Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

Developer Option : Everything You Need To Know

Developer Option වල ඔයා දැනගත යුතුම දේවල් 11. (Hidden Menu)


Developer Option වල ඔයා දැනගත යුතුම දේවල් ගැන තමයි මේ කතා කරන්න යන්නෙ.

මොකක්ද මේ Developer Option?

  Android Phone වලට ආපු රහස් යෙදුමක් තමයි Developer Option කියන්නෙ. මේක Phone එකේ සාමාන්‍යයෙන් පෙන්වන්නෙ නෑ. මේකෙන් Phone එකේ ඇප්ස් Develop කිරීම සහ Debugging කිරීම තමයි කරන්නෙ මෙහෙම කිව්වට නොතේරෙන්න පුලුවන් හැබැයි මේකෙන් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන වැඩ තියෙනවා. ඒකයි මේ පෝස්ට් එක දාන්න හිතුවෙ.

මේක Enable කරගන්නෙ කොහොමද?


මේක සාමාන්‍යයෙන් සෙටිංස් වල පෙන්නන්නැ කියල දැන් දන්නවනෙ. හැබැයි මේක අපිට Enable කරන්න පුලුවන්. ඒකට

Settings වලට ගිහින් පහලම තියෙන About Device යන්න. ඒකෙ තියෙන Build Number කියන එක 5 වතාවක් හෝ 8 වතාවක් ටච් කරන්න නොනවත්වාම. එතකොට පහලින් පොඩියට එයි මැසේජ් එකක් You Are Now Developer කියලා. 






හරි දැන් Developer Option වලින් අපිට ප්‍රයෝජනවත්වෙන්නේ මොනාද?

මේකෙ ප්‍රයෝජන ගොඩක් තියෙනවා ඒකෙන් අපිට ඒ කියන්නෙ Users ලට වැදගත් දේවල් ගැන තමා මම කියලා දෙන්නේ එහෙනම් බලන්නකො.... 







#1 Stay Awake 

මේ Option එකෙන් පුලුවන් පෝන් එක චාර්ජ් කරන්න දැම්මම පෝන් එකේ ස්ක්‍රීන් එක ඕෆ් නොවී තියාගන්න. ගොඩක් වෙලාවට අපේ අය ගේම්ස්, ෆිල්ම්ස් වගේ දෙවල් ඩවුන්ලෝඩ් කරන්නෙ පෝන් එක චාර්ජ් එකට දාලා ඉතින් අරක ඩවුන්ලෝඩ් කරනකම් ස්ක්‍රීන් එක ඕෆ් වෙයි කියලා භය වෙන්න ඕන නැ මේ Option එකට ටික් එකක් දැම්මනම්.

#2 USB Debugging

ඕක තමා අපේ ගොඩක් දෙනා දන්න පෝන් එකේ Developer Menu එකේ ඔප්ෂන් එක. මේකෙන් කරන්නෙ පෝන් එක USB මගින් පරිගණකය සමග ADB ( Android Developer Bridge ) හරහා දත්ත සන්නිවේදනය කිරීම.
    තේරුන්නැත්තන් මෙහෙම කියන්නම් ඔයාලගෙ පෝන් එක පරිගණකය මගින් Root කරන්න මේ ඔප්ෂන් එක ඕනෙ. පරිගණකය මගින් ඇප්ස් ඉන්ස්ටෝල් කරන්නත් මේ ඔප්ෂන් එක ඕනෙ..දැන් පොඩි අදහසක් එන්නැති නේද ඔලුවට.

#4 Revoke USB Debugging Authorizations

ඔයා පෝන් එක පරිගණකයට සම්බන්ධ කරලා Debugging එක්ක වැඩ කරද්දි ( මං අර කියපුව ) ඔයාගෙ පෝන් එක අවසර ඉල්ලනවා ඒ වැඩේ පරිගණකයට කරන්න දෙන්න. මේක Accept කරාට පස්සෙ වැඩේ කරා කියමුකො පස්සෙ වෙලාවක ආපහු සම්බන්ධ කරාම පරිගණකයට සමහරවිට මේ Debugging එක්ක වැඩ කරන්න බැරිවෙනව. ඒ කියන්නෙ පරිගණකය හරියට පෝන් එකත් එක්ක සම්බන්ධ නැති වෙන්න පුලුවන්. එතකොට මේ Option එකෙන් අර අපි දිපු අවසර ටික නැති වෙනව. ආපහු සැරයක් අවසර ඉල්ලනව එතකොට...එතකොට ආපහු Accept කරලා වැඩ කරන්න පුලුවන්.

#3  Desktop Backup Password

මේකෙන් පුලුවන් අපේ දුරකතනය කම්පියුටර් එකකට USB මගින් සම්බන්ධ කරලා ADB මගින් ( කලින් කිව්ව වගේ ) පෝන් එක බැකප් කරන්න.   [ නැවත භාවිතයට ගත හැකි පරිදි පෝන් එකේ සියලුම ඩේටා  ( ඇප්ස්, ගේම්ස් සිංදු, ෆයිල් හැමදේම) සේව් කිරීම ] 
     හැබැයි මේකෙදි ඔයාලට ඒ බැකප් එකට පාස්වර්ඩ් එකක් දාගන්න පුලුවන් එතකොට Restore කරන්න නම් ඒ පාස්වර්ඩ් එක ඕනෙ.

#4 Allow Mock Location /  Select Mock Location App

මේක හොර වැඩවලට රුකුල් දෙන ඔප්ෂන් එකක්. මේකෙන් වෙන්නෙ අපි ඉන්න තැන පෙන්නනවනෙ...ඒක වෙනස් කරන්න එතකොට මේකෙන් වෙන්නෙ අපි ඉන්න තැන බොරුවක් පෙන්නන එක...ඒක කරන්න මේ ඔප්ෂන් එක විතරක් නෙමෙයි ඒකට ඇප් එකකුත් ඕනෙ.
    සමහර පෝන් වල මේ ඔප්ෂන් එක Select Mock Location App කියලා ඒකෙන් පුලුවන් මේ හොර වැඩේට ඇප්ස් තෝරගන්න...

#5 Verify Apps Over USB 

අපි පරිගණකයෙන් ඉන්ස්ටෝල් කරන ඇප්ස් වල සමහර විට මැල්වෙයා අඩංගු වෙන්න පුලුවන් මේ ඔප්ෂන් එකෙන් ඒ ඇප්ස් ආරක්ෂිතද යන්න ගූගල් මගින් පරික්ෂා කෙරෙනවා...

#6 Show Touches 

අපි පෝන් එක ටච් කරන තැන සුදු පාටට රවුම් වෙනවා මේ ඔපෂන් එකෙන්. ඒක Screen Recording වලට ප්‍රයෝජනවත්. 

#7 Force GPU Rendering 

මේකෙන් වෙන්නෙ ඔයාගෙ පෝන් එකේ 3D Rendering 2D Rendering බවට පත් කිරීම මේ ඔප්ෂන් එකෙන් ගේම්ස් ස්පීජ් කරගන්න පුලුවන්. හැබැයි සමහර ගේම්ස් වැඩ නොකරන්නත් පුලුවන්..එහෙම වුනොත් මේකට දාන ටික් එක අයින් කරල ප්ලේ කරන්න.

#8 Force 4x MSAA

මේකෙන්  MSAA ( Multi Tasking Anti Aliasing ) බලෙන් ක්‍රියා කරවනවා. එතකොට අපිට පුලුවන් අපේ ගේම්ස් වල Graphics Quality එක වැඩි කරගන්න. හැබැයි Low Ending ( ගුණාත්මකභාවයෙන් අඩු ) පෝන් වලදි නම් ගේම් හිරවෙයි.

#9 Dont Keep Activities 

ඔයා ඇප් එකක් ඕපන් කරලා ඒක බැක් කරලා Close කලොත් ඇත්තටම ඒ ඇප් එක Close වෙන්නැ. Recent බටන් එක ඔබලා ආපහු ඇප් එකේ තිබුන වැඩ එතන ඉදලා කරන්න පුලුවන් නේද මේකට කියන්නෙ ඇප්ස් බැක්ග්‍රවුන්ඩ් වැඩ කරනවා කියලා( Apps Runing in Background )....මේ ඔප්ෂන් එක ටික් කරාම ඒක වෙන්නැ අපි ඇප් එකක් බැක් කරල ක්ලෝස් කරාම ඒ ඇප් එක සම්පූර්ණයෙන්ම ක්ලෝස් වෙනවා. ආයෙ Recent Button ඔබ ඔබ ඇප් ක්ලෝස් කරන්න ඔන නෑ. හැබැයි ඔයා වැඩ කරන ඇප් එකේ අදාල වැඩ කොටස ඉවර කරගෙන හෝ අදාල වැඩ කොටස සේව් කරගන්න නැත්තන් ඇප් එක ක්ලෝස් වුනාම සේව් නොවුනු ඒවා අයින් වෙනවා.

#10 Window Animation Scale

අපි ඇප් එකක් ඔන් කරන්න ගන්න කාලය පාලනය කරන්න මේකෙන් පුලුවන් මේක ටච් කරලා එන මෙනු එකෙන් අඩු අගයක් තේරුවාම ඇප්ස් ඉක්මනින් ඕපන් වෙනවා මේක‍ෙ සාමාන්‍යය අගය 1. ( පෝන් එන ස්පීඩ් කරගන්න මේක 100% උපකාරි වෙනවා )

#11 Transition Animation Scale

මේකෙනුත් වෙන්නෙ අරකම තමා මේකෙත් සාමාන්‍යය අගය 1 අගය අඩු කරලා ස්පීඩ් කරගන්න පුලුවන්..

ඉතින් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් නේද මේ Developer Option එක. ඉතින් මේ දේවල් කරලා පෝන් එක ස්පීඩ් කරගන්න සහ ගොඩක් වැඩ ගන්න පුලුවන්. පෝස්ට් එක වැදගත් වුනානනම් පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා..

Posted By
DanuX


This post first appeared on DanuX Android AGT, please read the originial post: here

Share the post

Developer Option : Everything You Need To Know

×

Subscribe to Danux Android Agt

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×