Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

මානසිකව වැටෙන ක්‍රිකට් ක්‍රිඩකයන්ට දිලන්ත දුන්න හීන් ටොක්ක PHOTOS

ක්‍රීඩා තුරුවක් හැටියට දිලන්ත මාලගමුව ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ නොමැකෙන නමක් තැබු මෝටර් රථ ධාවන ශුරයෙක්.

තම පෞද්ගලික ධනයෙන් ධාවන පථය ජයගත් දිලන්තට රජයෙන් හෝ රටේ කිසිවෙකුගේන්හෝ අනුග්‍රහයක් නොලබා රටට මහා ගෞරවයක් එක්කල කාගේත් ආදරය දිනූ සින්දර ශ්‍රී ලාංකිකයෙක්.

දිලන්ත පසුගිය දිනෙක පෞද්ගලික රුපවාහීනි නාළිකාවක පැවැති සජීවි සංවාදයකට එක්වුනේ ඔහු මෙන්ම රටට ගෞ‍රවයක් ගෙනා ආසියානු කාය වර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් ඇතුලු පිරිසක් සමගයි.

එම වැඩසටහනේදී එය මෙහෙයවූ නිවේදකයා ඇසූ ප්‍රශ්ණයකට දිලන්ත දුන් පිළිතුරක් සමාජ ජාලා මාධ්‍ය දැඩිසේ කථා බහට ලක්කලා.

එහිදී දිලන්ත ප්‍රකාශ කලේ ‘ඇතැම් ක්‍රීඩාවන්හි ක්‍රීඩකයන් මානසිකව වැටෙනවා යැයි චෝදනා කරනවා නම් ඔවුන් රට නියෝජනය කිරීමට නුසුදුසු බවයි”
එසේ නම් මවුබිමෙන් කිසිදු අනුග්‍රහයක් නොලබා මවුබිමට විශාල ගෞරවයක් ගෙනා තමන්, ලූෂන් ඇතුලු ක්‍රීඩකයන් කොපමණ මානසිකව වැටිය යුතුදැයි ඔහු කියා සිටියා.

දිලන්ත : අපි යන්නේ ශ්‍රී ලාංකිකයෙක් විදියට ලූෂන් යන්නේත් ශ්‍රී ලාංකිකයෙක් විදියට මොකද අපි ලෝකෙ එක්ක තරග කරලා දින්නට පස්සේ ඔසවන්නේ ශ්‍රී ලංකා ජාතික කොඩිය, ගැයෙන්නේ ශ්‍රී ලංකා ජාතික ගීය. අපි තරග කරන්නේ අපේ රට වෙනුවෙන් ලෝකයේ ධණවත් රටවල ක්‍රීඩකයො එක්ක .
ඒ නිසා මේ ක්‍රීඩා ගැනත් බලන්න. මන් දැකලා තියෙනවා ක්‍රීඩකයො කියනවා මානසිකව වැටිලා කියලා, එහෙම නම් මම, මෙයා (ලූෂන්) කොහොම වැටෙන්න ඕනද? මන් කියන්නේ මානසිකව වැටිච්ච කෙනෙක් රට්ක් නියෝජනය කරන්න සුදුසු නෑ.

නිවේදකයා : ඔබ කියන්නේ විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන

දිලන්ත : මන් කියන්නේ හැම ක්‍රීඩාව ගැනම , මට ඇහිලා තියෙනවා ක්‍රීඩකයො මානසිකව වැටිලා කියනවා ඉතින් මානසිකව වැටිලා නම් කොහොමද රටක් නියෝජනය කරන්නේ මන් කියන්නේ මානසිකව වැටිලා නම් එයාව පැත්තකින් තියලා මානසිකව හොද තත්වයේ අයව ක්‍රීඩා කරවන්න මොකද එහෙම මානසිකව වැටෙනවා නම් මෙලහකට මම අංගොඩ, මෙයා (ලූෂන්) මුල්ලේරියාවේ ඉන්න ඕන ලෙසයි.

දිලන්ත මාලගමුවගේ මෙම ප්‍රකාශය කෝටී ගණනින් උපයා දිනෙන් දිනම පරාජයව මානසිකව වැටුනා යැයි නිදහසට කරුණු කියන ක්‍රිකට් ක්‍රිඩකයන්ට එල්ල කළ සිහින් ටොක්කක් දැයි කාටත් හැගීයන්නක්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

The post මානසිකව වැටෙන ක්‍රිකට් ක්‍රිඩකයන්ට දිලන්ත දුන්න හීන් ටොක්ක PHOTOS appeared first on CNEWS.LK News.



This post first appeared on C News, please read the originial post: here

Share the post

මානසිකව වැටෙන ක්‍රිකට් ක්‍රිඩකයන්ට දිලන්ත දුන්න හීන් ටොක්ක PHOTOS

×

Subscribe to C News

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×