Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ධීවර කටයුතු සංවර්ධනයෙන් 2030 දී ඇ.ඩො බිලියන 05ක ඉලක්කයක්!

එසේම අමාත්‍යවරයා පවසන්නේ ‘අපනයනය කරනු ලබන අප රටේ මත්ස්‍ය සම්පත සඳහා ලෝක වෙළඳපොලේ පවතින ඉල්ලුමට සරිලන සැපයීම තවමත් අපට කළ හැකි වී නැහැ. එම නිසා දැනට ගෙන තිබෙන පියවර අනුව, 2020 වන විට මත්ස්‍ය නිෂ්පාදනය 100%කින් ඉහළ නැංවිය හැකි යයි විශ්වාසයක් අප තුළ තිබෙනවා.

ඒ වගේම තවත් සමහරු ජලජ සම්පත් නෙලා ගැනීමේ දී විවිධ නීති විරෝධී ක්‍රම භාවිතා කරනවා. එම නිසා අන්තර් ජාතික ප්‍රජාවට අනුව අප මෙම සම්පත් සංරක්ෂණය හා කලමනාකරණය පිළිබඳව සහතිකයක් දිය යුතුයි. විශේෂයෙන්ම ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ දී මෙම ගැටළුව විශේෂයෙන් බලපානවා. ' යනුවෙනි.

තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Somkid Jatusripitak මහතා 2016 ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ කරන ලද ආරාධනයක් අනුව, ශ්‍රී ලංකා රජයේ අමාත්‍යවරු තිදෙනෙක් මේ දිනවල තායිලන්තයේ නිල සංචාරයක යෙදී සිටිති. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන අමාත්‍යවරු මෙම සංචාරයට සහභාගි වී සිටිති.



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

ධීවර කටයුතු සංවර්ධනයෙන් 2030 දී ඇ.ඩො බිලියන 05ක ඉලක්කයක්!

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×