Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

රට ගිණි තියන්නට GMOA හිඟමනේ.


මේ වන විට වෛද්‍ය සංගමය නැවතත් සයිටම් විරෝධී වර්ජනයකට සැරසෙයි. 

රෝගී ජීවීත බිල්ලට තබමින් තමන් හා වර්ජනය කරන්නට නොයෙක් වෘත්තිය සමිති, සංගම්වල සහාය හිඟාකමින් සිටී. 

වෛද්‍ය සංගමයට මෙවර නම් කාගේවත් සහායක් ලැඛෙන බවක් පෙනෙන්ට නැත. 

4 වැනිදා කිසිඳු වර්ජනයකට එක් නොවන බව බහුතරයක් වූ වෘත්තිය සමිති, සංගම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. 

අවුලක් ඇති බව කියා රට අවුල් කරන්නට වෛද්‍යවරු සැරසුනත් සයිටම් පිළිබඳ රජය බොහෝ මධ්‍යස්ථ ලෙස කටයුතු කරමින් සිටින බව මේ වන විට රටම දන්නා කරුණකි.   ඒ පිළබඳ කරුණු ඉදිරිපත් කර තිබේ. 

කරුණුු මෙසේ තිබියදීත් වෛද්‍ය සංගමය වර්ජනයට සැරසෙන්නේ තමන්ට නැති බලයක් රටට පෙන්වීමට මිස වෙනත් හේතුවකින් නම් නොවන බව පැහැදිලි වේ. මීට පෙරත් බොරු බිල්ලන් පෙන්වා වර්ජන කලත් වෛද්‍ය සංගමය රටට ලබා දුන් දෙයක් නම් නැත.  

රටේ වැදගත් වෘත්තීය සංගමයක් නම් කටයුතු කල යුත්තේද එහි ගරුත්වය රැකෙන පරිදිය. 

නමුත් වෛද්‍ය සංගමයට උසස් අධ්‍යාපනය හෝ වෛද්‍ය අධ්‍යාපනය හෝ රජයේ ප්‍රතිපත්ති සැකසීම වෙනුවෙන් හෝ නීතීමය බලයක් හෝ අයිතියක් කිසිසේත්ම නැත. 

වෛද්‍ය සභාවටත්, රජයටත් පමණක් ඒ පිලබඳ තීන්දු තීරණ ගැනීමේ අයිතිය තිබියදී තමන්ගේ තරම නොදැන අවශ්‍ය දේටත් අනවශ්‍ය දේටත් වෘත්තීය බලය පෙන්වා අසරණ මිනිස් ජීවිත වලපල්ලට යවන්නට මේ වෙදුන් සැරසෙන්නේ සමස්ථ වෛද්‍ය ක්ෂේත්‍රයටම නිගා කරමිනි. 

රට හමුවේ මහා ගැටළුවක් ලෙස සයිටම් පෙන්වන කොයි දොස්තරත් හවසට චැනල් සේවයට යන්නේ ජනතා සේවයටද? ගිනි ගනන් වූ ඛෙහෙත් වල මිල රජය අඩු කලත් චැනල් බිල අඩු කරනනට කියා වෛද්‍ය සංගමය මහා වැඩ වර්ජන කලාද? දේශපාලන පඹයින්ගේ පදයට නටමින් උදේට ස්ට්‍රයික් කර හවසට චැනල් වලට යන මේ හොර දොස්තර නඩයද දොස්තර පට්ටම ගත්තේ අද උන් බිල්ලට දෙන අසරණ මිනිසුන්ගේම මුදලින් බව අමතකව ඇති බවක් පෙනේ. 

දේශපාලනය කරන එක ඒ අයට තබා තමන් දන්නා දේ හරියට කරනවා නම් වර්ජන කරන්නට සහාය හිඟා කමින් රට වටේ යන්නට ඕනෑකමක් නැත.



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

රට ගිණි තියන්නට GMOA හිඟමනේ.

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×