Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

Mobile Phone's Malwares (Sinhala)


ෆෝන් වලට Malwares බලපානවද? එහෙනම් ඒ මොනාද?




ගොඩක් අය කියන්නෙ මේවට Virus කියලා හැබැයි කුලකයක් වශයෙන් ගත්තොත්. වයිරස් නෙමෙයි මේකෙ ප්‍රධාන කුලකය... ප්‍රධාන කුලකය තමයි මැල්වෙයා (Malware) මේකෙ උප කුලක තමයි ඔය කියන වයිරස්, ඇඩ්වෙයා, වර්ම්ස්, ස්පයිවෙයා, කි ලොගර්, ඩයලර්,... කියන ඒවා.

මැල්වෙයා එකක් කියන්නේ සරලව පරිගණකයකට හෝ වේවා ජංගම දුරකතනයකට හෝ වේවා අනිසි බලපාන්න පුලුවන් අනවශ්‍යය මෘදුකාංගයක්.

පරිගණකයට නම් මේවා බලපානවනෙ ඒක හැමෝම දන්නවා ඒත් ෆෝන් වලට මේවා බලපාන්නැ කියල ගොඩක් අයගෙ මතයක් තියෙනවා. ඒක වැරදි. අත්දැකිමෙන් වුනත් මාත් ඒ වගේ කරදර වලට මුහුණ දිල තියෙනවා. ගොඩක් වෙලාවට  අපේ අය දකින්නෙ ඇඩ්වෙයා විතරයි.. එහෙම නැත්තන් Ads කිව්වම තේරෙයි... ඇප් එකක් Open කරාම ඩේටා ඔන් කරගෙන එක එක වර්ගයේ ඇඩ්ස් එනවා අරක ගන්න කියයි මේක ගන්න කියයි කරදර ගොඩයි. ඉතින් මේක විතරද Malware එකකට තියෙන්නෙ.

ප්‍රධාන වශයෙන් අපේ අයට පැහැදිලිව අත්විදින්න වෙන්නෙ මේ කරදරේට වුනාට ඔයාගෙ ෆෝන් එක එකපාරටම Slow වෙනවද, එකපාරට soft reboot (ඉබේ restart) වෙනවද? නිකන්ම ඇප් ඉන්ස්ටෝල් වෙනවද? හිතාගන්න බැරි විදියට ඇප්ස් හිරවෙනවද? ඔන් වෙන්න වෙලා ගන්නවද? කවුරුහරි ඔයා‍ගෙ gmail එකට ඇතුල්වෙනවද? එහෙනම් ඔයා හිතනවද adware විතරයි තියෙන්නෙ වයිරස්, Spyware, dialor නැ කියලා?


දුරකතතන වලට  බලපාන මැල්වෙයා කිහිපයක්..


#1 Ransomeware


අපේ ෆෝන් එක වෙන කෙනෙක අත්පත් කරගැනිකම් තමයි මේකෙදි වෙන්නෙ. ඒ පුද්ගලයා අල්ලපු ගෙදර කෙනෙක් වෙන්නත් පුලුවන් නැත්තන් ඇමෙරිකාවෙ කෙනෙක් වෙන්නත් පුලුවන්. මේකෙදි ෆෝන් එක ලොක් කිරිමක් තමයි ඒ පුද්ගලයා කරන්නෙ ආපහු තමන්ගෙ දුරකතනය ලබාගන්න නම් ඔහුට credit card මගින් ගෙවන්න සිදුවෙනවා.

#2 අනුදැනුමකින් තොරව ඇප්ස් ඉන්ස්ටෝල් වීම.




අපි නොදැනුවත්වම විවිධාකාරයේ ඇප්ස් ඉන්ස්ටෝල් වීම තමයි මේකෙදි වෙන්නෙ. ගොඩක් වෙලාවට මේ ඉන්ස්ටෝල් වෙන ඇප්ස් පවා හානිකර ඒවා.

#3 ෆෝන් එක ඉබේ ඔෆ් විම.


අපි ෆෝන් එකේ වැඩ කර කර ඉන්න ගමන් එකපාරටම ඕෆ් වෙනවනම් ඒක මැල්වෙයා එකක බලපැමක්.

#4 Installer Hijacking 


Play store නොවන alternative market වලින් ගන්න ඇප් අපේ ෆෝන් එකේ ඉබේ ඉන්ස්ටෝල් වෙනවා permission වුනත් ඉබේම දෙනවා. මේවා ඔපන් කරාම විවිධාකාරයෙ වෙබ් අඩවි වලට යොමු කරනවා. ඒ මගින් පුලුවන් ෆෝන් එකේ තියෙන ඩේටා අරගන්න ඒවා කියවන්න ඒ වගේම අහිතකර ඇප්ස් ඉන්ස්ටෝල් කරන්න පවා පුලුවන්.

#5 keylogging 


නොදන්න වෙබ් සයිට් වලට ගිහින් අපේ ඉ මේල් පාස්වර්ඩ් එහෙම ටයිප් කරන්න කියනව මොකක්හරි වැඩකට හිතන්න coc ගේම් එකේ gem ගන්න කියල සයිට් එකක් තියෙනවා ඒකට ගියාම අපිට කියනවා තමන්ගෙ ඉ මේල් එකයි පාස්ව්ර්ඩ් එකයි දෙන්න කියලා gem ලබාදෙන්න මේක වෙන්නැති දෙයක්. මේකෙන් වෙන්නෙ තමන්ගෙ ඉ මේල් එකයි පාස්වර්ඩ් එකයි වෙන කෙනෙක්ට යවන එක. ඒකදි ඒ කෙනාට පුලුවන් අපේ ඉ මේල් එකට ඇතුල් වෙන්න. හරි ආරක්ෂාවක් තියෙනවනම් ඉතින් ඒක අමාරුයි නමුත් අවාසනාවකට අපේ ගොඩක් අය නොදැනුවත්වම මේවට අහුවෙනවා. ඒකනෙ තාමත් group/page වල coc hack කරන විදිය අහන්නෙ.

මේ වගේ තව ගොඩක් ඒව තියෙනව බලන්නකො

Accutrack :-ෆෝන් එක gpa tracker එකක් බවට පත්කරයි

Ackposts :- ෆෝන් එකේ contact information සොරාගෙන යන කෙනෙක් වෙත යවයි.

Acnetdoor :- තමන්ගෙ ip address එක සොරාගෙන වෙන කෙනෙක් වෙත යවයි.

Aurpush :- නිතර නිතර ads පෙන්වයි.

Anserver :- පොෟදගලික තොරතුරු සොරාගනි.

Av pass :- secirity patch කර දුරකතනයට හානි කරයි.

Back Falsh/crosate :- ෆෝන් එකේ පොෟද්ගලික දත්ත වලට හානි කරයි.

තව ගොඩක් තියෙනවා 😐😐 නම් විතරක් කියන්නම්.

Biige
Booster
Boxer
Cajino
Carberp
Cawitt
Cellspy
Chulli
Code4hk/xRat
Coogos
Copycat
Cosha
Counterclank
Crusewind
Dogowar
Dougalek
DroidDeluxe
DroidDream
DroidDream Light
DroidJack
Droidkungfu
DroidSheep
DsEncrypt
Extension/Monad
FaceNiff
FakeAngry
FakeApp.AL
FakeAV
FakeBank
FakeDaum
FakeDefender
FakeDoc
FakeFlash
FakeInst
FakeJobOffer
FakeMarket
FakeMart
FakeNefix
FakeNotify...තව 100 විතර තියෙනව 😖😖😓

මෙහෙම මැල්වෙයා එකක් අාවොත් හදුනගන්නෙ,ආරක්ෂා වෙන්නෙ?



අපේ ෆෝන් එක කලින් කිව්ව වගේ slow නම් නොදන්න ඇප්ස් ඉබේ ඉන්ස්ටෝල් වෙලා නම් අනවශ්‍ය විදියට ඩේටා කැපෙනවනම්
අනවශ්‍ය ෆයිල් ඇවිත් sd එක පිරිල නම්
තමන්ගෙ ඉ මේල් එකට වෙන කෙනෙක් ඇතුල් වෙනවනම්.

එතනදි ඔ‍යා/ෆෝන් එක අනතුරෙ.

කොහොමද මේවගෙන් බේරෙන්නෙ..

#1 internet secuirity ඇප් එකක් ඉන්ස්ටෝල් කිරිම.


මේ ගැන වැඩි දෙයක් කියන්න ඔන නැ ගොඩක් අය දන්නවා ඉන්ටර්නෙට් සිකියුරිටි එකක් කරන්නෙ මොකක්ද කියලා..මේකට Avast තමා හොදම. ෆෝන් එක high end නම් kaspersky දාගත්තට වරදක් නැ

Avast Download

Kaspersky Download

#2 නොදන්න වෙබ් අඩවි වලින් ඉවත් විම.

අපි දන්නෙ නැති වෙබ් සයිට් වලින් ඇත් වෙන්න ඔන එතනදි අපේ web browser එන අපිට අනතුරු අගවනව නම් යන්න එපා කියල ඒ සයිට් එකට නොයා ඉන්න.

#3 නොදන්න ඇප්ස් ඉන්ස්ටෝල් නොකිරිම.

දන්නැති playstore වලත් නැති ඇප්ස් ගන්නවනම් ප්‍රවේසමෙන්.

#4 gmail / facebook secuirity settings සැකසිම.

තමන්ගෙ ගිණුම්වල ආරක්ෂාව ගැන තමන්ට සැහිමකට පත් වෙනකම් ඒකෙ secuirity settigs හොදින් සකසල තියාගන්න.

#4 cleaner එකක් භාවිතා කිරිම.


Junks, caches වගේ අනවශ්‍ය ලෙස එකතුවෙන ඩේටා  අයින් කරල තියාගන්න ඒක sd card එක අනවශ්‍ය විදියට පිරෙන එක වලක්වගන්න පුලුවන්.

දැන් තේරුනානෙ මේවා බලපානවද, කොහොමද ගැලවෙන්නෙ කියලා..එහෙනම් තවත් ලිපියකින් එන්නම්. 🙋🙋


This post first appeared on DanuX Android AGT, please read the originial post: here

Share the post

Mobile Phone's Malwares (Sinhala)

×

Subscribe to Danux Android Agt

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×