Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

බොලිවුඩ් ගායිකා කනිකා කපූර්ටත් කොරෝනා...! / කොරෝනා නිසා ඉතාලියේ පමණක් 4000 ට අධික පිරිසකට ජීවිතය අහිමි වෙයි - වෛද්‍යවරුන් 17 දෙනෙකුත් ඒ අතර

බොලිවුඩ් ගායිකා කනිකා කපූර්ටත් කොරෝනා...!
බොලිවුඩ් ගායිකා කනිකා කපූර්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ සිදුකළ සංචාරයකින් අනතුරුව ඇය යළි ඉන්දියාවට පැමිණ ඇති අතර පසුව ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මතුවූ සැකය මත සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදී ඒ් බව අනාවරණය වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

41 හැවිරිදි කනිකා කපූර් තම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සිය සමාජ ජාල ගිණුම් ඔස්සේ මෙලෙස සටහනක් ද තබා තිබුණා.

කොරෝනා නිසා ඉතාලියේ පමණක් 4000 ට අධික පිරිසකට ජීවිතය අහිමි වෙයි - වෛද්‍යවරුන් 17 දෙනෙකුත් ඒ අතර
ලොව පුරා පැතිරයන කොරෝනා වෛරසය නිසා මේ වනවිට ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 11,383 ක් වන අතර ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ 75,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අතුරින්  වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 4,032ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

loaading...
එසේම ගත වු පැය 24ක කාලය තුළ පමණක් ඉතාලියෙන් මරණ 627ක් වාර්තා වී ඇති අතර කොරෝනා වෛරසය හේතුවෙන්  එක්දිනක් තුළ සිදුවු වැඩිම මරණ සංඛ්‍යාව එය වනවා.

තවද ඉතාලියේ මියගිය පිරිස අතර වෛද්‍යවරුන් 17 දෙනෙකු ද වන බවත්, එරට සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට අයත් පුද්ගලයින් 3,654 දෙනෙකු මේ වන විට කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බවත්  විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මේ අතර කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත බවට මෙරටින් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව ඊයේ රාති‍්‍රය වනවිට 72 ක් දක්වා ඉහළ ගියා.  ඒ, ඊයේ රාති‍්‍රයේදී වෛරසය ආසාදිත තවත් රෝගීන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

ඒ අනුව ඊයේ දිනය තුලදී පමණක් මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 13 ක් වන අතර හඳුනාගෙන ඇති රෝගීන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

Enter your email address:


Delivered by FeedBurner

View my Flipboard Magazine.

View the original article here


This post first appeared on Free Stuff And Learning Multiple Intelligence, please read the originial post: here

Share the post

බොලිවුඩ් ගායිකා කනිකා කපූර්ටත් කොරෝනා...! / කොරෝනා නිසා ඉතාලියේ පමණක් 4000 ට අධික පිරිසකට ජීවිතය අහිමි වෙයි - වෛද්‍යවරුන් 17 දෙනෙකුත් ඒ අතර

×

Subscribe to Free Stuff And Learning Multiple Intelligence

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×