Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

Micro SD Card: How to Pick Good One (සිංහලෙන්)


හොඳ වර්ගයේ Micro SD Card එකක් තෝරගමු 


Blog එකේ Android Tech කැලි මදි නිසා තව එකක් ගෙනාවා මේ ලිපියෙන් කතා කරන්නෙ කොහොමද උසස් වර්ගයේ SD Card එකක් තොරගන්නෙ/මිලදී ගන්නෙ කියලා..ඉස්සෙල්ලා SD Card ගැන හැදින්වීමක් ගමු


SD/MicroSD Card කියන්නෙ මොකක්ද?



SD Card කියන එකේ තේරුම Secure Digital Card කියන එක. Phone එකේ Memory ය මදි වුනාම හෝ Camera, DVD වැනි උපාංග සඳහා  අපි SD/Micro SD Card භාවිතා කරනවා. SD Card MicroSD Card එකට වඩා විශාලයි. අපි අපේ Phone වලට දාන්නෙ මෙන්න මේ MicroSD Card එක.
       කොහොම වුනත් මම කතා කරන්නෙ MicroSd ගැන මෙම SD Card ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි

1. SDHC - Secure Digital High Capacity
2. SDXC - Secure Digital Extended Capacity

මේ දෙක ගැන කතා කරොත් SDHC වල 32GB තමා උපරිම Store (තැන්පත්) කරලා තියාගන්න පුලුවන් නමුත් SDXC වලදී පුලුවන් 64GB වඩා රඳවා තබාගන්න Low End Devices (ගුණාත්මකභාවයෙන් අඩු) Phones SDXC සහාය දක්වන්නැ (Not Supported!!). ඒක ඔයාගෙ Phone Manual එකේ සදහන් වෙල‍ා ඇති නැත්තන් GSM Arena වගේ වෙබ් සයිට් එකකින් ඒක බලාගන්න පුලුවන්.
                      ගොඩක් SDXC වර්ගයෙ Micro SD Cards 128GB වෙනකම් තියෙනවා හැබැයි 2015 වර්ෂයේ දී Sandisk සමාගම ප්‍රථම 200GB 😍😍 SDXC Card හදුන්වා දුන්නා. දැන් නම් ඉතින් 256GB පවා තියෙනවා. 😎



දැන් බලමු MicroSD Card වල විස්තර...

01 රූපය


මොකක්ද මේ ස්පීඩ් ක්ලාස් (Speed Class) කියන්න‍ේ?


ගොඩක් අය මේ කතාව දන්නවත් ඇති 😕 MicroSD Card වල ස්පීඩ් ක්ලාස් එක කියන්නේ ඩේටා ලිවීමේ කියවීමේ අවම වේගය (Minimum of Data Writting & Transfer Speed) ඒවා SDXC වුනත් SDHC වුනත් පොදුයි. ස්පීඩ් ක්ලාස් 2,4,6,8,10 විදියට තියෙනවා.

SDHC and SDXC speed classes

CLASS : MINIMUM SPEED

  2               2 MB/s
  4               4 MB/s
  6               6 MB/s
  8               8 MB/s
 10            10 MB/s

MicroSD Card වල UHS කියන්නෙ මොකක්ද?


2009 ඉදන් තමයි මේ UHS කියන එක ආවේ. ඒ UHS-1 හා UHS-3 විදියට. මේකත් ස්පීඩ් එක පෙන්නන ක්ලාස් එකක් මේකෙදි පුලුවන් 312MB/s වේගයකින් දත්ත හුවමාරු කරන්න. හැබැයි තවමත් Mobile Phone UHS සහාය දක්වන්නේ නෑ. ඒ නිසා UHS වලින් ලොකු බලපෑමක් නෑ Phone වලට. කොහොම වුනත් UHS Standerd එකයි Speed Class එකයි දෙකම MicroSD Card එකේ මුහුණ‍තේ සදහන් වෙලා තියෙනවා. (01රූපය බලන්න)

UHS Speed Classes

Class : Minimum Speed (අවම වේගය)

   1     -     10MB/s

   3     -     30MB/s



කොහොම වුනත් UHS/Speed Class අමතරව වේගය තීරණය කරන තවත් සාධකයක් තමයි SD Card එකේ ගුණාත්මකභාවය Sandisk තමා මම දන්න තරමාන් හොදම වර්ගය ඒකෙත් මිලෙන් වැඩි හොඳ MicroSD Card තියෙනවා.

හොද MicroSD Card එකක් මගින් අපේ Phone එක Speed වෙනවද?


       ඔව් මොකද Photos, Videos, Files වගෙං එ්වා අපිට වේගයෙන් තැන්පත් කරන්නත් ඒවා හුවමාරු කරන්නත් හොඳ MicroSD Card එකක් ඕන නෙ. ඒ නිසා හොඳ SDCard එකකින් ඒ දේ හොදින් සිදුවන නිසා Phone එකට පහසුවක් ඒ නිසා යම් දුරකට Phone Speedup වෙනවා.

දැන් ඔයාලට අවබෝධයක් ලැබෙන්නැති කොහොමද උසස් තත්ත්වයේ MicroSD Card එකක් මිලදි ගන්නෙ කියලා..පෝස්ට් එක හොදයිනම් ගැටලු තියෙනවනම් පහළින් කමෙන්ට් එකක් දාගෙන යන්න..තව ඔයාලගෙ Phone එකේ පහළින් Share Buttons ටිකක් මං එකතු කරල තියෙනවා කැමතිනම් Facebook, Twitter Share කරන්නත් මේ ලිපිය යාලුවෙක්ට කියවන්න Messenger වලින් යවන්නත් පුලුවන්..

Posted By
DamuX




This post first appeared on DanuX Android AGT, please read the originial post: here

Share the post

Micro SD Card: How to Pick Good One (සිංහලෙන්)

×

Subscribe to Danux Android Agt

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×