Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

හයේ 03යි ලකුණු 69යි..සංගාගේ සුපිරි ඉනිම ජැමෙයිකාවට යළි ජය ගෙනෙයි (VIDEO)

ශ‍්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් කැරිබියන් ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ ක‍්‍රිස් ගේල් නායකත්වය දරන St Kitts and Nevis Patriots කණ්ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 41ක් විශිෂ්ට ජයක් ලැබීමට Jamaica Tallawahs කණ්ඩායම අද සමත් වුනා.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් Jamaica Tallawahs කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05කට ලකුණු 157ක් රැස් කිරීමට සමත් වුනා. එහිදී සුපිරි ඉනිමක් ක‍්‍රීඩා කළ ජැමෙයිකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර පන්දු 55 කදී හතරේ පහර 4ක් හා හයේ පහර 03ක් සමගින් ලකුණු 69ක් රැස් කිරීමට සමත් වුනා.

කුමාර් සංගක්කාර මෙම තරගාවලියේ නොකඩවා ලබා ගත් තෙවැනි අර්ධශතකය මෙයයි. ජයග‍්‍රහණය සදහා ලකුණු 158ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි St Kitts and Nevis Patriots කණ්ඩායමට සියලු දෙනා ලබා ගත හැකි වුයේ ලකුනු 116ක් පමණි. එහිදී එවින් ලුවිස් පන්දු 17ක් තුළ දී වෙගවත් ලකුණු 40ක් රැස් කිරීමට සමත් වුනා.




This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

හයේ 03යි ලකුණු 69යි..සංගාගේ සුපිරි ඉනිම ජැමෙයිකාවට යළි ජය ගෙනෙයි (VIDEO)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×