Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

වරාය නගර ව්‍යාපෘතියේ ගොඩකිරීම් 2019 වනවිට අවසන් - සාගල රත්නායක

වරාය නගරය නවීන පහසුකම්වලින් සමන්විතව ගොඩනගන බවත් එය දකුණු සහ මධ්‍යම ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් වනු ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි. ඉදිරි වසර 10 ක කාලය තුළ ආයෝජන කටයුතු සිදුකිරීමට රජය බලාපොරොත්තු වේ.

හම්බන්තොට ආයෝජන කලාපයේ කටයුතු ලබන නොවැම්බර් මාසයේදී ආරම්භ කරන බවත් මීට අමතරව මතුගම සහ වැලිගම ප්‍රදේශවලද කාර්මික කලාප පිහිටුවීමට නියමිත බව ඇමතිවරයා පෙන්වා දෙයි.

මෙම වසරේදී සෘජු ආයෝජන 88% කින් වර්ධනය වී ඇති අතර වසර අවසන් වනවිට එහි සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවනු ඇත. මෙරට ආර්ථිකය ශක්මත් වී ඇති නිසා ලබන වසරේදී ඩොලර් බිලියන 1.6 ක සහ 2019 වසරේදී ඩොලර් බිලියන 2.0 ක ඉලක්කයක් සපුරා ගැනීමට හැකිවනු ඇති බව ද ඇමතිවරයා පවසයි.



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

වරාය නගර ව්‍යාපෘතියේ ගොඩකිරීම් 2019 වනවිට අවසන් - සාගල රත්නායක

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×