කාලයේදී හිම කුණාටුවකට මුහුණදීමට ඔවුන්ට සිදුවී ඇති අතර මේ වන විට ඔවුන් පහත සදහන් කදු මුදුන් සාර්ථකව තරණය කර ඇත.

1. Chhukung Ri (උස මීටර් 5550 )
2. Island Peak Base Camp (උස මීටර් 5600 )
3. Island Peak (උස මීටර් 6189 )
4. Gorak Shep(උස මීටර් 5140 )
5. Everest Base Camp (උස මීටර් 5364 )
6. Kalaphathar (උස මීටර් 5550 )
7. Cholar Pass (උස මීටර් 5368 )

මේ සදහා සහභාගී වූ කණ්ඩායම පහත පරිදි වේ.

1. භාතිය තිසේරා ( කළමණාකාර අධ්‍යක්‍ෂක - Java Institute)
2. එෂාන් ඕෂධ
3. දිල්ෂාන් නවින්ද
4. මනීෂ චන්දුල

ඔවුන් ලබන 2018 ජනවාරි 9 වන දින ලංකාවට පැමිණීමට නියමිතය.

2018 අප්‍රේල් මස භාතිය තිසේරා මහතා එවරස්ට් කඳු මුදුන (උස 29029 ft.) තරණය කිරීමට නියමිත අතර ඒ සදහා සහභාගී වන (B) සහාය කණ්ඩායම පහත පරිදි වේ.

1. ඉරංග ශ්‍රීමාල්
2. උපුලිත කුමාරසිංහ
3. මොහොමඩ් කලාෆ්
4. ආකාෂ් සඳකැලුම්
5. පසිඳු ඊගල්ල

Java Institute Everest Base Camp and Island Peak ගවේශනයට පිටත්වූ PCJT Software Engineer කණ්ඩායමට ආශිර්වාද පතා Java Institute  සහෝදර ශිෂ්‍යය ශිෂ්‍යාවන් විසින් පසුගිය දා දිවයින පුරා විහාරස්ථාන ගණනාවක දී ආශීර්වාද බෝධිපූජා පිංකම් ද පැවැත්වුනි.



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

Everest තරණයට ගිය Java Institute කණ්ඩායමට සෘණ උෂ්ණත්වයෙන් බාධා.

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×