Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

නව වසරේ UNPආණ්ඩුවක් : TNA හා ශ්‍රීලනිප පිරිසකුත් එයි.


සම්මුතිවාදී ආණ්‌ඩුවෙන් ලබන 31 වැනිදායින් පසුව ශ්‍රීලනිප පාර්ශ්වය ඉවත් වුවහොත් ආණ්‌ඩුව පවත්වාගෙන යැමට අවශ්‍ය තරම් මන්ත්‍රීවරුන් විපක්‍ෂයෙන් එජාපයට එකතු වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සභානායක උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

 විපක්‍ෂයෙන් එජාපයට එකතු වීමට නියමිත එම මන්ත්‍රීවරුන්ගේද සහාය ඇතිව ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර පවතින දැඩි විශ්වාසය මත ආණ්‌ඩුව තවදුරටත් පවත්වා ගෙන යැමට හැකි බවට කිසිදු සැකයක්‌ නැති බවත් කිරිඇල්ල මහතා කීය.

 එජාපයත් - ශ්‍රී ලනිපයත් අතර වසර දෙකක්‌ සඳහා ඇති කරගත් ගිවිසුම්ගත කාලය පසුගිය අගෝස්‌තු 31 වැනිදායින් අවසන් වූ අතර ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි ලබන 31 වැනිදා තෙක්‌ ආණ්‌ඩුවේ රැඳී සිටීමට ශ්‍රී ලනිප පාර්ශ්වය එකඟ වී තිබිණි.

 එසේ විපක්‍ෂයෙන් එජාපයට එකතු වීමට නියමිත ව සිටින මන්ත්‍රීවරුන් අතර ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීන් මෙන්ම ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් ද සිටින බවත් සභානායකවරයා වැඩිදුරටත් පැවසීය. 



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

නව වසරේ UNPආණ්ඩුවක් : TNA හා ශ්‍රීලනිප පිරිසකුත් එයි.

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×