Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

සෞඛ්‍යඅමාත්‍යවරයා CID යෙන් චරිත ඝාතන පිළිබද පරික්ෂණයක් ඉල්ලයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවෙි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ විවිධ සංගම් මගින් නිකුත් කරන ව්‍යාජ මාධ්‍ය නිවේදන රජයේ මාධ්‍ය ආයතන ද කිසිදු විමසීමකින් තොරව පළ කරන බවයි.

එම ව්‍යාජ නිවේදන පිටුපස සිටින්නේ ඖෂධ සමාගමක් බවත් එය මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ සොරකම් කර අසරණ රෝගීන් මරා දැමු ඖෂධ සමාගමක්බවත් සේනාරත්න මහතා පැවසීය.

'එම සමාගම පිළිකා ඖෂධ තමයි ආනයනය කළේ. පොලීසිය විසින් එම සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත මාස 06 ක කාලයක් රිමාන්ඩ්භාරයට පත් කළා. පසුව එම පුද්ගලයා තවත් පිළිකා ඖෂධයක් ලියාපදිංචි කර ගැනීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයදුම්පතක් ඉදිරිපත් කොට බලපත්‍රයක් ලබාගත්තා. මට විවිධ පැමිණිලි ලැබුනා. විෂමාචාර චෝදනා ලැබූ සමාගම වෙනත් නමකින් පිළිකා ඖෂධ ගෙන්වීමට සුදානම් වෙනවා කියලා. පිළිකා ඖෂධ රුපියල් මිලියන 170 කට වඩා වැඩි මුදලක් යොදවා ගෙන්වන්න හැදුවා. මම එය නතර කිරීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලාභයක් ලැබුනා. එවැනි වංචාවක් සිදුවන බව මට දැනුම් දුන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවයි. එහි කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම්. රූමි මහතා මුස්ලිම් ජාතිකයෙක් වුනාට ව්‍යාපාරිකයෙක් නොවෙයි.'

[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=k2MGCpFi3uo&feature=youtu.be--[/youtube]



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

සෞඛ්‍යඅමාත්‍යවරයා CID යෙන් චරිත ඝාතන පිළිබද පරික්ෂණයක් ඉල්ලයි

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×